ඔබ සිනාසෙන දේදුන්නක් දැකබලා ගැනීමට කැමති ද? මේ වසරේ පෙබරවාරි මස 24 වන දා සිසිලියේ, Ragusa නම් නගරයේ ඇති තල්ගසකට ඉහළින් වන්නට දිස්වන, අහස් කුස පායා ඇති යටිකුරු ආරුක්කුවක ආකාරයෙන් දිස්වන දේදුන්නක ඡායාරූපයක්, අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. වායුගෝලයේ ඇති කුඩා අයිස් ස්ඵටික මත ආලෝකය ගැටී පරාවර්තනය වීමෙන් ඇතිවන "ice halo" වන් හේතුවෙන් මෙවැනි ආකාරයේ දේදුණු නිර්මාණය අතර මෙවැනි ආකාරයේ දේදුන්නක් "circumzenithal arc" යනුවෙන් ද හදුන්වනු ලබයි. සාමාන්‍ය ආකාරයේ දේදුන්නක් නිර්මාණය වීමේදී, සූර්යාලෝකය ජල බිඳිති මත පතිත වීමෙන් පසු එම සූර්යාලෝකය නැවත පරාවර්තනය වීම මගින් වර්ණාවලියක් නිපදවීම සිදුවුවද මෙවැනි "circumzenithal arc" ආකාරයේ දේදුන්නකදී පැතලි ෂඩස්‍රාකාර අයිස් ස්ඵටික හරහා ගමන්කරන සූර්යාලෝකය වර්තනය වීම හේතුවෙන් ඉහළ ආකාශයේ පවතින් තුනී වළාකුළු තුළ වර්ධනය වන වර්ණ ආලෝක ලප එනම් "sundogs" නමින් හදුන්වන සංසිද්ධිය, මෙවැනි ආකාරයේ දෙදුණු නිර්මාණය කිරීමට හේතු වේ.
Halo (optical phenomenon)
Circumzenithal arc