✨☁️🌟 "NGC 2626" පරාවර්තන නිහාරිකාව සහ "Vela Molecular Ridge" අණුක වළා සංකීර්ණය 🌟☁️✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 04

    "NGC 2626" යනු ක්ෂීරපථය (Milky Way) මන්දාකිණියෙහි දකුණු දෙසට වන්නටව පිහිටා තිබෙන දීප්තිමත්, නිල් පැහැ ආලෝකය පරාවතනය කරනු ලබන පරාවර්තන නිහාරිකා (blue reflection nebula) ගනයට අයත් වන නිහාරිකාවකි. පහත දැක්වෙන දුරේක්ෂීය ඡායාරූපයේ මධ්‍යයයට වන්නටව දිස්වන මෙම "NGC 2626" නම් වූ පරාවර්තන නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3200 ක් ඈතින්, 'Vela' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. මෙම නිහාරිකාවට යාබදව පවතින අඳුරු දූවිලි වළාව හා එය වටා දැකගත හැකි රතු පැහැයෙන් දිස්වන හයිඩ්‍රජන් විමෝචනය සිදුවන ප්‍රදේශය, "RCW 27" නම් වූ "H II region" ගනයේ ප්‍රදේශයක් වන අතර අණුක දූවිලි වළා සංකීර්ණයක් ලෙස සකස් වී ඇති මෙම ප්‍රදේශය හදුන්වනු ලබන්නේ "Vela Molecular Ridge" ලෙසිනි.

    අයනීකරණයට ලක්වූ අන්තර්තාරකා පරමාණුක හයිඩ්‍රජන්වලින් සමන්විතව පවතින ප්‍රදේශයක් මෙහිදී "H II region" ගනයේ ප්‍රදේශයක් ලෙස හදුන්වනු ලබයි. මෙම "NGC 2626" පරාවර්තන නිහාරිකාව නිතැතින්ම අනතර්තාරකා දූවිලිවලින් සැදුම්ලත් වළාවක් ලෙස හැදින්විය හැකි අතර නිහාරිකාව තුළ පිහිටා ඇති උණුසුම්, යොවුන් තාරකාව (ඡායාරූපයේ දිස්වන, නිහාරිකාවේ මධ්‍යයයේ පිහිටා ඇති දීප්තිමත් තාරකාව) මගින් නිකුත් කරන ආලෝකය මෙලෙස නිල් පැහැති ආලෝකය ලෙස පරාවර්තනය කිරීම නිහාරිකාව මගින් සිදු කරයි. "NGC 2626" පරාවර්තන නිහාරිකාව මෙම මධ්‍ය තාරකාවට අමතරව බොහෝ යොවුන් තාරකාවන්ගෙන් හා නව තාරකාවන් උපැද්දවීම් සිදුකරන ප්‍රදේශයකින් ද (star-forming region) සැදුම්ලත්ව නිර්මාණය වී තිබේ. පහත දැක්වෙන ඡායාරූපයෙන් "NGC 2626" පරාවර්තන නිහාරිකාව හා "Vela Molecular Ridge" අණුක වළා සංකීර්ණයට අයත් ආලෝක වර්ෂ 30 ක පමණ වූ වපසරියක් නිරූපණය කොට තිබේ.


    Image Credit & Copyright: Mike Selby & Mark Hanson

    NGC_2626_CDK_700_II_20_Jan_2023.jpg





    Young Stars Associated with the Reflection Nebula NGC 2626

    Vela Molecular Ridge

    H II region

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    Universe, Ancient history type, sci fi wage documentaries. parana film thiyena 3k hamba una. thawa ewa dannawan
    මේ චැනල් ටික තමයි බලන්නෙ 40+ mins වලට වැඩි වීඩියෝස් බලනවා නම්.

    JCS - Criminal Psychology

    Real Stories

    DW Documentary


    මෙව්වගෙන් හයිඩ්‍රජන් විමෝචනෙ වෙන්නෙ කෝමද බන් :eek:
    ඔය නිහාරිකාවල තියෙන තාරකාවලින් පිටවෙන පාරජම්බුල කිරණවලින් නිහාරිකාවෙ තියෙන හයිඩ්‍රජන් අයනීකරණෙ කරනවා. ඒකෙදි හයිඩ්‍රජන්වල න්‍යෂ්ටියයි, ඉලෙක්ට්‍රෝනයි අඩු ශක්ති මට්ටම්වලට පත්වුණාම හයිඩ්‍රජන් පරමාණුවලින් දෘෂ්‍ය ආලෝකය විමෝචනය කිරීමක් සිද්ධවෙනවා.
    ------ Post added on Feb 5, 2023 at 12:02 AM
     
    Last edited: