🌌🛰️☄️ උල්කාපාත ගැටීමක් හේතුවෙන් "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයට සැලකිය යුතු හානියක් ☄️🛰️🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    James-Webb-horror-as-8-4bn-NASA-space-telescope-damaged-by-meteorite-collision-1641522.jpg
    st,small,507x507-pad,600x600,f8f8f8.u2.jpg


    කුඩා ප්‍රමාණයේ උල්කාපාත කැබැලි 19 ක් "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂයේ (James Webb Space Telescope) ගැටීම හේතුවෙන් ඊට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව නාසා ආයතනය විසින් හෙළි කර තිබෙනවා. මෙම උල්කාපාත කැබැලි ගැටීම හේතුවෙන් දුරේක්ෂයේ වූ ප්‍රධාන දර්පණයේ ස්ථාන 6 කට හානි සිදුවී ඇති බවත් (ප්‍රධාන දර්පණයෙ සමන්විත වූ කුඩා ෂඩාස්‍රාකාර දර්පණ පුවරු කොටස් 18 අතුරින් 'C3' නම් දර්පණ කොටසට මෙයින් හානි සිදු වී ඇත), ඒ හේතුවෙන් මෙම මෙම දර්පණ කොටස්වල පවතින ආලෝක තරංගයන්ගේ ස්වභාවය හා පරාසය (wavefront) හදුනාගැනීමට තිබෙන හැකියාව විශාල වශයෙන් අවම වී ඇති බවටත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණා. නාසා ආයතනයේ විද්යාඥයන්ට අනුව එම ප්‍රධාන දර්ප‍ණයට ලබාදෙන දත්තයන් වෙනස් කිරීම මගින් එහි වූ නාභිගත කිරීම් නැවතත් නිවැරදි ලෙස සකස් කිරීම තුළින් මෙම සිදුවූ හානිය යම්තාක් දුරට අවම කරගත හැකිවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා.



    දර්පණයට සිදුවී ඇති හානිය

    jeV3URxthzMA5wq65EmwMS-970-80.png



    වැඩිදුර තොරතුරු:


    Meteor impact left 'uncorrectable' damage to the Webb telescope's mirror, new report shows

    Meteoroid hit has caused 'significant uncorrectable' damage to James Webb Space Telescope







    James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    🌌🛰️🔭 විශ්වයේ රහස් සෙවීමට අභ්‍යවකාශ ගතකළ James Webb අභ්‍යවකාශ දුරේක්ශය තම ප්‍රථම ඡායාරූපය ගැනීමට සූදානම් වීමේ ක්‍රියාවලිය අරඹයි 🔭🛰️🌌


    🚀🛰️🔭🌌 "James Webb" අභ්‍යවකාශ දුරේක්ශය මගින් ගනු ලැබූ ප්‍රථම ඡායාරූප නාසා ආයතනය විසින් එළි දක්වයි 🌌🔭
    🛰️🚀

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 13 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු විශ්වයේ අසිරිය 🌌🔭🌎


    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 14 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope) මගින් දුටු
    "Southern Ring Nebula" 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 18 - James Webb, හබල් හා 'Subaru' දුරේක්ෂයන්ගේ සං‍යෝජනයෙන් දුටු "Stephan's Quintet" මන්දාකිණි සමූහය 🌌🔭🌎


    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 20 - "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු බ්‍රහස්පති ග්‍රහයා හා එහි වළලු පද්ධතිය 🌌🔭🌎
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ලොකු අවුලක් නැ කියලා තිබ්බ දැක්ක.

    ලොකු එකක් වැටුණොත් billion ගාණක් අපරාදෙ.. :no:
    හබල් වගේ නෙවේ ඊට වඩා හුගක් ඈතින් තියන telescope එකක් නිසා ඩැමේජ් එකක් වුණොත් astronuts ලට ගිහිල්ලා රෙපෙයාර් කරන්නත් බෑ හබල් වගේ. ඒකයි ඔතන තියන අවුල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හබල් වගේ නෙවේ ඊට වඩා හුගක් ඈතින් තියන telescope එකක් නිසා ඩැමේජ් එකක් වුණොත් astronuts ලට ගිහිල්ලා රෙපෙයාර් කරන්නත් බෑ හබල් වගේ. ඒකයි ඔතන තියන අවුල.
    දෑං ශටල් නැති නසා හබල් එක තිබුනු තරම් ලඟින් තියන එකක් උනත් මේන්ටනන්ස් මිශන් කරන්න විදියක් නැහැනේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    L2 reddasse yawwane. Othana ulkapatha ekkahu wela thiyanne kohomath

    දෑං ශටල් නැති නසා හබල් එක තිබුනු තරම් ලඟින් තියන එකක් උනත් මේන්ටනන්ස් මිශන් කරන්න විදියක් නැහැනේ
    Giyath mirror segment ekak replace karannanam ba. Patta sankeerna wadak
    ------ Post added on Jul 21, 2022 at 7:04 PM
     

    Similar threads