🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 08 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    nvexcIu.jpeg


    මෙම ඡායාරූපයේ වම්පසින් දිස්වන්නේ සූර්යයාගෙන් පිටකෙරෙන සූර්ය අංශු පෘථිවියේ ඉහළ වායුගෝලය සමග ගැටීම හේතුවෙන් හටගන්නා රාත්‍රී අහස. අපූරු වර්ණවත් ආලෝකයන්ගෙන් දීප්තිමත් කරන අවුරෝරාවන් (auroras) නැතහොත් උෂාලෝකයන් ය. දකුණු පසින් දිස්වන්නේ පොළව මතුපිට ආලෝකයන් අහසේ සිට පතිත වන ලක්ශ සංඛ්‍යාත ප්‍රමාණයක් වන අයිස් පුළිගු මත පතිත වී එම ආලෝකය පරාවර්තනය වීම හේතුවෙන් ඒවා දැවැන්ත ආලෝක කුලුණු ලෙස දිස්වීමයි. මේ අතර මෙම අපූරු සංසිද්ධීන් ද්විත්වයට මැදිවී සිටින තාරකා විද්‍යාඥයෙකු මේ අපූරු අවස්තාවන් ද්විත්වය අප වෙත ඉදිරිපත් කරන සේයාවකින් මෙන් සිටින ආකාරයක් දිස්වෙයි. අහස් කුසේ එක පසකින් දීප්තිමත්ව දිස්වන තාරකාවන් ඔරායන් තාරකා රාශියට අයත් වන අතර පොළවෙහි ඇති වර්ණවත් කොළ පැහැයට බිම් මට්ටමේ ඇති ඔක්සිජන් වල ආලෝකය ගැටීම නිසා හටගත් දිලිසුම හේතු වී ඇත. මෙම අපූරු ඡායාරූපය ලබාගෙන ඇත්තේ මීට මාස 2 කට පමණ ඉහතදී නෝර්වේහි, Kautokeino යන ප්‍රදේශයේදී ය.


    AuroraPillars_Correia_4898.jpg




    Aurora

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    Ai bn meka NorthPole wala witrak wenne? Antarctic wala wenne nadda?
    පෘථිවියේ තියෙන චුම්භක ක්ෂේත්‍රයෙ ඇතිවෙන වෙනස්කම් නිසා ඇතිවෙන බලපෑම ඕකට හේතු වෙනවා කියලා තමයි කියන්නේ.
     

    Similar threads