ඉදිරි සැප්තැම්බර් මාසෙ මුල් සති දෙක තුළ වල්ගා තරුව දැක බලා ගැනීමට ඔබටත් අවස්ථාවක් තියනවා.
වල්ගාතරු නාමකරණය අනුව Comet C/2023 P1 (Nishimura) ලෙස හැඳින්වෙන අතර මෙය ජපන් ජාතික හිදෙයෝ නිශිමුරා විසින් 2023 අගෝස්තු 11 දින සොයා ගන්නා ලදී.
සැප්තැම්බර් 18 වන දින මෙය සූර්යයාට ආසන්නතම අවස්ථාවට ( Perihelion) පත්වන අතර එහිදී සූර්යාට ඇති දුර කිලෝමීටර් මිලියන 34 ක් වේ.
මේ ගමනේදී පෘථිවියට ආසන්නතම අවස්ථාව වන්නේ සැප්තැම්බර් 13 දින පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 128ක් දුරින් ධූම කේතුව ඇති අවස්ථාවේදීය.
මේ සියලූ කාරණා අනුව අහස උපරිම දීප්තිමත්ව (maximum brightness ) මෙය දිස් වනු ඇත්තේ සැප්තැම්බර් මස 17 දිනයි.
මෙහිදී මෙහි දීප්ති විශාලනය 5 හෝ අඩු සංඛ්‍යාව ගන්නා බැවින් පියවි ඇසට දර්ශනය වීමේ හැකියාවක් පවතී.
සැප්තැම්බර් මස දහ හත් වන දින සූර්යයා බැස ගිය වහාම බටහිර සිතිජයට මඳක් ඉහළින් කන්‍යා රාශිය තුළ මෙය නිරීක්ෂණය කිරීමට හැකිවේ.
සූර්යයා බැස ගොස් පැයක් ඇතුලත මෙයද බටහිර සිතිජයෙන් පහළට ගමන් කරනු ඇත.
හැකියාවක් ලැබුන හොත් මා විසින්ම ගත් ඡායාරූපයක් පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පලවෙනි රූපයෙන් දැක්වෙන්නේ මා විසින් මේ වසර මුලදී ලබාගත් නියන්ඩර්තාල් වල්ගා තරුවේ ඡායාරූපයක.
දෙවැනි රූපය 2020 වසරේ දර්ශනය වූ නියෝවයිස් වල්ගා තරුව.
තුන්වෙනි රූපයෙන් නව වල්ගතරු සොයා ගැනීමට පහසු වන රූපයක් .
~

Astro by Wathsala (Wathsala Colombathantri)
https://www.facebook.com/profile.php?id=100088200580723