⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    hayyo salli. cricket nam cricket.
    nidi maragena match belilla ada indan nawattanawa .

    hemadama ada dinai ada dinai kiyala balan hitiya.
    RIP SL cricket
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද කොළඹ ඛෙත්තාරාම පිටියේ පැවැත්වෙන ඉන්දියා-ශ‍්‍රී ලංකා සිවුවන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටින්නේ ඉතා අඩු ප්‍රෙක්‍ෂක ප‍්‍රමාණයකි. මේ වන විට තරගාවලියේ සියළු තරග ශ‍්‍රී ලංකාව පරාජය වී සිටින අතර අතර අද තරගයේද ඉතා ඉහල ලකුණු ප‍්‍රමාණයක් ඉන්දියාව ලබා ගෙන සිටී. ලසිත් මාලිංග සිය එක්දින දිවියේ 300වන කඩුල්ල මෙම තරගයේදී වාර්තා කිරීම විශේෂයකි. ඉන්දියාව සිය පන්දුවාර 50හ අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 375ක් රැස් කළේය


    :P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kusal kohe balanda sellam karanne? :baffled: athata yana boletath duwala iwarai...

    අනේ මන්ද මෙන්ඩිස් ටෙස්ට් මැච් වලත් දුවන්න ගිහින් අවුට් වුනා :angry: හරකා වගේ ඔහේ දුවනවා :angry::angry: බෝලේ යන දිහා බලන්නේ නෑ ඌත් හරියන එකෙක් නෙමේ අංක 3 හොඳ බැටා ඉන්න ඕනා මෙන්ඩිස්ට අංක 3 වගකිම ගැන අවබෝධයක් නෑ :(:( තිරිමාන්න වන්ඩේ නො 03 ගහන්න ඕනා ටිම් එක ගොඩගන්න නම් :D:D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආත්ම විශ්වාසයෙන් යුතු ක්‍රීඩකයන්ට තරඟයක වැදගත් අදියරයන් ජයගෙන එමගින් අවසාන තරඟ ජයග්‍රහණයට මාවත පාදාගැනීමේ හැකියාව ඇති බවත්,ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සිය ජාතික කණ්ඩායම පසුපස සිටිමින් ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවිය යුත්තේ මෙවැනි අවස්ථාවක බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන තත්වය පිළිබඳ දීර්ඝ ලිපියක් ලියමින් ඒ මහතා මේ බව පැහැදිලි කරයි. කුමාරස්වාමි මහතා 1973-77 කාලය තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1972-77 සහ 1982-83 වසරවලදී ද්‍රවිඩ සංගම් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාවටත් දස්කම් පෑ අයෙකි.මේ එම ලිපියයි.
    "පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අතරතුරදී දක්නට ලැබුණු ප්‍රේක්ෂකයන්ගේ නොහික්මුණු හැසිරීම් වෙත ක්‍රීඩා ලෝලීන්ගේ, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ දැඩි අවධානය යොමුවන්නට ඇත. පසුගිය සතියේදී සිය මවු රටෙහි පැවති තරඟයකදී අපහාසයන්ට හා උසුළු විසුළුවලට ලක්වීමටත් පොලිස් මුරකාවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන යන තුරු ක්‍රීඩාගාරයේ රැඳී සිටීමටත් සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුහුණ දීමට සිදු වූ අතිශයින්ම අමිහිරි අත්දැකීම විය. ප්‍රේක්ෂකයන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් තරඟයක් අතරමග නවතාලීමට සිදුවීම ඊළඟ කණගාටුදායක අවස්ථාව විය. කෙසේ හෝ වාසනාවකට මෙන් අවසානයේ තරඟය නිමාකිරීමට කටයුතු සැලසුණි.
    සදාචාරාත්මක නොවන මෙබඳු ප්‍රේක්ෂක හැසිරීම් වෙනත් රටවලින් බොහෝ විට වාර්තා වී ඇත. සැබවින්ම, ඇතැම් රටවල ක්‍රිකට් ක්‍රීඩකයන් මීටත් වඩා දරුණු ගැහැටවලට ලක්වී ඇත. එහෙත්, එවැනි පහත් ක්‍රියාවන් අප රට තුළ මෙතෙක් කල් දක්නට නොලැබීම සුවිශේෂ කරුණකි. ජයග්‍රහණයන්හිදී මෙන්ම අභියෝගාත්මක කාලසීමාවන් හිදී ද ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් තම ජාතික කණ්ඩායම්වලට විශේෂයෙන් ක්‍රිකට් කණ්ඩායමට බෙහෙවින් පක්ෂපාතීව සහාය දක්වා ඇත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපගේ දේශයට ඉමහත් ගෞරවයක් අත්කර දුන් බව අප අමතක නොකළ යුතුය. දේශයේ අඳුරුතම සමයන්හිදී පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණයේ හා සාර්ථකත්වයේ පහන් ටැඹක් ලෙස වැජඹුණි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් තරඟ වදින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟාවලීන්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්පත් කරගත් වාර්තාවන් පසුකර යා හැකි වූයේ ඔස්ට්‍රේලියාවට පමණි.
    ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමද විශිෂ්ට තරඟකාරී බවකින් ක්‍රීඩාවේ නිරත වී ඇත. ක්‍රිකට් ලෝකය මුළුල්ලේම ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ගෞරවයට හා සැලකිල්ලට මෙන්ම භක්ත්‍යාදරයට ද ලක් වී ඇති බව අපි දනිමු. ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්කළ අතිවිශිෂ්ට සුවිශේෂී ක්‍රීඩකයන් රැසක්ද ශ්‍රී ලංකාවේ බිහි වී ඇත.
    ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා පිල ලැබූ සාර්ථකත්වය තව තවත් කැපී පෙනුණේ තම ජාතික කණ්ඩායමේ ජයග්‍රහණයන් ඉතා උද්යෝගයෙන් සමරමින් සහ පරාජයන් සම සිතින් දරා ගනිමින්ද විනයගරුක ආකල්පයකින් යුතුව සුවිශාල සහයෝගයක් දුන් අපේ ප්‍රේක්ෂක ජනතාව නිසාය.
    අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමුගැනීමෙන් පසුව අපේ තරුණ ජාතික කණ්ඩායම සංක්‍රාන්ති සමයක පසුවන මොහොතක ප්‍රේක්ෂකයන්ගේ එම සුපුරුදු උදාර හැසිරීම හීන වී යනු දැකීම දැඩි කණගාටුවට කරුණකි. ක්‍රීඩාංගණයෙන් පිටත ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඇති අස්ථාවර ස්වභාවය මෙම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතු වී ඇත.
    ක්‍රීඩාව තුළ තරඟකාරිත්වය දැඩි වූ විටෙක ඉමහත් පීඩනයක් ජනිත කරවයි. එබඳු පීඩනයකට මුහුණදීම සඳහා ස්වභාවික දක්ෂතාවයන්ගෙන් ඔබ්බට ගිය ගුණාංගයන් අවශ්‍ය වේ. ක්‍රීඩකයන් තුළ විශ්වාසය ඇති වූ විට හා ඔවුන් ජයග්‍රහණයට හුරු වූ විට එය පහසු වේ.
    ආත්ම විශ්වාසයෙන් යුතු ක්‍රීඩකයන්ට තරඟයක වැදගත් අදියරයන් ජයගෙන එමගින් අවසාන තරඟ ජයග්‍රහණයට මාවත පාදාදීමේ හැකියාව ඇත. එහෙත්, කණ්ඩායම අත්දැකීම් අවම තරුණ ක්‍රීඩකයන්ගෙන් යුක්ත වනවිට හා ස්ථාවර ජයග්‍රාහී මට්ටමක පසු නොවන විට මෙම තත්ත්වය අතිශයින් අභියෝගාත්මක වේ. ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සිය ජාතික කණ්ඩායම පසුපස සිටිමින් ඔවුන්ගේ විශ්වාසය ඉහළ නැංවිය යුත්තේ මෙවැනි අවස්ථාවකය. පසුගිය තරගයේදී ඉන්දීය ඉනිමේ මුල් අදියරේ ප්‍රේක්ෂක සහයෝගය ඉහළ මට්ටමක පැවතියදී අපේ ක්‍රීඩකයන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනු දක්නට හැකි විය. ක්‍රීඩකයන්ට සහාය වැඩිපුර ලැබෙන තරමට කණ්ඩායමේ අවස්ථා වහාම ඉස්මතු වී ජයග්‍රහණය කරා ළඟාවීමට ඇති අවකාශය ඉහළ යයි. දක්ෂතාව ඔවුන් සතුව හැමවිටම ඇත.
    පසුගිය එක් දින ක්‍රිකට් තරඟ දෙකෙහිදී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මන්දයත් තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම තරඟ දෙකෙහිදීම දැඩි තරඟකාරිත්වයකින් යුතුව දැනට ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ අංක එකෙහි පසුවන ශක්තිමත් ඉන්දීය කණ්ඩායම සමග කරට කර තරඟයක නිරත වූ බැවිනි. මෙවන් නොමනා හැසිරීම් අපේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් අධෛර්යයට පත් කරනු පමණක් නොව එමඟින් රටද මහත් අපකීර්තියකට ලක්වෙයි. වසර 20ක පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ රාජකාරී කාලය තුළදී ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් සියල්ලේම මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වෙනත් සාමාජික රටවල් කිහිපයකද සංචාරය කිරීමට මේ ලේඛකයාට අවස්ථාව ලැබිණි. එම සෑම රටකම ජනතාව තම රටෙහි ක්‍රිකට් කණ්ඩායමට අමතරව සිය දෙවැනි ප්‍රියතම කණ්ඩායම ලෙස සලකනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමය. 1990 දශකය තුළදී විශිෂ්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දක්ෂතාවන් වියැකී යද්දී එම හිඩැස පුරවමින් හා ක්‍රිකට් ලෝලීන් පිනවමින් ආකර්ශනීය ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර, එම ක්‍රීඩකයෝ ක්‍රීඩාවේ මෙන්ම දේශයේද කදිම නියෝජිතයන් බවට පත්වූහ.
    ක්‍රිකට් යනු අප රට ලොවට විවර කරන කදිම කවුළුවකි. ජාත්‍යන්තර තරඟ අප වෙරළ ඉමෙන් එහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් වෙත විහිදේ. මෙවැනි ආකාරයේ අශෝභන නොහික්මුණු හැසිරීම් ලොව බොහෝමයක් ජනයාගේ නෙත් ඉදිරියේ සමස්ත රටෙහි කීර්තිය පළුදු කිරීමට හේතු වෙයි. මෙය රට හෝ එහි ක්‍රිකට් ක්‍රීඩකයන් අත් විඳිය යුතු තත්ත්වයක් නොවේ.
    එවන් අයහපත් හැසිරීම් තුළින් අහිතකර ආර්ථික හා සමාජ බලපෑම් ද ජනිත වෙයි. ක්‍රීඩාව හා සම්බන්ධ සංචාරක ව්‍යාපාරය යනු ශීඝ්‍රයෙන් දියුණුවන ක්ෂේත්‍රයකි. බොහොමයක් ප්‍රේක්ෂකයෝ තම නිවාඩු කාලයන් සැලසුම් කිරීමේදී නිරතුරුවම තම රටෙහි ක්‍රිකට් කණ්ඩායමේ සංචාරයන් සලකා බලති.
    මෙවන් නොමනා හැසිරීම් දැකීම හෝ ඒ පිළිබඳව ක්‍රියාකිරීම එබඳු සංචාරකයන් අප රටට පැමිණීම සීමා කරවයි. එවන් අයහපත් ක්‍රියාකාරකම් වර්ධනය වූ විටෙක සංචාරකයන්ට තෝරාගැනීමට තවත් බොහෝ රටවල් ඇති හෙයින්, පුළුල් සංචාරක ව්‍යාපාරයටද බලපෑම් ඇති කර විය හැකිය. දේශීය ආර්ථිකය තුළ සැපයුම් විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයකදී සංචාරක කර්මාන්තය මගින් ආර්ථිකයට බොහෝ වැදගත් අවස්ථා උදා කරනු ලබයි. එම ව්‍යාපාරික අවස්ථාවන්හි වර්ධනයට බලපෑම් ඇති කරවන කවර හෝ කටයුත්තක් වුවද අවසානයේ අප රටෙහි මහජනතාවට අහිතකර ප්‍රතිඵල උදා කරවන්නකි.
    විනයානුකූල නොවන හැසිරීම් මගින් ස්ථාවර සමාජයක තිබිය යුතු මූලික හරයන් යටපත් කර දමයි. පිළිගත් නීතිරීති යටතේ පැවැත්වෙන තරඟයක පරාජය පිළිගැනීමට ඇති නොහැකියාව බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිරූපයට අහිතකරව බලපානු ඇත. එබැවින්ල ක්‍රිකට් තරඟ අතරතුර දක්නට ලැබුණු සුළුතරයකගේ අශෝභන ක්‍රියා පිළිවෙත හෙළා දැකිය යුතු අතර එය සදාචාර විරෝධී කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයකි.
    අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ ඔවුන් නියෝජනය කරන රටට අගෞරවනීය ලෙසට හැසිරීම කිසිසේත්ම අපගේ විශිෂ්ට ක්‍රීඩා සංස්කෘතියෙහි අංගයක් නොවිය යුතුය."




    Wadi bana and Hora bana :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    i know ban kapugedarage fans lage logic tama man post kale issella, we need quality players, pol adi karayo neme

    match eka kalin kivve munaweera gahanne nahe kiyala :rofl::rofl:

    kavada apee fans hedevida ban..

    unta one atha diga herala lakunu 20-30k gahala pol adiyo...not quality players :dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනේ මන්ද මෙන්ඩිස් ටෙස්ට් මැච් වලත් දුවන්න ගිහින් අවුට් වුනා :angry: හරකා වගේ ඔහේ දුවනවා :angry::angry: බෝලේ යන දිහා බලන්නේ නෑ ඌත් හරියන එකෙක් නෙමේ අංක 3 හොඳ බැටා ඉන්න ඕනා මෙන්ඩිස්ට අංක 3 වගකිම ගැන අවබෝධයක් නෑ :(:( තිරිමාන්න වන්ඩේ නො 03 ගහන්න ඕනා ටිම් එක ගොඩගන්න නම් :D:D

    Oka Matath Hithuna E unata Selectors la Ekka ewa ba
    :P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    match eka kalin kivve munaweera gahanne nahe kiyala :rofl::rofl:

    kavada apee fans hedevida ban..

    unta one atha diga herala lakunu 20-30k gahala pol adiyo...not quality players :dull::dull:


    QUality Players la Kauda Ban Ape Team Eke :P:P
    50k gahapu ekek na me Series Eke Thrimanna Arenna :dull::dull: