Moscow අල්ලාගැනීමේ හිට්ලර් ගේ අසාර්ථක වූ මෙහෙය
Operation TYPHOON - Assault on Moscow
Moscow අල්ලාගැනීමේ හිට්ලර් ගේ අසාර්ථක වූ මෙහෙයුම
Operation TYPHOON - Assault on Moscow
ජගත් ස්වාමියා වීමේ වියරු ආශාවෙන් සිටි හිට්ලර් මුළු යුරෝපයම යටත් කරගැනීමේ අරමුණ ඇතිව 1939 සැප්තැම්බර් 23 මොස්කව් නුවර දී සෝවියට් දේශය සමග ගිවිසුමක් අත්සන් කළා.
මෙම ගිවිසුම සෝවියට් ගිවිසුම නම් වූ අතර මෙම ගිවිසුමෙන් කියවනු ලැබූයේ සෝවියට් දේශයේ දේශයෙන් ආහාර ඛනිජ තෙල් ලෝහ වැනි ද්‍රව්‍ය ජර්මානු නිමි භාණ්ඩ වලට හුවමාරු කිරීමයි.
මෙයින් කියවෙන ලැබූ තවත් කරුණක් වූයේ ධනපති රටවල් ඔවුනොවුන් අතර සිදු කරන යුද්ධවලට සෝවියට් දේශය මැදිහත් නොවන බවයි .
හිට්ලර් මෙම කූට උපාය යොදා ගනු ලැබුයේ තම අරමුණු ඉටු කර ගැනීමටයි.
හිට්ලර් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් දින අටකට පසු තම සේනාංක යොදා පෝලන්තයට පහර දුන්නා. දින කිහිපයකට පසු බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර මෙලෙස දෙවන ලෝක යුද්ධය යුද්ධයේ ආරම්භය සනිටුහන් වුණා.
හිට්ලර් විසින් scandinavia වත් 1940 අප්‍රේල් 09 ගොඩබිමින් ගුවනින් හා මුහුදින් නෝර්වේ හා ඩෙන්මාර්කයත් ආක්‍රමණය කළා.මැයි 10 වන දින ජර්මන් බලකායන් ප්‍රංශය ආක්‍රමණය කළ අතර මැයි 27 දින මිත්‍ර පක්ෂය ලක්ෂ හතරක් පමණ සෙබළුන් පිරිසක් ප්‍රංශයේ ඩන්ක'ර්ක් වෙරළට කොටු කිරීමට ඔවුන් සමත් වුණා.
ජුනි 17 දින ප්‍රංශ යටත් වූ අතර ඇඩොල්ෆ් හිට්ලර් බටහිර යුරෝපයේ එම ආඥාදායකයා ලෙස නම් කරන ලියවිල්ලට ජුනි 22 දින අත්සන් තබනු ලැබුවා.ඒ වන වන විටත් සති හයකට අඩු කාලයක් තුළ ජර්මනිය රටවල් හතරක් යටත් කරගැනීමට සමත් උනා.
තම අදහස් ඉටුකර ගැනීමට නම් සෝවියට් දේශයේ බලය අතට ගැනීම අනිවාර්ය බව හිට්ලර් මුල සිටම දැන සිටියත් ඊට සුදුසු මොහොත පැමිණෙන තෙක් තම හමුදාවන් ශක්තිමත් කිරීමට ඔහු පියවර ගත්තා.
1939 නොවැම්බර් සිට 1940 මාර්තු දක්වා පැවති පැවති සෝවියට් ෆින්ලන්ත යුද්ධයේදී සෝවියට් දේශය පෙන්නුම් කළ අතිශය දුර්වල බව වටහා ගෙන සිටි හිට්ලර් තම උසස් හමුදා නිලධාරීන්ට පවසා සිටියේ "ඔබලාට ඇත්තේ දොරට පයින් ගැසීමට පමණයි, දුර්වල සම්පූර්ණ සෝවියට් බලකොටුව මුළුමනින්ම බිඳ වැටුණු ඇත" ලෙසයි.
හිට්ලර් ගේ සැලසුමගේ සැලසුම වූයේ සියලු බටහිර පෙරමුනේ සෝවියට් බලප්‍රදේශය සති 10ක් තුළ මුළුමනින්ම යටත් කර ගැනීමටත් මුළු සෝවියට් දේශයම සති 17 ක් තුළ යටත්කර ගැනීමටත් ය.
