වටිනා තොරතුරු ටිකක්
ගොඩාක් ස්තුතියි මචං tcgunarathena
මටත් වින්ඩෝ සීට් ගැන කිව්වමයි හිතුනේ. ශ්‍රී ලන්කන් එකේ මගේ සීට් අංකෙ තිබ්බේ k56. එතන තිබුණු අංක වල හැටියට K වලින් පටන් ගන්න ඒවා වින්ඩෝ සීට්.
තව දන්නා කියන තොරතුරු දාන්න
ස්තුතියි
ස්තුතියි බම්පියට![]()
මම දන්න පොඩි තොරතුරු ටිකක් එකතු කරන්නම්.gate 1-5 දක්වා තියෙන්නෙ බිම් මහලේ. gates 6-14 දක්වා ඉහල මාලයේ පිහිටා තිබෙනවා.gate 13 එකක් නැත. ඒ වගේම පිටත් වීමේ පත්‍රිකා(departure cards) දැන් විදේශ ගුවන් ගමන් බලපත්‍ර(passport) හිමියන්ට පිරවිය යුතු නැහැ. ඒ වගේම ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාබීන්ට පැමිණීමේ පත්‍රිකා(arrival cards) පිරවිය යුතු නැහැ,මෙය නව නීතියක්. ඒ වගේම විදේශ පුරවැසිභාවය හිමි අයට දැන් ලංකාවට පැමිණීමට වීසා ලබා ගත යුතුයි. සාක් කලාපීය රටවල පුරවැසියන්ට ඩොලර් 15කුත් අනෙකුත් රටවල මගීන්ට ඩොලර් 25කුත් ගෙවීමට සිදු වේ. මෙය අන්තර්ජාලය හරහාද(ETA) ලබා ගත හැක.ඒ වගේම පිටත් වීමේ ගේට්ටුව වෙත පිවිසීමේදී පිටත් වීමේ වෙලාවට අවම වශයෙන් පැයකට ප්‍රථමවත් වාර්ථා කල යුතු වෙනව.අනෙක් කාරණය ඔබට නියමිත බර ප්‍රමාණයට වඩා බඩු ගේන්න එපා. එසේ උවහොත් ඔබට අතිරේක බරට ගෙවීමට සිදු වෙනව. අනෙක් කාරණය දැන් සියලුම ගුවන් සෙවා සමාගම් වල අන්තර්ජාලය(online checking) හරහා cheking කිරීමේ පහසුකම ලබාදී තිබෙනවා.ඔබට ඒමගින් දිගු පෝලිමක සිටීමට වන්නේද නැත. online checking සදහා වෙන්වු counter එකක් තිබේ.Srilankan ගුවන් යානයක ඔබ checking වී ඇත්නම් කෙලින්ම counter 4 වෙත යන්න.මෙමගින් ඔබට පහසුවෙන් හා ඉක්මනින් තමාගෙ වැඩකටයුතු කරගත හැකි වෙනව.
මීට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් ලාබාදීමට ගුවන් සේවා කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා.
සැලකිය යුතුයි: ඔබගේ ගුවන් යානය පිටත්වීමෙ වේලාවට විනාඩි 45 කට ප්‍රථමයෙන් ඔබ checking counters වෙත වාර්ථා නොකලහොත් ඔබට එම ගුවන් යානයේ ගමන් කිරීමට නොහැකි වේ.
බෝඩින් පාස් එක කියන්නේ මෙන්න මෙහෙම එකකට.ඉස්සර නම් මේක එයාපෝට් එකේ චෙක් ඉන් කවුන්ටර් එකෙන් විතරලු ගන්න පුළුවන්.දැන් නම් ඊමේල් කරනවා.මට ඊමේල් කරන්නම් කියල ට්‍රැවල් ඒජන්ට් මුල්ම දවසෙම කිව්වා
එතකොට එයාපෝට් එකේදී කරන්න තියෙන එක වැඩක් අඩුවෙනවා![]()

