⛽🛢️ කූපන් ක්‍රමයට ඉන්ධන දෙන්නත් අලුත් යෝජනාවක් 🛢️⛽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    dd3c64c3-fuel_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදිය හැකිදැයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අදහස් පළවී ඇතැයි වාර්තා වනවා. රජයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු එහිදී යෝජනා කර ඇත්තේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ආනයනය සඳහා වැඩි මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකටයාම යෝග්‍ය බවයි.

    දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන භාවිතය බොහෝ සෙයින් වැඩිවී තිබීම ද මෙම යෝජනාවට හේතුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවට එකඟතාව පළ කර නැහැ. ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 300 ත් 420 ත් අතර මුදලක් වැයවනවා. කොරෝනා සමයෙන් පසු මෙරට ඉන්ධන භාවිතයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී තිබෙනවා. අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ණය මුදල ලබාගත යුතු බවට යෝජනා කර ඇතත් තවත් පිරිසක් ඊට එකඟතාව පළ කර නොමැති බවටයි වාර්තා වන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් එකඟතාව පළ කර නොමැති බව ද වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගත හැකිදැයි කැබිනට් මණ්ඩලයේදී යෝජනාවී තිබෙනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙහිදී එකඟතාවකට පැමිණ නැහැ.

    මේ අතර රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් ආනයන සීමා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන රූපලාවන්‍ය උපකරණ සහ අමුද්‍රව්‍ය, අත්‍යවශ්‍ය නොවන ආහාර සහ බීම වර්ග, පළතුරු මෙන්ම වයින් ඇතුලු මත්පැන් ආනයනය ද මෙලෙස සීමා කිරීමට සිදුවන බවටයි එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

    කෙසේවෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය තවදුරටත් සිදුකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ආන්දෝලනයට තුඩුදී ඇති යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවී නොමැති බවටයි වාර්තා වන්නේ.

    Source: nethnews.lk
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හොද බූමිතෙල් ලිපක් ගන්න කාලෙ හරි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මොකද්ද උත්තෝ මේ වෙන්නේ,නාකි පොන්නයා කෑව රට,කලින් හිටපු උනුත් එච්චර තමයි.පුදුම පවක් ගෙවන්නේ,
    අපි හරියට ඉදලා මෙහෙම කෙලවෙනකොට එපා වෙනවා බන්.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කාර් තහනම් කරලා, හැමෝටම බයික් වල යන්න කියන්න ඕන.

    ලීටරේට වැඩිම දුරක්, රටට හෙටක්
    මෙය ඩේවිඩ් පීරිස් සමාගමේ බජාජ් මෝටර්ස් මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!!! 😅 😅 😅
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka

    කාර් තහනම් කරලා, හැමෝටම බයික් වල යන්න කියන්න ඕන.

    ලීටරේට වැඩිම දුරක්, රටට හෙටක්

    @Solo Rider අදහසට අනුව මේක තමයි මචන් පාවිච්චි කරන්න පුළුවන් .... :lol:
    ------ Post added on Dec 14, 2021 at 6:38 PM