විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක්(water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා තිබේ.
මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ ඊයේ දින හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් තිබේ.
මෙම ජල ප්‍රහාරක රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වූ බව ද වාර්තා වේ. විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණය පවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ද එය දැඩිසේ විවේචනයට ලක්වී තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මුලස්ථානයයේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය.
Neth Gossip

