:::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    CJ4Ever නම් දැන් මෙතන ඉන්නවා...... :D :P ;) අපේ ශොප් එකේ.... :yes: උඹ kat4ever නේහ්..... ;)

    අෆ්ෆට සිරි අපේ අයිය බණ්ඩියත් ඉන්නවද ළඟ :rolleyes::rolleyes: ඔව් ඔව්:yes::yes:
    විභාගේ කීය කියා හිටපු මනුස්සය මේ කොහෙද රස්තියාදු ගහන්නේ:confused::confused:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්. මම එක සැරයක් ලංකාවේ ඉඳලා මස්කට් යනකොට මට එහා පැත්තේ හිටියේ ඉන්දියන් එකෙක්. මෙලෝ දෙයක් දන්නේ නෑ කිව්වට තේරුනෙත් නෑ. කෑම කෑවේ අතෙන්. අත පිහිදගත්තේ ටිෂු එකෙන්. විශ්වාස කරපන් තේ එකට ලුණු, ගම්මිරිස්, සීනි, කිරි ඔක්කොම එකට දාලා ඇඟිල්ලෙන් හැඳි ගාලා බිව්වේ. ඔය යස අගේට බීලා ඉතුරු ටික නිදාගෙන ගියේ. :S
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆට සිරි අපේ අයිය බණ්ඩියත් ඉන්නවද ළඟ :rolleyes::rolleyes: ඔව් ඔව්:yes::yes:
    විභාගේ කීය කියා හිටපු මනුස්සය මේ කොහෙද රස්තියාදු ගහන්නේ:confused::confused:

    :yes: දැන් නම් ගියා.... SLIIT එකේ කෑල්ලක් පස්සේ යනවද කොහෙද...... :yes: (මම කිව්වා කියන්න එපා ඕන්..... :P )
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    වටිනා ත්‍රෙඩ් එකක් මේකනම්.......

    මමනම් මෙලෝ සංසාරයක් ඔව්ව ගැන දැනගෙන හිටියේ නෑ...... මොකෝ ඉතින් අඩුගානේ උඩරට වත් යැවෙන්නේ කන කැස්බෑවා හඳ දකිනවා වගේ කලාතුරකින් එකේ පිටරට යැවෙන්නේ කොහෙද......

    වටිනා ත්‍රෙඩ් එකක් වෙනුවෙන් මගෙන් රෙප්+ ;)
     
    • Like
    Reactions: kat4ever

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    උබේ නුල හොදයි...

    මමත් දන්නා ටිකක කියන්නම්, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතක් ඔන්ලයින් විදියට බුක් කරොත් අපිට ඕනේ ශීට් එක අපිටම වෙන කර ගන්න පුළුවන්(කිසිදු මුදලක් ය කරනු නොලැබේ), ඔබ ටිකටින් ඒජන්සියක් හරහා ටිකට් වෙන් කරනවානම් එම ඒජන්සියට කියලා ෂිට් එක වෙන් කරවා ගන්න, එම ක්‍රම දෙකටම නොහැකි වුවහොත් ඔබගේ අවසාන මොහොතේ උනත් ඔබට උත්සහා කර බැලිය හැකි එනම් ඔබ චෙක්-ඉන් වෙන මොහොතේ ඒ කවුන්ටරේ ඉන්න ඇන්ටිට හෝ අන්කල්ට :P කියන්න මට වින්ඩෝ ෂිට් එකක් ඕනේ නැත්තන අදර් කෝනර් ෂිට් එකක් ඕනේ කියලා එහෙම උනාම ෆ්‍රී ෂිට් තිබුනොත් එයාලා බූක් කරලා දෙනවා අපිට.

    ටිකක් මහත කෙනෙක්නම් මම කියන්නේ වින්ඩෝ ෂිට් ගන්න එක ටිකක් කරදර කාරී එක නිසා අනිත් පැත්තේ ෂිට් එකක් බූක් කර ගන්න එක තමයි නුවනට හුරු, නමුත් පළමු වතවටනම් ගමන යන්නේ කොහොම හරි වින්ඩෝ ෂිට් එකක් බූක් කර ගන්න.