මීට හේතුව වූයේ රුසියානු ශීත සමයට පෙර ආක්‍රමණය අවසන් කිරීමටත් හා තමන් සතු ආයුධ ඉන්ධන හා අනෙකුත් පහසුකම් පවතින්නේ කෙටි හා ඉක්මන් යුද්ධයක් සඳහා පමණක් ම වීමයි.
කාලය ගෙවී ගියා. ආක්‍රමණයට දිනයක් නියම වූ අතර දිනය වූයේ 1941 ජුනි 22යි.
ආක්‍රමණය නම් කෙරුනේ ඔපරේෂන් බාබරෝසා (Operation Barbarossa) ලෙසයි.
මෙම දිනය විශේෂ වූයේ නැපෝලියන් අධිරාජයා රුසියාව ආක්‍රමණය කළ දිනය ද ජුනි මස 24 දිනයක් වීමයි.
නමුත් එහි දී නැපෝලියන් අධිරාජයාට රුසියානුවන් හමුවේ අයත් වූයේ අන්ත පරාජයක්.
ඔපරේශන් බාබරෝසා - Operation Barbarossa
ලොව මීට පෙර කිසිම රටකට එරෙහිව නොවූ තරම් හමුදා භට පිරිසක් ඇතුළත් වූ මෙම මෙහෙයුමට මුළු ජර්මන් හමුදාවේ 75% ක් ඇතුළත් වුණා මිලියන තුනහමාරක පමන හමුදා පිරිසක් ද යුද ටැංකි 3500ක් හා ගුවන් යානා 2500ද මෙයට අන්තර්ගතව තිබුන අතර මෙම හමුදා භට පිරිස් ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදා තිබුණා.
1) උතුරු හමුදා බල ඇණිය ( army group north )
2) මධ්‍ය හමුදා බල ඇණිය ( army group center )
3) දකුණු හමුදා බල ඇණිය ( army group south)
උතුරු හමුදා බලඇණියේ අණ දෙන නිලධාරියා වූයේ ෆීල්ඩ් මාශල් Wilhelm Ritter von Leeb ය.
ඔහුගේ යටතේ යුද්ධ ටැංකි 650ක්, කාලතුවක්කු 1200ක් හා ගුවන් යානා 430ක් ද යුද්ධ පෙරමුණට එක් වුනා.
උතුරු හමුදා බලඇණියට පැවරුණු කාර්යය වූයේ සෝවියට් ආරක්ෂක වළලු බිඳ ගෙන උතුරු දෙසින් ගොස් ප්‍රධාන සෝවියට් කර්මාන්තපුරයක් වූ Leningrad නගරය අල්ලා ගැනීමත් ඉන් පසු moscow බලා ගමන් ආරම්භ කිරීමත් ය.
දකුණු හමුදා බලඇණියට අණ දෙන නිලධාරියා වූයේ Genaral Von Runstedt ය.
ඔහුගේ යටතේ යුද්ධ ටැංකි 1000ක් හා ගුවන් යානා 684 ක් ද යුද්ධ පෙරමුණට එක් වුනා.
දකුණු හමුදා බලඇණියට පැවරුණු කාර්යය වූයේ දකුණු දෙසින් ගොස් යුක්රේනයේ ඔඩෙස්සා හා ක්‍රිමියාව යටත් කර ගැනීමයි.
මධ්‍ය හමුදා බලඇණියේ අණ දෙන නිලධාරියා වූයේ Fedor von Bock ය.
ඔහුගේ යටතේ යුද්ධ ටැංකි 1700ක්, කාලතුවක්කු 3000ක් හා ගුවන් යානා 910ක් ද යුද්ධ පෙරමුණට එක් වුනා.
ඔපරේෂන් බාබරෝසාහි ප්‍රධානතම කාර්යභාරය පැවතුනේ මෙම මධ්‍ය හමුදා බල ඇණියටයි. ඔවුන්ට පැවරී තිබුණේ පිළිවෙලින් Białystok, Minsk, Smolensk හරහා ගොස් සෝවියට් දේශය හදවත බඳු moscow නගරය අල්ලා ගැනීමයි.
1941 ජූලි 22 උදෑසන 3.15 ට පමණ ප්‍රහාර ආරම්භ වුනා. කලින් සැලසුම් කර තිබූ පරිදි ජර්මන් කාලතුවක්කු මගින් රතු හමුදා සන්නිවේදන මධ්‍යස්ථාන, ඉන්ධන හා ආයුධ ගබඩා ඉලක්කකර ප්‍රහාර දියත් වුණා.
