මම පොඩි කාළේ , 1990 විතර කතරගම ගියා.
අහිංසක මනුස්සයෙක් ( සරමක් සහ කුණු ගෑවුණ ශර්ට් එකක් ඇඳලා අත නවලා, කොන්ඩේ තෙල් ගාලා පීරලා, උඩු රැව්ලක් තිබ්බා) ඔය පරිවාර දේවාලක් ගාව බයාදු විදිහට හිනා වෙවී හිටියා , කුණු ගෑවුණ පොහොර උරයකුත් අතේ තියාගෙන.
කපුරාල ගෙන් මොනවා ද ඉල්ලුවා. මිනිහා සැර දැම්මා.
තව ටික වෙළාවකින් අපි එතනින් ගිහින් වටයක් ගහලා එද්දී අර මනුස්සයා හිටගෙන හිටපු කපුවාගේ කකුලේ ඇඟිලි මසාජ් කරනවා. කොට මහත කොන්ඩේ ක්‍රේල් එකෙක්.ඌ උජාරුවෙන් වට පිට බලනවා ඒ අස්සේ, දේවාලේ දොර ගාවමයි.
ටික වෙළාවකින් අර අහිංසක මනුස්සයා පොල් ගහපු තැනින් පොල් කෑළි ටිකක් අරගෙන උරේ දාගෙන ගියා.
අවුරුදු බර ගාණක් පරණ වුණත් මට මේක අමතක නොවුණේ අර පරයාගේ උජාරු බැල්මයි, මුල සිට අග දක්වාම අහිංසක මනුස්සයාගේ බයාදුකම සහ මද සිනහවයි.
පට්ට හීනමානසික එවුන් තමයි ඔය කපුවෝ කියන්නේ. කළාතුරකින් හොඳ කෙනෙක් ඇති.
Copied from FACEBOOK