    විසේස දෙයක් ඔයාගේ ගුවන් ගමන් පත්‍රය යම්කිසි වෙනත් කෙනකුගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් වෙන් කරවා ගෙන එම කාඩ් පත හිමිකරු ඔබ සමග එම ගුවන් ගමනට සහබාගි වන්නේ නැත්තන් මතක ඇතිව ගුවන්තොටුපලට යාමට ප්‍රථම ලගම ඇති ශ්‍රීලන්කන් සේවා මද්යස්ථානයකට එම කාඩ්පත් හිමිය සමග ගොස් එම ගුවන් ටිකට් පත වලංගු කරවා ගන්න, එසේ වලංගු නොකළ ගුවන් ටිකට්පත් හිමියන්ට ගුවන්ගතවිමට ඉඩ ලබාදෙනු නොලැබේ...
    තවත් දෙයක් ශ්‍රීලන්කන් එකේ ලංකාවට එනවනම් අරක්කු වර්ග ඔන්බෝර්ඩ් ගන්න එක ලාබයි 10% ඩිස්කවුන්ට් එකක් තියනවා මේක ශ්‍රීලන්කන් ෆලයිට් වල විතරයි හොදේ.

    වටිනා තොරතුරු ටිකක් :D:D
    ගොඩාක් ස්තුතියි මචං tcgunarathena :yes::yes:

    මටත් වින්ඩෝ සීට් ගැන කිව්වමයි හිතුනේ. ශ්‍රී ලන්කන් එකේ මගේ සීට් අංකෙ තිබ්බේ k56. එතන තිබුණු අංක වල හැටියට K වලින් පටන් ගන්න ඒවා වින්ඩෝ සීට්.

    තව දන්නා කියන තොරතුරු දාන්න :yes::yes::D:D



    ස්තුතියි

    බම්ප් ... පස්සේ කියවන්න ඕන ...

    :yes::yes::yes:

    ස්තුතියි බම්පියට:yes::yes::D:D
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    patta post eka.. ape maamalath inne japan..naritha airport eka kittuwamai.. rep+

    එළනේ කොල්ලෝ.මාමව මතක් කළා කියපන්. මම නම් නරිටා ඉදන් පැය 2ක් විතර දුරින් ඉන්නේ (කිලොමීටර් 100 විතර දුරින්) :oo::oo::yes::yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තවත් දෙයක් මතක් උනා. දැන් ඔයාල යන්න හිතාගෙන ඉන්න රට අනුවත් සමහර නීතිරීති වෙනස් වෙනවා ඉතින් ඒවා මුලින්ම දැනගෙන ගමන යන එක හොදයි.

    උදා:-
    01. ඔයාලා මලයාසියාවට යනවනම් කිසිම මද්‍රව්‍යයක් රැගෙන එම රටට ඇතුල්විය නොහැක, එසේ ගෙනගොස් හසුවුවොත් දඩුවම මරණයයි! මෙය ඔයාලගේ මලයාසිය විසා එකේම රතු පාටට ගහල තියනවා.
    02. සිංගප්පුරුව වගේ රටකට යනවනම් ඔය HIV බහුල රටකට මිට දින 3 පෙර ගොස් තිබේනම් ඔබව සිංගප්පුරුවට ඇතුලත්කර ගැනීමෙන් වලකිසිටීමට සිංගප්පුරු බලදාරීන්ට පුළුවන(මේක මම හිතන්නේ ලංකාවට එනකොටත් තියනවා).
    03. යම්කිසි රටකට ගෙනයා හැකී උපරිම මුදල් ප්‍රමාණයක් ඇත(බදුවලින් නිදහස්ව), එම උපරිමයට යටත්ව මුදල් රැගෙන යාමට වගබලා ගන්න.
    04. තවද යම්කිසි රටකට ගෙන යායුතු අවම මුදලක්ද ඇත(show money), එවැනි අවස්ථාවන්වලදී එම අවම මුදල ඔබ සන්තකයේ තබාගෙන යාමට වග බල ගන්න, මන්ද ආගමන විගමන නිලදාරියකු ඉල්ලා සිටියහොත් ඔබ එම මුදල් ප්‍රමාණය ඉදිරිපත් කල යුතුය(තායිලන්තය වැනි රටවල්)