දේශ සීමා හා පාලම් ආරක්ෂා කළ රතු හමුදා සෙබළුන් දහස් ගනන් විශේෂයෙන් පුහුණු කල ජර්මන් සේනාංක වල ප්‍රහාරයට ලක් වුනා.
ජර්මන් ගුවන් හමුදාව වන Luftwaffe හි ගුවන්යානා මගින් රතු හමුදා ගුවන් යානා ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් ආක්‍රමණයේ මුල් දිනය අවසන් වන විට සෝවියට් ගුවන් යානා 1400 ට අධික ප්‍රමාණයක් ගුවන්ගත කිරීමටත් පෙර බිමදී ම විනාශ කරනු ලැබුවා.
සන්නිවේදන මධ්‍යස්ථාන ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් යුද්ධය පැවති ප්‍රදේශ හා මොස්කව් අතර සන්නිවේදනය අඩාල වුණා. කෙසේ නමුත් තමන් වෙත එල්ල වෙන දැඩි ප්‍රහාර හමුවේ සන්නිවේදන සබඳතා නැවත ගොඩනගාගැනීමට රතු හමුදා සමත් වූ අතර පළමු දින අවසානයේ සෝවියට් ආරක්ෂක ඇමැති Semyon Timoshenko සෑම සෝවියට් සේනාංකයකටම ප්‍රතිප්‍රහාරය දීමට අවසර ලබා දුන්නා.
ප්‍රහාරයේ දෙවැනි දිනයේ ආරම්භ වන විට හැතැක්ම 14ක් සෝවියට් දේශය තුලට ඇතුලත් වීමට general Heinz Guderian විසින් මෙහෙයවු 02 වන Panzer බලකාය සමත් වුණා.
සටනේ දෙවන දිනය වන විට 02 හා 03 වන Panzer බලකායන් Bialystock යටත් කර ගත්තා.
ජුනි 27 වන විට 03 වන හා 02 Panzer බලකායන් Minsk වලට ආසන්න වුණා. ඒ වන විට හැතැක්ම 200ක් පැමිණ තිබූ අතර moscow වලට තිබූ මුළු දුරින් තුනෙන් එකක් ඒ වන වන විට ජර්මන් හමුදාව සෝවියට් දේශය තුළට ඇතුළු වී තිබුණා.
සටන මුල් සතිය තුළ යුද සිරකරුවන් ලෙස රතු හමුදා සෙබළු දෙලක්ෂ අනූදාහක් (290000) අල්ලා ගෙන තිබූ අතර යුද ටැංකි 2500ක් හා කාලතුවක්කු 1500ක් පමණ විනාශ වූ හා අල්ලාගත් ලයිස්තුවට ඇතුළත් වී තිබුණා.
ජූලි මාසයේ මුල් භාගය වන විට Minsk අල්ලා ගැනීමට ජර්මන් හමුදා සමත්වූ අතර 39 හා දෙවන Panzer බළකායන් විසින් 22,19,20,16,13 හා 21 හමුදා සේනාංක smolensk අතර ප්‍රදේශයකට කොටු කළ අතර july 16 ජූලි 16 smolensk ද ජර්මන් ග්‍රහණයට පත්වුණා.
ජූලි 18 වන සිට 03 හා 02 Panzer බලකායන් තවත් හැතැප්ම 10කින් සෝවියට් දේශය තුලට ඇතුලු වුණා.
දින අටක් ගතවූ විට අල්ලා ගත් මුළු රතු හමුදා සෙබළුන් ගණන ලක්ෂ තුනක්(300000) පමණ වූ අතර තවත් ලක්ෂ දෙකහමාරක්(250000) පමණ නැවත සෝවියට් බල ප්‍රදේශවලට පලා ගියා.
මෙම සිදුවීමත් සමග හිට්ලර් ට තමන් සෝවියට් හමුදාවන් අවතක්සේරු කළ බව වැටහුනා.
සෝවියට් දේශය බිඳ වැටෙන සලකුණක් පෙනෙන මානයකවත් නොමැති බව පෙනී ගිය හිට්ලර් 1941 අගෝස්තු 4 දින minsk වල ඇති මධ්‍ය හමුදා බලඇණියේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියා.
