මෙම ඡායාරූපයේ වම්පසින් දිස්වන්නේ සූර්යයාගෙන් පිටකෙරෙන සූර්ය අංශු පෘථිවියේ ඉහළ වායුගෝලය සමග ගැටීම හේතුවෙන් හටගන්නා රාත්‍රී අහස. අපූරු වර්ණවත් ආලෝකයන්ගෙන් දීප්තිමත් කරන අවුරෝරාවන් (auroras) නැතහොත් උෂාලෝකයන් ය. දකුණු පසින් දිස්වන්නේ පොළව මතුපිට ආලෝකයන් අහසේ සිට පතිත වන ලක්ශ සංඛ්‍යාත ප්‍රමාණයක් වන අයිස් පුළිගු මත පතිත වී එම ආලෝකය පරාවර්තනය වීම හේතුවෙන් ඒවා දැවැන්ත ආලෝක කුලුණු ලෙස දිස්වීමයි. මේ අතර මෙම අපූරු සංසිද්ධීන් ද්විත්වයට මැදිවී සිටින තාරකා විද්‍යාඥයෙකු මේ අපූරු අවස්තාවන් ද්විත්වය අප වෙත ඉදිරිපත් කරන සේයාවකින් මෙන් සිටින ආකාරයක් දිස්වෙයි. අහස් කුසේ එක පසකින් දීප්තිමත්ව දිස්වන තාරකාවන් ඔරායන් තාරකා රාශියට අයත් වන අතර පොළවෙහි ඇති වර්ණවත් කොළ පැහැයට බිම් මට්ටමේ ඇති ඔක්සිජන් වල ආලෝකය ගැටීම නිසා හටගත් දිලිසුම හේතු වී ඇත. මෙම අපූරු ඡායාරූපය ලබාගෙන ඇත්තේ මීට මාස 2 කට පමණ ඉහතදී නෝර්වේහි, Kautokeino යන ප්‍රදේශයේදී ය.
Aurora
Last edited:

