✈️🎥 "TENET' සිනමාපටයේ ඇතුළත් වුණු "Boeing 747" ගුවන් යානය, ගුවන් යාත්‍රාංගනයට (Plane hangar) කඩා වදින ජවනිකාව රූපගත කරපු හැටි 💥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    7Ljggv5.jpg

    ක්‍රිස්ටෝපර් නෝලාන් අධ්‍යක්ෂණය කරපු 'TENET' චිත්‍රපටයෙ ඇතුළත් වුණු "Boeing 747" ගුවන් යානය, ගුවන් යාත්‍රාංගනයට (Plane hangar) කඩා වදින ජවනිකාව රූපගත කරන්න තිරය පිටුපස සිදුකරපු ක්‍රියාදාමෙ ගැන ගැන පොඩි විස්තරයක් ගෙන්න තමයි මේ ත්‍රෙඩ් එකෙන් ඔන්න අද මං ලෑස්ති වෙන්නෙ. :)

    මේ ජවනිකාව රූපගත කරන්න 'miniatures' සහ 'CGI' යොදාගන්න සැලසුම් කරලා තිබුණත්, ඒ සදහා ඇත්ත ගුවන් යානයක් යොදාගන්න එක ඊට වඩා ගොඩක් ලාභදායී බව නෝලාන් ඇතුළු 'TENET' චිත්‍රපටයෙ නිෂ්පාදක කණ්ඩායමට අන්තිමේ තේරුම් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ සදහා සුදුසු ගුවන් යානයක් තෝරගන්න වැඩේට නෝලාන් යොදාගත්තෙ ඇමරිකාවෙ, කැලිෆෝර්නියා ප්‍රාන්තෙට අයත් නගරයක් වෙන 'Victorville' හි පිහිටලා තියෙන "Southern California Logistics Airport (SCLA)" කියන ගුවන් තොටුපලට අයත්ව ඒ තුළ පිහිටලා තියෙන "Victorville Boneyard" නමින් හදුන්වන ගුවන් යානා සුසාන භූමියයි (Aircraft graveyard). විවිධ හේතු නිසා සේවයෙන් ඉවත් කරපු සහ සේවයෙන් විශ්‍රාම ගන්වපු විවිධ වර්ගයේ ගුවන් යානා (ප්‍රධාන වශයෙන් 'බෝයිං' ගුවන්යානා) ගාල් කරලා තබන්න යොදාගන්න මේ "Victorville Boneyard" එක අක්කර 2300 ක පමණ භූමිභාගයක් පුරා විහිදිලා පවතිනවා.

    "Victorville Boneyard" (මෙහි විවිධ හේතු නිසා විශ්‍රාම ගැන්වූ විවිධ වර්ගයේ ගුවන් යානාවන් සිය ගණනක් ගාල් කොට තිබේ)

    553147fa6bb3f71b4b8b4567

    "Southern California Logistics Airport (SCLA)" සහ "Victorville Boneyard"හි පිහිටීම ගුවනේ සිට දිස්වන ආකාරය

    895px-2009-0727-CA-VictorvilleAirport.jpg

    කොහොමහරි ගුවන් යානා කීපයක්ම පරීක්ෂා කරපු නෝලාන් ඇතුළු කණ්ඩායම අන්තිමේ තෝරගත්තෙ "හොං කොං" රාජ්‍යයයට අයත් "Cathay Pacific" කියන ගුවන් සේවය යටතේ 2004 වසරේ ඉදලා 2009 වසර වෙනකම් මෙහෙයුම් කටයුතු සිදු කරලා ඒ වසරෙදි සේවයෙන් විශ්‍රාම ගන්වපු, "Boeing 747-200M" ගනයේ ගුවන් යානයක ඉදලා "Boeing 747-200(F)" ගනයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් බවට පරිවර්තනය කරලා "Boeing 747-2L5B(SF) - 22105" විදිහට ලියාපදිංචි කරීම සිදු කරලා මෙහෙයුම් කටයුතු සිදු කරපු "Boeing 747" ගුවන් යානයයි. "Cathay Pacific" ගුවන් සේවයට එක්වෙන්න ඉස්සෙල්ලා බ්‍රසීලයේ 'Varig' ගුවන් සේවයත් (1981 වර්ෂයේදී පළමු වරට සේවයට එක් වී ඇත), ආර්ජන්ටිනාවේ "Aerolineas Argentinas" ගුවන් සේවය සහ "හොං කොං" රාජ්‍යයයේ "Air Hong Kong" කියන ගුවන් සේවය යටතේත් මේ ගුවන් යානය මෙහෙයුම් කටයුතු සිදු කරලා තිබෙනවා.

