〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    වර්තමාන ලෝකයේ number systems ගණනාවක්ම පවතිනවා. number system එකක් කියන්නේ යම් අදහසක් ප්‍රකාශ කිරීමට සංඛ්‍යා පාවිච්චි කරන පද්ධතියක්. මේ වනවිට ලෝකයේ පාවිච්චි වෙන්නේ බොහොම සුළු number system ගණනක් වුනත් බුදුන්ගේ කාලයේ සිටම මේ ලෝකයේ රාශියක් තිබිලා තියෙනවා.

    සිංහල බස අතීතයට

    නමුත් මේ ළගදි නැවතත් සිංහල සංඛ්‍යා පිළිබද කතා බහක් ඇතිවුණා. ඒ නිසාමයි නිසාමයි මම මේ ගැන ලියන්න හිතුවේ. සිංහල අයිති වෙන්නේ ඉන්දු යුරෝපා භාෂා පවුලට. මේ පවුලේ දැනට සජීවී සාමාජිකයන් 445කට ආසන්න ගණනක් මේ පවුලේ ඉන්නවා. අජීවී ගන්නත් සෑහෙන ඉහලයි. මේකේ උප කොටසක් වන ඉන්දු- ඉරාන භාෂා ගණයට තමයි අපේ සිංහල අයිති වෙන්නේ. ආසියාවේ දකුණට එනකොට හමුවෙන ලංකාවේ වගේම මාල දිවයින් දූපත් එහෙමත් මේ භාෂා පවුල තමයි අයිති වෙන්නේ.

    ba407925e9da4fb302e38a4652726813.gif


    අපේ භාෂාව ගත්තොත් දැනට ලෝකයේ මිලියන 16කගේ භාෂාව වගේම, පාලි භාෂාවට පස්සේ බුදු දහමට වැඩියෙන්ම සේවයක් කරන්න ලැබුණු භාෂාව වෙන්නෙත් සිංහල. සිංහල භාෂාවේ ආරම්භය ඉන්දියාවේ “එලු” කියන භාෂාව දක්වා විහිදෙනවා. මේ භාෂාවේ පරිණාමය වෙලා හෙළ භාෂාවටත් එකෙන් සිංහල භාෂාවටත් ඇවිත් තියෙන්නේ. කාගෙන් ආවා කිව්වත් සිංහල භාෂාවේ “ඇ” හා “ඈ” අකුරු වෙන කිසිම හෝඩියක නැහැ.

    සිංහල සංඛ්‍යා?

    ලංකාවේ අතීත සංඛ්‍යා ගැන කතා කලොත් ළගදි නිකුත් වුණු පොතක් නැති උනත් සිංහල භාෂාව ගැන අතීතයේ ලියවුනු පොත් කිහිපයක්ම මේ සිංහල සංඛ්‍යා ගැන කරුණු කරුණු දක්වලා තිබෙනවා.

    Mendis.jpg

    By Mendis Gunesekera – 7Archaic Sinhala Numerals from Plate III of Abraham Mendis Gunasekera’s ‘A Comprehensive Grammar of Sinhalese Language’ book. These numerals did not have a zero and they also did not have zero concept holder., CC BY-SA 3.0, https://commons.wikimedia.org/w/index.php?curid=13132397

    ඒබ්‍රහම් මෙන්ඩිස් ගුණසේකර මහතාගේ “A Comprehensive Grammar of Sinhalese Language (1891)” කෘතියේ පිටු අංක 146/147 වගේම Plate III පිටුව දක්වලා තිබෙනවා මේ විස්තර සම්බන්ධව. මොහු සදහන් කරනවා ග්‍රන්ථයේ “The Sinhalese had symbols of its own to represent the different numerals which were in use until the beginning of the present century. Arabic Figures are now universally used. For the benefit of the student, the old numerals are given in the plate opposite (No. iii.).” මේ ගුණසේකර මහතා සදහන් කරන පිටුවේ දැක්වෙනවා 1 සිට 1000 දක්වාම සංඛ්‍යා වලට භාවිතා වුනු සංකේතයන්.

    සිංහල කතා කරන ඔබ මට මේක හිතට පොඩි හරි ආඩම්බරයක් ගේනවා. අපිටම කියල භාෂාවක් විතරක් නෙමෙයි, ඉලක්කම් පවා තිබිලා කියලා! අනික් කරුණ තමයි සිංහල භාෂාවේ කලින් බින්දුව නැත්නම් ශුන්‍යය කියන සංකල්පය පාවිච්චි වෙලා නැහැ. 10 100 1000 40 වගේ ඉලක්කම් වලට වෙන වෙනම සංකේත තමයි පාවිච්චි වෙලා තිබෙන්නේ.

    WADesilva.jpg

    By Harshawije64 – of Palm leaf manuscripts in the library of Colombo Museum’, CC BY-SA 3.0, https://commons.wikimedia.org/w/index.php?curid=13133405
    “Catalogue of Palm leaf manuscripts in the library of Colombo Museum’, Volume I” කියන පොත නිර්මාණය වෙන්නේ W.A ද සිල්වා මහතාගේ අතින්. මේකෙත් සංඛ්‍යා පිලිබදව සටහන් වෙනවා.

