✫✫✫ ලෝකේ ඉන්න විශාලතම බල්ලන් වර්ග 10 ✫✫✫
මේ කියන්න යන්නේ ලෝකේ ඉන්න විශාලතම බල්ලන් වර්ග 10 ගැනයි.
10. කොකෙශියානු බැටළු බල්ලා (Caucasian Shepherd Dog)
Caucasian Shepherd Dog
මේ වර්ගය විශාල උනාට ඒ තරම් බර නැහැ. වැඩුණු සතෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 70ක් (අඟල් 28ක්) විතර උස යනවා. කිලෝ 45ක් (රාත්තල් 99ක්) පමණ බරකින් යුක්ත මොවුන් තරමක් කේන්ති යන මධ්‍යම ප්‍රමාණයේ බුද්ධි මට්ටමකින් යුක්ත විශේෂයක්. නමුත් මොවුන් අයිතිකරුට බොහෝ කීකරු බව පැවසෙනවා.
9.කුවාස් (Kuvasz)
Kuvasz
ටිබෙට් රටේදී උපත ලැබූ හංගේරියානු සම්භවයක් සහිත මෙම වර්ගය සෙන්ටිමීටර් 76ක් (අඟල් 30ක්) පමණ උස යනවා. බර කිලෝ 68ක් (රාත්තල් 150ක්) පමණ වනවා. සුදු පති ලොම් සහ විශාල ඇස සහිත මෙම වර්ගය හංගේරියාවේ රජ පවුල විසින් ආරක්ෂාවට හා දඩයම් බල්ලන් ලෙස භාවිත කරනවා.
8. ඉංග්‍රීසි මස්ටිෆ් (English Mastiff)
English Mastiff
මොවුන් ලෝකයේ බර අධිකම බල්ලන් වර්ගය ලෙස නම් දරා සිටිනවා. මේ වර්ගයේ බල්ලෙකු වන හර්කියුලිස් නම් බල්ලෙකු දැනට බරම බල්ලාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියනවා. ඒ කිලෝ 270ක බරක් සමගයි.
සාමාන්‍යයෙන් මේ වර්ගයේ බල්ලෙකුගේ බර කිලෝ 113ක් පමණ වනවා. සෙන්ටිමීටර 75ක් (අඟල් 30ක්) පමණ උසකට වැඩෙන මොවුන් ඉතා කීකරු බල්ලන් විශේෂයක් වන මුත් ඔවුන්ට වාසය කිරීමට වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා.
7. අයිරිෂ් වුල්ෆ්හවුන්ඩ් (Irish Wolfhound)
Irish Wolfhound
හැම අතින්ම ගත්තොත් මේ ලයිස්තුවේ සිටින විශාලතම බල්ලන් විශේෂය තමයි මේ අයිරිෂ් වුල්ෆ්හවුන්ඩ් බල්ලන් විශේෂය. මොවුන් ඉතා වේගවත් වන අතර වෘකයන් හා ඌරන් දඩයම් කිරීමට යොදාගන්නවා. සෙන්ටිමීටර 78ක් (අඟල් 32ක්) පමණ උසකින් යුක්ත වන මොවුන් කිලෝ 54ක පමණ බරකින් යුක්ත වනවා. කකුල් දෙකකින් සිටගත් විට මොවුන් අඩි 7ක් පමණ උසකින් යුක්ත වන බව පැවසෙනවා.
6. ශාන්ත බර්නාර්ඩ් (St. Bernard)
St. Bernard
ස්විට්සර්ලන්තයේ ජාතික බල්ලා ලෙස නම් දරා සිටින මෙම විශේෂය මුදවාගැනීමේ මෙහෙයුම් වලදී විශේෂ කාර්යන් ඉටු කර තිබෙන මහජන ගෞරවයට පත්ව සිටින බල්ලන් විශේෂයක් වනවා. මොවුන් උසින් සෙන්ටිමීටර 90ක් (අඟල් 35ක්) පමණ උස යන අතර කිලෝ 120ක් පමණ බරකින් යුක්තයි. මොවුන් ඉතා කීකරු සහ ශක්තිමත් වර්ගයක් ලෙස නම් දරා සිටිනවා.
5. නිව්ෆවුන්ලන්ඩ් (Newfoundland)
Newfoundland
කැනඩාවේ නිව්ෆවුන්ලන්තයේ ධීවරයන් හට පහසුව පිණිස ඇතිකරන මෙම විශේෂය ශක්තිමත් බල්ලන් විශේෂයක් ලෙස හඳුනාගැනෙනවා. සෙන්ටිමීටර 70ක් පමණ උසකට වැඩෙන මොවුන් කිලෝ 80ක පමණ බරකින් යුක්තයි. ජලයේ සිදුවන බේරාගැනීමේ මෙහෙයුම් වලදී උදව් වන මොවුන්ගේ පාද ඊට පහසු වන විශේෂ ආකාරයකට සැකසී තිබෙනවා.