    සිනමාපටයේදී යොදාගත් "Boeing 747-2L5B(SF)" භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය "Cathay Pacific" ගුවන් සේවය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරන කාලසමයේ ලබාගත් ඡායාරූප

    b-hmd-cathay-pacific-boeing-747-2l5b-sf_PlanespottersNet_035314_2ac384debe_o.jpg

    b-hmd-cathay-pacific-boeing-747-2l5b-sf_PlanespottersNet_047906_5375c727c6_o.jpg

    b-hmd-cathay-pacific-boeing-747-2l5b-sf_PlanespottersNet_052998_fd57b54d02_o.jpg

    b-hmd-cathay-pacific-boeing-747-2l5b-sf_PlanespottersNet_052248_ad2624ba11_o.jpg

    බ්‍රසීලයේ 'Varig' ගුවන් සේවය යටතේ මෙහෙයුම් කටයුතු සිදුකළ කාල සමයේදී

    pp-vna-varig-boeing-747-2l5b-m_PlanespottersNet_200151_e6fb331e9e_o.jpg

    ආර්ජන්ටිනාවේ "Aerolineas Argentinas" ගුවන් සේවය යටතේ මෙහෙයුම් කටයුතු සිදුකළ කාල සමයේදී

    pp-vna-aerolineas-argentinas-boeing-747-2l5b-m_PlanespottersNet_1104255_511891abe6_o.jpg

    "හොං කොං" රාජ්‍යයයේ "Air Hong Kong" ගුවන් සේවය යටතේ මෙහෙයුම් කටයුතු සිදුකළ කාල සමයේදී

    vr-hmd-air-hong-kong-boeing-747-2l5b-sf_PlanespottersNet_975952_c9ad19d4b2_o.jpg

    "Tenet' චිත්‍රපටිය සදහා නෝලාන් ඇතුළු කණ්ඩායම මේ ගුවන් යානාව මිලදී ගත්තට පස්සෙ මුලින්ම කරේ "Norskfreight livery" කියන නමින් හදුන්වන මනංකල්පිත ගුවන් සේවයකුත්, "LN-WTJK" කියන මනංකල්පිත ලියාපදිංචි අංකයකුත් ගුවන් යානයට ලබා දීලා ගුවන් යානය නැවත අලුතෙන් පින්තාරු කරන එකයි. ඊට අමතරව ගුවන් යානයට විශේෂ තිරිංග පද්ධතියක් සහ ගුවන් යානයේ මැද කොටසට වෙන්න විශේෂ රියදුරු කුටියකුත් මෙහිදී සවි කරනු ලැබුවා. ඒ ජවනිකාව රූපගත කරන අවස්ථාවෙදි ගුවන් යානය පාලනය කරන්නත්, දර්ශනය අවසානයේ ගුවන් යානය නවත්වා ගන්න "Stunt driver' විදිහට කටයුතු කරපු "Jim Wilkey" ට යොදාගැනීම සදහායි. මේ "Jim Wilkey" කියන "Stunt driver" ම තමයි ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ "The Dark Knight" චිත්‍රපටියෙ තිබ්බ සුප්‍රකට ජවනිකාව වෙන "Truck flip" එකේදි යොදාගත්තු ට්‍රක් රථයෙත් "Stunt driver" විදිහට කටයුතු කරේ.

