⛔️ශ්‍රී ලාංකිකයින්ට කුර්දිස්ථානයේ රැකියා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් පසුගිය (21) දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.

    එහිදී කුර්දිස්ථානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කාර්යාංශ සභාපතිවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කුර්දිස්ථාන රජයේ අදාළ අංශ සමග සාකච්ඡාකර අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව මහ කොමසාරිස්වරයා දන්වා සිටියේය.

    මෙම හමුවෙන් අනතුරුව විශේෂ දූත පිරිස කාර්යාශයේ තොරතුරු තාක්ෂණ, අනුමැති හා සමථ යන අංශ නිරීක්ෂණය කරන ලද අතර, එම අංශ මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ට ලබාදෙන සේවාවන් පිළිබඳවද සොයාබලන ලදී.

    මෙම අවස්ථාව සඳහා කුර්දිස්ථානයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය එච්.ඒ.රාසුල් ෂාහ්බසාරි (Dr. H.A. Rasul Shahrbazari), එම අමාත්‍යාංශයේ නීති උපදේශක ආචාර්ය එන්.ඒ.මොහොමඩ් අල්දලවි (Dr. N.A. Mohammed Aldalawi), එම අමාත්‍යාංශයේ වෘත්තිය පුහුණු අංශයේ අධ්‍යක්ෂ කේ.ජේ.මොහොමඩ් අල් ග්ලි (K.J.Mohammed Al-Gli) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින්, කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත්, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) එම්.ආර්.සී.බී.ඒකනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) කේ.එල්.එච්.කේ.විජේරත්න යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඕක ලප් තැනම ලොප් වෙන්නැද්ද බලපං මර්වින් දේශපාලණ බහිරවයා ඕකට වල කපනවා.👺👺
    අවුලක් වෙන්නේ නෑ අනික් රටවලින් යන්නේ නැති හින්ද
    ශෝයි නන්ගිල ඉන්න රටක් හැබැයි !
    😂 වල්ල කපා ගන්න පුළුවන් ඕවා කරන්න ගියොත්
    සීලොන් ලොවේ මෙන්න ජනප්‍රියම සෙල්ලම සිනා සිසී රට පැටවිල්ල . මොකෝ ඇලිස් අලුත් තාලේ වැඩක් දුන්නම ගැස්සෙනවද ගුවන් තොටිල්ල
    පාස්පෝර්ට් ගන්න උන් ඔහේ තමා බං යන්නේ ගොඩක් ම
    පොඩි බිම් බෝම්බ ඇහිලිල්ලක් තියෙන්නේ සල්ලි ලැබෙනවනේ 😜

    🤣
     
    • Haha
    Reactions: Ulti and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    සිංහලු අනාථ අසරණ වෙච්ච තරම 😄
    ඔව් බං :yes:
    පුදුම සුවයක් දැනෙන්නේ. :cool:
    මේ යන විදියට පිලීපිනයේ/යේමනයේ රැකියා දෙන්නත් පුලුවන් සීන් එකක් තියෙන්නේ.
     
    • Love
    Reactions: Ulti and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඔය ඒරියා එකේ වැඩ කරන් ජීවත් වෙන ලංකාවෙ එවුන් ඉන්නව එලකිරි එකෙත් ඉන්නව.

    සිරියාවෙන් කෑල්ලයි ඉරාකෙන් කෑල්ලක් අල්ලගෙන සිරියාවෙ තෙල් නිදි ටික අල්ලගෙන ඒ තෙල් විකුනලා තමා ඕකුන් දුවාගන්නෙ.
     
    • Wow
    Reactions: gnilukshi

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    කුර්දිස්ථානයෙන් තෙල් සහනයක් ගන්න බැරිද බං අපිට?