“ක්‍රිකට් නව මගකට යොමුකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න අපි විද්වතුන්, ප්‍රවීණයන්, මාධ්‍යවේදීන් ආදී සියලු අංශ නියෝජනය කරමින් හිටපු සියලුම ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින්, සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් මාධ්‍යවේදීන්ට, ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරුන්ට, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයන් මෙන්ම දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන්ටත් අපි මෙයට ආරාධනා කරනවා”
“එහි දී අපි ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කර ප්‍රධාන මාතෘකා 10 ක් යටතේ සකස් කර විසඳුම් ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ අදහස් ලබාගන්නවා. මේ සම්බන්ධව සති දෙකක් පමණ ඇතුළත වාර්තාවක් සකස් කර ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා තැන් තැන්වල කතා කර පුද්ගලික අමනාපකම් මත හැම තැනම කතා කරන බව පේනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාර ගැන ක්‍රීඩකයින් පවා කණගාටුවෙන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ මේ තත්ත්වය සමනය කරගැනීමට අවස්ථාව දිය යුතුයි. මේ අය ජයග්‍රහණය කළ කණ්ඩායමක්. නැවත ජයග්‍රාහී මාවතට හරවන්න අපි කවුරුත් සහය දිය යුතුයි.”
“මම කියන්නේ අවසාන වගකීම එන්නේ ඇමතිවරයාට නිසා අපටත් තීන්දු තීරණ ගැනීමට අදහස් මාලාවක් ඉදිරිපත් කරන්න වෙනවා. සිදත් වෙත්තමුණි මහතා මේ ගැන කතා කර තිබුණා. අර්ජුන රණතුංග මහතා දිනුවත් පැරදුණත් කතා කරනවා. මේ ආරාධනා කරන්නේ අමාත්‍යාංශය නිසා අපි පවත්වන වැඩමුළුවට එන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා” යයි කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.