උබ කියන එක හරි නමුත් මචන් ඕක ගොඩක් වෙලාවට බජට් ගුවන්යානා වල කරන්නේ බලාගෙන (airasia) වගේ, මොකද මචන් උබල මොනවා හරි මීල් ප්‍රි-ඕඩර් කරලා තිබුනොත් එහෙම කෙස් වෙනවා මොකද උබේ ඔරිජිනල් ෂිට් එකෙත් මොකෙක් හරි වාඩි වුනොත් උබ වෙන එකක වාඩි වෙන වෙලාවේ ඒ උබ ඕඩර් කරපුවා අරුට තමයි හම්බ වෙන්නේ![]()



එහෙම වෙන්න පුළුවන්, ඒත් ඉතින්, විශේෂ දේවල් ඕඩර් කරල නැත්තන්, මොන සීට් එකේ හිටියත්, ලඟට ඇවිල්ල මොනාද ඕනෙ කියල අහල දෙනවනෙ .. ඉතින් මොන සීට් එකේ ගියාම මොකෝ ... Qatar Airways එකේ නම්, හිස් සීට් සෙට් වෙනවා ගොඩක් වෙලාවට, සීට් 3ක් සෙට් උනොත් ආතල් එකේ දිග ඇදිල නිදාගන්න හරි පුළුවන් විස්කි ෂොට් එකක් දාගෙන ..![]()
ස්තුතියි මචං. ඔන්න මගෙනුත් ආපහු රෙප්8++
මම ජපානයට ආවේ. Narita international Airport එකේම ඉදන් එලියට එද්දිම ස්ටේෂන් එක තියෙනවා.ඒකෙ 1500yen දීලා ටිකට් එක ගත්තා.මෙහෙ ටිකට් පන්ච් කරන්න ඩයල් එකක් නැ.ගේට් එකට ටිකට් එක දැම්මම ඒක පන්ච් වෙලා ගේට් එක ඇරෙනවා.ඊලගට ට්‍රේන් එක එන එනවෙලාවට (පොඩ්ඩක් වත් පරක්කු වෙන්නේ නැ) නගින්නයි තියෙන්නේ.
එළකිරි තව විස්තර දාන්නම්![]()



ඔව් උබ ඔය කියන්නේ මචන් සුපොපබෝගී ගුවන් සමාගම් වල ගුවන් යානා, නමුත් මචන් ලංකාවේ ඉන්න ජනගහනයෙන් ගුවන් යානයක යන්නෙත් ඉතාම් සුළු ප්‍රමානයක් එකෙනුත් 1%-2% වගේ තමයි ඔය සිපිරි ඒවගේ යන්නේ අනිත් හැමෝම වගේ බලන්නේ මචන් බජට් ගුවන් යානා වල යන්න(මේක ඇත්තටම හිතුවට බජට් නෙවෙයි ඒක නොදන්නා කමට තමයි එහෙම වෙන්නේ).
අනේ මන්ද අපිත් යන්නෙ අඩුම ඒව වල තමයි, ගොඩක් වෙලාවට "economy", ඒත් ඉතින් ගොඩක් වෙලාවට Qatar Airways එක අනිත් හැම එකකටම වඩා ගණන් අඩුයි, නැත්තන් ගණන් ලඟින් ලඟින් තමයි යන්නෙ, සර්විස් එකත් පට්ට ... ඔය උඹ "බජට්" කියල කියන ඒව වලත් මම හිතන්නෙ නෑ මහලොකු ගානක් ටිකට් අඩු ඇති කියල ... Qatar Airways එකේ නම් ඉතින් විස්කි ඉල්ලුවත් උන් ගෙනල්ල දෙනව ... Sri Lankan එක තමයි මම හිතන්නෙ ලෝකෙන්ම චාම එක, ඒක ගැන නම් කතාකරල වැඩක් නෑ ...