🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 25 - චන්ද්‍රයාට ඉදිරියෙන් ගමන් කළ චීනයට අයත් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Tiangong Space Station) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg


    රළු භූ ලක්ෂණවලින් සමන්විත වූ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශයන් නිරූපණය කෙරෙන මෙම අපූරු වර්ණවත් ඡායාරූපය කැමරා කාචයට හසුකර ගෙන ඇත්තේ , චන්ද්‍රයා අර්ධ වශයෙන් (last quarter moon) දිස්වූ පසුගිය අගෝස්තු 20 වන දින රාත්‍රියේය. ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ, 'Springrange' නම් නගරයෙහි වූ ස්ථානයක සිට කැමරාගත කරන ලද වීඩියෝවක වූ රූපරාමු හා නිශ්චල ඡායාරූප කීපයක් යොදාගනිමින් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය මගින් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශයන්‍ට අමතරව චන්ද්‍රයාගේ ඉදිරිපසින් ගමන් කළ චීනයට අයත් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද (Tiangong Space Station) දැකගත (සුදු පැහැති කුඩා තිතක් ලෙස) හැකිය.

    තත්පරයක කාලසීමාවක් ඇතුලත චන්ද්‍රයා පසු කරමින් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් ගත් ආකාරය අවධි කීපයක් මගින් මෙහිදී පෙන්නුම් කර ඇති අතර 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙලෙස චන්ද්‍රයා පසුකරමින් ගමන් ගනු ලැබුවේ තත්පරයට කිලෝමීටර 7.68 ක (7.68 km/s) වේගයකිනි. 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා ගමන් කරනුයේ පොළොවේ සිට කිලෝමීටර 425 ක් ඉහළින් පිහිටි කක්ෂයක වන අතර චන්ද්‍රයා පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් පමණ දුරකිනි. මෙම ඡායාරූපයෙහි වූ සියුම් වර්ණ වෙනස්කම් හා දීප්තිමත් චන්ද්‍ර පෘෂ්ඨය සදහා මෙම ඡායාරූපය නිර්මාණය කිරීම සදහා යොදාගත් රූපරාමු ස්ථර කීහිපයක් ලෙස එකක් මත එකක් තබා ගොඩනැගීම හේතු වී ඇති අතර පියවි ඇසින් නිරීක්ශනය කළ නොහැකි චන්ද්‍ර පෘෂ්ඨයෙහි වූ රසායනික සං‍යුතියේ පවතින වෙනස ද මෙමගින් පිළිබිඹු කරයි.


    Image Credit & Copyright: Lucy Yunxi Hu

    Tiangong_transiting_moon_Lucy_Hu_APOD_submission.jpg





    Tiangong space station










     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    hamadamath wage hoda article ekak. (y)
    oyama me articles liyanawa neda. blog ekak wage hadala email newsletter dala computer jil mart ekak dala 💰🤑 tikak hoyanna try kare nadda ek ekth dana gaman.
    :love2:(y) ඉස්සරහට එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා සහෝ. ලියන එක මමම තමයි කරන්නෙ. :yes: තව මං YT channel එකකුත් කරනවා. :)

    TFS, සහෝ :)(y)
    ------ Post added on Aug 25, 2022 at 10:03 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    :love2:(y) ඉස්සරහට එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා සහෝ. ලියන එක මමම තමයි කරන්නෙ. :yes: තව මං YT channel එකකුත් කරනවා. :)


    TFS, සහෝ :)(y)
    ------ Post added on Aug 25, 2022 at 10:03 PM
    ah maru maru. good luck machan.
    oya youtube channel ehema wadiya elakiriye share karanakota balagena amuthu dial innawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ah maru maru. good luck machan.
    oya youtube channel ehema wadiya elakiriye share karanakota balagena amuthu dial innawa.
    අපෝ, ඒකනම් ඇත්ත සහෝ. :yes:
    BUMP මචං.. හැමදාම වගේ නියම පෝස්ට් එකක්.. කෝ ඔයාගේ youtube channel එක.. මෙතන දාන්න බැරිනම් PM එකක් හරි දාපං sub කරල තියාගන්න.. :love2:
    මං එළකිරියෙ දාපු පළවෙනි ත්‍රෙඩ් එකත් මගේ චැනල් එක ගැන දාපු එකක්. :yes:

    https://elakiri.com/threads/අලුත්-youtube-channel-එකක්.1977977/
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Happy China GIF by Li Jingliang


    අපෝ, ඒකනම් ඇත්ත සහෝ. :yes:

    මං එළකිරියෙ දාපු පළවෙනි ත්‍රෙඩ් එකත් මගේ චැනල් එක ගැන දාපු එකක්. :yes:

    https://elakiri.com/threads/අලුත්-youtube-channel-එකක්.1977977/

    අඩෝ උබෙ පලවෙනි ත්‍රෙඩ් එකෙ, පලවෙනි කමෙන්ට් එක මගෙන්
    මට මොනව හරි අරන් දීපම් :cool:

    ------ Post added on Aug 25, 2022 at 10:48 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මේකට [ @Solo Rider] මොලේ ටිකක් දෙන්න බැරිද... ඔය මොකක්වත් නැති නිසා අවුන්සයක් දුන්නත් ඇති..... 😁
    එතුමට තියෙන මොළේ වැඩියි කියලා මට නම් හිතෙන්නෙ. 😊
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේකට [ @Solo Rider] මොලේ ටිකක් දෙන්න බැරිද... ඔය මොකක්වත් නැති නිසා අවුන්සයක් දුන්නත් ඇති..... 😁


    තෝ මැරුම් කන්ඩ එපා
    වල් බූරු පොල් වෙදා :growl::growl::growl::growl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    එතුමට තියෙන මොළේ වැඩියි කියලා මට නම් හිතෙන්නෙ. 😊

    තෝ මැරුම් කන්ඩ එපා
    වල් බූරු පොල් වෙදා :growl::growl::growl::growl:

    ඔව් එකත් ඇත්ත තමයි. තියන මොලේ පාවිච්චි කරන්නත් දැනගන්න එපැයි. මොලේ පාවිච්චි කරන්නෙම නැති නිසා තියන මොලේ වැඩි තමයි.. ... 🤗
     

    Similar threads