4.ලියෝන්බර්ජර් (Leonberger)
Leonberger
මෙම ලැයිස්තුවේ සිටින සමහර වර්ග තරම් විශාල නොවුනද මෙම වර්ගය සෙන්ටිමීටර 80ක් පමණ උසින් වැඩෙන අතර බරින් කිලෝ 68ක් පමණ වනවා.
ජර්මනියේ බිහිවූ මෙම වර්ගය සිංහයන් අනුකරණය කරමින් බිහිකර තිබෙනවා. මොවුන් බේරාගැනීමේ මෙහෙයුම් හා වෙනත් වැඩ සඳහා විශේෂයෙන් පුරුදු කිරීමට හැකි අතර මිනිසුන් සමග වාසය කිරීමට ඉතා සුදු වර්ගයක් ලෙස හැඳින්වෙනවා.
3.ප්‍රංශ මස්ටිෆ් (Dogue de Bordeaux (French Mastiff))
Dogue de Bordeaux (French Mastiff)
යුරෝපයේ පැරණිම බල්ලන් විශේෂයක් වන මොවුන් සෙන්ටිමීටර 69ක් පමණ උසින් සහ කිලෝ 68ක පමණ බරින් යුක්ත වෙන අතර English Mastiff බල්ලන් හා සමාන ශරීර අඟලක්ෂණ වලින් යුක්තයි.
කැනයින් බල්ලන් අතර විශාලම හිසක් හිමි බල්ලන් වන මොවුන් ශක්තිමත් බල්ලන් විශේෂයක් වන අතර වැඩි ආහාර ප්‍රමාණයක් දිනකට අවශ්‍ය බව පැවසෙනවා.
2. ඇනටෝලියන් බැටළු බල්ලා (Anatolian Shepherd)
Anatolian Shepherd
මෙම ලයිස්තුවේ සිටින ශක්තිමත්ම බල්ලන් විශේෂයක වන මොවුන් එළුවන් සහ බැටළුවන් බලාගැනීමට විශේෂයෙන් යොදා ගැනෙනවා. වෘකයන්, වලසුන් හා නරින් වැනි සතුන්ගෙන් පවුන් ආරක්ෂා කර දෙන මේ බල්ලන් ඉතා විශාල නොවුනද වෘකයෙකු සමග වුවද පොර බැදීමට තරම් ශක්තිමත් බව පැවසෙනවා.
මොවුන් සෙන්ටිමීටර 78ක් (අඟල් 31ක්) පමණ උසකින් යුක්ත වන අතර බරින් කිලෝ 68ක් (රාත්තල් 150ක්) පමණ බරින් යුක්තයි. මොවුන් ඉතා ශක්තිමත් ආරක්ෂක බල්ලන් විශේෂයක් ලෙස හඳුනාගැනෙනවා.
1.ග්‍රේට් ඩේන් (Great Dane)
Great Dane
මෙම ලැයිස්තුවේ පලවෙනි තැන ලබාගෙන සිටින Great Dane නැමති බල්ලන් විශේෂය පෙර Zeus යන නමින්ද හඳුන්වනු ලබා තිබෙනවා. ස්කුබි ඩූ කාටූන් කතා මාලාවේද ප්‍රධාන චරිතයට යොදා ගෙන ඇති මෙම විශේෂය වැඩි උසකින් යුක්ත බල්ලන් විශේෂයක්.
සාමාන්‍ය වැදුණු සතෙක් සෙන්ටිමීටර 100ක් (අඟල් 40ක්) පමණ උසකින් යුක්ත වන අතර බරින් කිලෝ 54ක් (රාත්තල් 120ක්) පමණ යුක්තවනවා. මොවුන්ගේ පුල්ලි සහිත හම මොවුන්ගේ කැපී පෙනෙන ශරීර ලක්ෂණයක් ලෙස හඳුනාගැනෙනවා.
Source : පැණිකජු.com

හිටියා උත් මැරුණා බන්
. මාත් මේ German Shepherd එකෙක් ගන්න ඉන්නේ..ආරක්ෂාවටත් එක්ක 
ආයිනම් වල් එවුන් ඇති කරන් නෑ කියල ඉන්නේ 

බලාගන්න ගියාම එපා වෙනවා ඇති නේ..කෑම එහෙම නොර්මල් කෑමද දෙන්නේ.ආරක්ෂාවට හොදයි ගොඩක් නේ..