    Poket_Watch.jpg

    By Harshawije64 – Colombo Museum, CC BY-SA 3.0, https://commons.wikimedia.org/w/index.php?curid=13150777

    ඔබට සුළු හෝ දැනුමක් පවතිනවානම් සිංහල හෝරා ක්‍රමය ගැන,දවසකට හෝරා 60ක් පැවතුනා. මේ හෝරා යන්ත්‍රයක නැත්නම් ඔරලෝසුවක් ඉහත දැක්වෙන්නේ. මේ ඔරලෝසුව අයිති වෙන්නේ සිංහලයේ අවසාන රජ්ජුරුවන්ට. මේ ඔරලෝසුවේ සිංහල සංඛ්‍යා තියෙනවා, දවසෙන් අඩක් ගිය වෙලාවට එහෙමත් නැත්නම් පැය 30ක් ගිය මොහොතට.

    උඩරට ගිවිසුමේත් සිංහල ඉලක්කම්?

    1815Convention.jpg

    By Harshawije64 – Government Archives, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=13153248

    Convention18151.jpg

    By Harshawije64 – Archives, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=13154678

    Convention18152.jpg

    By Harshawije64 – Government Archives, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=13155207

    ඉහත දැක්වෙන ඡායාරුප 3ම 1815දී උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් පාවිච්චි වුන අවස්ථාවන් දකින්න පුළුවන්. මේ ඉලක්කම් 19 වැනි ශත වර්ෂයේ පැවතුනු බවට ප්‍රබලම සාක්ෂිය තමයි මේක. ඉංග්‍රීසි අධිරාජ්‍ය ලංකාවට පැමිණීමත් එක්කම තමයි මේ අකුරු අභාවයට ගිහින් තියෙන්නේ. අද වෙද්දී අපි අයෙමත් අපේ දේවල් හොයන්න ලෝකෙට ගෙනියන්න උත්සහ කරනවා. Crowdsourcing කරන කෙනෙකුට වුනත් මේක වැදගත් මාතෘකාවක් වේවි තමන්ගේ කටයුතු වලට.


    -Copied Link
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඕක භාවිතයෙ තියාගන්නෙ නැතුව අත ඇරිය එක නං ලොකු දෙයක්
    අරාබි කාරයො වගේ වෙනම ඉලක්කං සෙට් එකත් මේන්ටේන් කරා නං ජීවිතේ තවත් සංකීරන වෙනව
    ළමයින්ට වැඩකට නැති දෙයක් ඉගෙන ගන්න මහන්සි වෙන්න වෙනව

    මොනව උනත් අපේ පරන මිනිස්සු ඔහොම එකක් පාවිච්චි කරපු එක ගැන ආඩම්බරයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Thanks, Bro. I wonder why we didn't get the concept of zero. because that was an invention of Indian scholars. So it is understandable how constricted our knowledge was in the dark ages, after the golden era of Polonnaruwa we moved backwards and became an isolated country.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මේ අංක ක්‍රමය දාසයවන ශතවර්ෂෙන් පස්සෙ පේන්න තියෙන එකක්. ඊටත් කාලෙකට කලින් බ්‍රාහ්මී සෙල්ලිපි අක්ෂර වලින් අංක පාවිච්චි කරපු අවස්ථා කලාතුරකින් තියෙනව. මේ පද්ධතියෙත් බ්‍රාහ්මී ස්ක්‍රිප්ට් තියෙනව අන්තිමට කීපයෙ. මන් හිතන්නෙ නුවර යුගයෙ රෝයල් කෝර්ට් එකේ හින්දු ආභාෂය නිසා වෙන්න ඕනෙ. වේදික සංස්කෘතියෙ අංක විද්‍යාව උගන්නන නිසා උන් ලංකාවෙ වැඩ වලට සිස්ටම් එකක් හදාගන්න ඇති.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    Thanks, Bro. I wonder why we didn't get the concept of zero. because that was an invention of Indian scholars. So it is understandable how constricted our knowledge was in the dark ages, after the golden era of Polonnaruwa we moved backwards and became an isolated country.

    We definitely had an elegant understanding of geometrical methods and numerical operations for without them stupas and irrigation projects would have been impossible. I don't understand why we did not care enough to write them down. Then again most vedic mathematical texts from the first millenium BC have been passed down by means of oral tradition and only put to manuscript form in later AD years.

    Recording your methodology is key otherwise your genius is squandered. Think about what we couod have known had Egyptians documented their engineering acumen. This is where Indians come to the top- being men of words and letters they memorised and later wrote almost everything exhaustively.

    At least we cared enough to document our origin myth. Let's be glad about that.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මේ අංක ක්‍රමය දාසයවන ශතවර්ෂෙන් පස්සෙ පේන්න තියෙන එකක්. ඊටත් කාලෙකට කලින් බ්‍රාහ්මී සෙල්ලිපි අක්ෂර වලින් අංක පාවිච්චි කරපු අවස්ථා කලාතුරකින් තියෙනව. මේ පද්ධතියෙත් බ්‍රාහ්මී ස්ක්‍රිප්ට් තියෙනව අන්තිමට කීපයෙ. මන් හිතන්නෙ නුවර යුගයෙ රෝයල් කෝර්ට් එකේ හින්දු ආභාෂය නිසා වෙන්න ඕනෙ. වේදික සංස්කෘතියෙ අංක විද්‍යාව උගන්නන නිසා උන් ලංකාවෙ වැඩ වලට සිස්ටම් එකක් හදාගන්න ඇති.
    ලන්කාවෙ අයට ස්තූප හදන්න පුලුවන් වෙන්න ඉන්දියන් උන්ට නැතිඋන කන්සෙප්ට් එක මොකද්ද? තැනක දෙකක මේක දැක්කට හරි අදහසක් දැක්කෙ නෑ කොහෙවත්