🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය/වීඩියෝව - 2022 ජනවාරි 10 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    මේ timelapse වීඩියෝවෙන් නිරූපනය වන්නේ පසුගිය මාසයේ දින දහයක කාලයක් තුළ ලෙනාඩ් ( C/2021 A1 (Leonard) වල්ගා තරුවේ වල්ග කොටසේ සිදුවූ චලනයන් නිසා එහි සිදුවූ වෙනස්කම් සමූහයකි. සූර්යයා වටා කක්ෂගත වී තිබෙන නාසා ආයතනයට අයත් STEREO-A ( Solar Terrestrial Relations Observatory-Ahead) අභ්‍යවකාශයානයේ ඇති කැමරා/දුරේක්ෂ යොදාගෙන රූපගත කර ඇති මේ සංසිද්ධිය අඩංගු මෙම රූපාවලිය නිරීක්ශනය කිරීමේදී ලෙනාඩ් වල්ගාතරුවේ අයන වල්ගය චලනය වන හා එහි දිග වැඩිවෙන ආකාරයත්, සූර්ය සුළං වල බලපෑම හේතුවෙන් එහි කොටස් පුපුරා විනාශ වී යන ආකාරයත් හොදින් දැකගත හැකියි. ලෙනාඩ් වල්ගාතරුව මේ වන විට සූර්යයා දෙසට ගමන් කරමින් තිබෙන අතර එය සූර්යයාට වඩාත් ආසන්නවන අවස්ථාව බුධ ග්‍රහයාත්, සිකුරු ග්‍රහයාත් අතර කක්ශයකදී සිදුවෙතැයි අපේක්ශා කරන අතර ඉන්පසු වල්ගාතරුව අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කරනු ඇත.






    C/2021 A1 (Leonard) - ලෙනාඩ් වල්ගාතරුව

    Solar-Terrestrial Relations Observatory-Ahead (STEREO-A)