    තවත් විසෙසම දෙයක් තමයි ඔබ චෙක්-ඉන් වූ මොහොතේ පටන් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ඔබ සන්තකයේම තබා ගැනීමට උත්සහ කරන්න මන්ද එය අස්ථාන ගතවීමක් සිදිවුවහොත් ඔබට මුහුණදීමට සිදුවන සිදුවීම එතරම් සුන්දර නැත...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බොහොම වටිනා thread එකක් මචන්. මමත් මේ december වල ජපානෙට යන්න ඉන්නේ.
    හැම airline එකේම කලින් seat බූක් කරන්න බැහැ. AirAsia එහෙම. ඒ වෙලාවට සල්ලි ගෙවල තමයි seat බූක් කරන්න වෙන්නේ. දවල් වෙලාවක මුහුද උඩින් යන flight එකක්නම් aisle seat එකක් මටනම් වඩා හොදයි.
    online check-in කරන එක අනිවාර්යය් ගොඩක් europe airlines වල නම්. එත් ආසියාවේ නම් ගින්නක් නෑ. මම කරන්නේ online check in කරලා boarding pass එක airport එකේදී ගන්න එක.

    flight එකේ අනිවාර්යයෙන් A / K කියන්නේ window seats. 13 seat එකක් නැහැ. පුළුවන් තරම් wing එක ඉස්සරහ seat ගන්න බලන්න.6-14 වගේ. Boeing වල යනවනම් seat configuration එක සමහර වෙලාවට A-F (3 - 3).
    airport security එකේදී මමනම් shoes (sneakers වගේ) දාගෙන යන්නේ. socks දාගෙන ඉන්න පුළුවන්. flight ekedi ගලවන්න පුළුවන් (අලුත් socks දාගෙන යන්න :P ). නැත්තම් ඊයා බන් bare foot යන්න ඒපා වෙනවා. shopping යනවනම් baggage check-in කරන්න නැත්තම් overhead compartment එකේ ඔක්කොම මගුල් ගහන්න ගිහාම මිනිස්සුන්ගේ මුණ දෙක වෙනවා මම ඕනේ තරම් දැකල තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: kat4ever

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    මොකක්ද ගිය ෆ්ලයිට් එක .. ශ්‍රී ලන්කන් එකක් ද? (අජූත නැද්ද :oo:) . කියල නැති දෙයක් කියන්නම්, කරුමෙට වින්ඩෝ සීට් එකක් බුක් කරන්න බැරි උනා කියමුකො, ඒත් සමහර වෙලාවට හිස් සීට් එහෙම තිබුනොත් ඕනෙම තැනක ගිහිල්ල ඉඳගන්න පුළුවන් ... :P ෆ්ලයිට් එක ටේක්ඕෆ් කරන වෙලාවට හිස් සීට් නෝට් කරගනින්, නැත්තන්, කව්රුහරි එකෙක් සුළුදිය පහ කරන්න ගියත්, උඹ එතන ඉඳගනී ... :P:rofl:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මොකක්ද ගිය ෆ්ලයිට් එක .. ශ්‍රී ලන්කන් එකක් ද? (අජූත නැද්ද :oo:) . කියල නැති දෙයක් කියන්නම්, කරුමෙට වින්ඩෝ සීට් එකක් බුක් කරන්න බැරි උනා කියමුකො, ඒත් සමහර වෙලාවට හිස් සීට් එහෙම තිබුනොත් ඕනෙම තැනක ගිහිල්ල ඉඳගන්න පුළුවන් ... :P ෆ්ලයිට් එක ටේක්ඕෆ් කරන වෙලාවට හිස් සීට් නෝට් කරගනින්, නැත්තන්, කව්රුහරි එකෙක් සුළුදිය පහ කරන්න ගියත්, උඹ එතන ඉඳගනී ... :P:rofl:

    උබ කියන එක හරි නමුත් මචන් ඕක ගොඩක් වෙලාවට බජට් ගුවන්යානා වල කරන්නේ බලාගෙන (airasia) වගේ, මොකද මචන් උබල මොනවා හරි මීල් ප්‍රි-ඕඩර් කරලා තිබුනොත් එහෙම කෙස් වෙනවා මොකද උබේ ඔරිජිනල් ෂිට් එකෙත් මොකෙක් හරි වාඩි වුනොත් උබ වෙන එකක වාඩි වෙන වෙලාවේ ඒ උබ ඕඩර් කරපුවා අරුට තමයි හම්බ වෙන්නේ :P:P:P:P:P