    ක්‍රිස්ටෝපර් නෝලාන් ඇතුළු 'TENET' චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම චිත්‍රපටය සදහා ගුවන් යානාව මිලදී ගැනීමෙන් පසුව එහි පින්තාරු කිරීමේ කටයුතු සහ නව තිරිංග පද්ධතිය සවිකිරීමේ කටයුතු සිදු කරන අතරතුර

    88725_1591119068.jpg

    b-hmd-cathay-pacific-boeing-747-2l5b-sf_PlanespottersNet_912353_01534e7447_o.jpg

    පින්තාරු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව

    ln-wtjk-norskfreight-boeing-747-2l5b-sf_PlanespottersNet_1051135_aa0682ca41_o.jpg

    ගුවන් යානය සම්බන්ධ මේ වැඩකටයුතු ටික අවසන් වුණාට පස්සෙ "Victorville Boneyard" එකට යාබදව තියෙන "Southern California Logistics Airport (SCLA)" කියන ගුවන් තොටුපලට ගුවන් යානය රැගෙන ගිහිල්ලා තමයි චිත්‍රපටියෙ ඇතුළත් දර්ශනය රූපගත කරේ. නෝර්වේ රාජ්‍යයයේ පිහිටලා තියෙන "Oslo Airport" එක විදිහට තමයි මෙහිදී "Southern California Logistics Airport (SCLA)" එක භාවිතා කරනු ලැබුවේ. ගුවන් යානය කඩාවද්දන ගුවන් තොටුපළේ තිබ්බ යාත්‍රාංගනය (Plane hangar) ලෙස භාවිතා කලේ චිත්‍රපටය සදහාම නිර්මාණය කරපු විශේෂ යාත්‍රාංගනයකුයි. ගුවන් යානය යාත්‍රාංගනය කරා ගමන් කරවන්න "Tow truck" ගනයේ විශාල වාහන 2 ක් යොදාගෙන තියෙන අතරම ගුවන් යානයේ ඉදලා මේ "Tow truck" 2 කට සවිකරපු කේබල් මගින් තමයි ගුවන් යානය යාත්‍රාංගනය කරා ඇදගෙන ඒම සිදු කරලා තිබෙන්නෙ. චිත්‍රපටියෙ පසු නිෂ්පාදන කටයුතු වලදි මේ ඇදගෙන්න එන්න භාවිතා කරපු කේබල් ඩිජිටල් තාක්ෂණය යොදාගෙන මකා දමලා තමයි චිත්‍රපටයෙ අවසන් සංස්කරණයට ඇතුලත් කිරීම සිදු කරනු ලැබුවෙ. මං ඉස්සෙල්ලා කිව්ව විදිහට ගුවන් යානයට විශේෂ තිරිංග පද්ධතියක් සවි කරලා තිබුණත් නවත්වන්න සැලසුම් කරලා තිබ්බා තැනට වඩා තවත් මීටර කීපයක් ඉස්සරහට ගමන් කරලා තමයි අන්තිමේ ගුවන් යානෙ නැවතිලා තියෙන්නෙ. ගුවන් තොටුපලේ සේවකයන් ලෙස පණ පොවන්න මේ ජවනිකාව සදහා පමණක් අතිරේක රංගන ශිල්පීන් 100 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙනවා.

    ජවනිකාව රූපගත කිරීම සදහා "Southern California Logistics Airport (SCLA)" එක වෙතට ගෙන ආ ගුවන් යානය සූදානම් කරමින්

    EhAeDvdWAAgyLgr.jpg

    00335_m.jpg

    ගුවන් යානය, යාත්‍රාංගනය වෙතට කඩාවැද්දීම සිදු කළ ආකාරය (Behind the scenes footage)

    මේ ජවනිකාව ඇතුළුව "TENET' චිත්‍රපටයේ රූපගත කිරීමේ කටයුතු සදහා IMAX MKIII, IMAX MKIV සහ IMAX MSM 9802 වර්ගයේ 65mm IMAX film camera 6 කට අධික ප්‍රමාණයක් භාවිතා කරලා තියෙන බවයි වාර්තා වෙන්නෙ. මේ "IMAX film camera" වලට අමතරව චිත්‍රපටයේ ඇතුළත් වුණු දෙබස් වැඩියෙන් තිබුණු ජවනිකා රූපගත කරන්න Arriflex 765, Panavision Panaflex System 65 Studio, සහ "Logmar Magellan 65mm prototype camera" කියන කැමරාවනුත් භාවිතා කරලා තියෙනවා.

    සිනමාපටයේ ඇතුලත් වූ දර්ශනය

    ✨TENET චිත්‍රපටයේ "Behind the scenes" තොරතුරු ගැන දැනගන්න කැමති අය මං ලියපු මේ ත්‍රෙඩ් එක බලන්න. :)

    ✍️🎬 සටහන සහ ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️

    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy

    පිංතාරු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව

    supiri
     
    Similar threads