රළු භූ ලක්ෂණවලින් සමන්විත වූ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්රිත ප්‍රදේශයන් නිරූපණය කෙරෙන මෙම අපූරු වර්ණවත් ඡායාරූපය කැමරා කාචයට හසුකර ගෙන ඇත්තේ , චන්ද්‍රයා අර්ධ වශයෙන් (last quarter moon) දිස්වූ පසුගිය අගෝස්තු 20 වන දින රාත්‍රියේය. ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ, 'Springrange' නම් නගරයෙහි වූ ස්ථානයක සිට කැමරාගත කරන ලද වීඩියෝවක වූ රූපරාමු හා නිශ්චල ඡායාරූප කීපයක් යොදාගනිමින් නිර්මාණය කරන ලද මෙම ඡායාරූපය මගින් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආශ්රිත ප්‍රදේශයන්ට අමතරව චන්ද්‍රයාගේ ඉදිරිපසින් ගමන් කළ චීනයට අයත් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය ද (Tiangong Space Station) දැකගත (සුදු පැහැති කුඩා තිතක් ලෙස) හැකිය.
තත්පරයක කාලසීමාවක් ඇතුලත චන්ද්‍රයා පසු කරමින් 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් ගත් ආකාරය අවධි කීපයක් මගින් මෙහිදී පෙන්නුම් කර ඇති අතර 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙලෙස චන්ද්‍රයා පසුකරමින් ගමන් ගනු ලැබුවේ තත්පරයට කිලෝමීටර 7.68 ක (7.68 km/s) වේගයකිනි. 'Tiangong' අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා ගමන් කරනුයේ පොළොවේ සිට කිලෝමීටර 425 ක් ඉහළින් පිහිටි කක්ෂයක වන අතර චන්ද්‍රයා පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර 384 400 ක් පමණ දුරකිනි. මෙම ඡායාරූපයෙහි වූ සියුම් වර්ණ වෙනස්කම් හා දීප්තිමත් චන්ද්‍ර පෘෂ්ඨය සදහා මෙම ඡායාරූපය නිර්මාණය කිරීම සදහා යොදාගත් රූපරාමු ස්ථර කීහිපයක් ලෙස එකක් මත එකක් තබා ගොඩනැගීම හේතු වී ඇති අතර පියවි ඇසින් නිරීක්ශනය කළ නොහැකි චන්ද්‍ර පෘෂ්ඨයෙහි වූ රසායනික සංයුතියේ පවතින වෙනස ද මෙමගින් පිළිබිඹු කරයි.
Image Credit & Copyright: Lucy Yunxi Hu
Tiangong space station
තව මං YT channel එකකුත් කරනවා. 
. ඔබතුමාට මොනව ද ඕනෙ? 