නිලධාරීන්ට ඔහු පැවසූයේ යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට නම් සෝවියට් රතු හමුදාවන්ට සැපයෙන අවි ආයුධ හා ඛනිජ තෙල් නවතා විය යුතු බවයි.
මෙය සිදුකිරීමට නම් රතු හමුදාවන්ට ආයුධ සපයන ප්‍රධාන නගරයක් වන leningrad හා ඛනිජ තෙල් සපයන යුක්රේනය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය වහාම තමන් යටතට ගත යුතු බව හිට්ලර් පවසා සිටියා.
ඒ සඳහා වහාම මධ්‍ය හමුදා බල ඇණිය සතු සන්නද්ධ හමුදා සේනාංක දෙකක් උතුරින් පිහිටි leningrad වලට හා දකුණින් පිහිටි යුක්රේනය දෙසට යැවිය යුතු යුතු බවට හිට්ලර් අවධාරණය කළා.
නමුත් මෙම අදහසට ජර්මන් හමුදා ජෙනරාල්වරු විරුද්ධ වූ අතර ඔවුන්ට දෝෂාරෝපණය කළ හිට්ලර් පවසා සිටියේ යුද්ධය දිනීමට නම් සතුරාගේ සියලු මූලාශ්‍රයන් අවහිර කළ යුතු බවත් තම උසස් හමුදා නිලධාරීන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ය.
කෙසේ වුවත් හිට්ලර්ගේ අණින් Panzer බලකායන් දෙකක් උතුරට හා දකුණට පිටත් කර හැරීමට මධ්‍ය හමුදා බල ඇණිය ක්‍රියා කළා.
මේ අතර Kiev ආක්‍රමණය කළ 01 Panzer බලකාය හා General Heinz Guderian ගේ 24 වන බලකායත් සැප්තැම්බර් 16 දින Kiev සිට හැතැප්ම 120ක් පසුකර එකිනෙක මුණ ගැසුණා.
දින දහයකට පසු ඔවුන් විසින් රතු හමුදා සෙබළුන් ලක්ෂ හයක් (600000) සිරකරුවන් ලෙස අල්ලා ගත්තා.
මෙම සිදුවීම සමගින් සෝවියට් හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාත්මක අගය ජර්මානුන්ට වඩා බෙහෙවින් අඩු වුනා.ඔවුන්ට අවශ්‍ය ආයුධ හා භටපිරිස් ලැබීමද නතර වුණා.
මේ අතර moscow ආරක්ෂා කිරීමට සෝවියට් දේශයේ නායකයා වන ජෝශප් ස්ටාලින් විසින් ඩිවිශන 83 කට අයත් ලක්ෂ 8 ක පමණ රතු හමුදා භට පිරිසක් යුධ පෙරමුනට කැඳවනු ලැබුවා. නමුත් ඉන් ආයුධ සන්නද්ධව හා යුද්ධ කළ හැකි මට්ටමේ සිටියේ ඩිවිශන 25ක් පමණයි.
යුද ටැංකිවල හා ගුවන්යානා වල අඩුවද රතු හමුදාවන් හට තදින් දැනෙන්නට වුණා.
නමුත් ජර්මානුවන් සතුව ඩිවිශන 70 කට අයත් සෙබළුන් මිලියන දෙකක් පමණ සිටි අතර මින් 1/3ක් පමණ හොඳින් ආයුධ සන්නද්ධ ව පැවතුණා.
Operation TYPHOON / Assault on MOSCOW
moscow අල්ලා ගැනීමේ ජර්මානු මෙහෙයුම Operation Typhoon ලෙස 1941 ඔක්තෝබර් 2 දින ආරම්භ වුණා.මෙහි සැලසුම වූයේ පිළිවෙලින් smolensk, Vysma, Mozhaisk හරහා ගොස් ඉන්පසු moscow අල්ලා ගැනීමයි.
03 හා 04 වන Panzer බලකායන් Vyasma වලට පහර දුන් අතර 02 වන Panzer බලකායන් Orel ප්‍රදේශයට පහර දෙමින් Bryans වල දී 02 වන ජර්මන් බලඇණිය සමග එක්වුණා.
මොස්කව් ආරක්ෂා කළ පළමු රතු හමුදා පවුර එසේ බිඳ වැටුණු අතර එහිදී හය ලක්ෂ හැටතුන්දාහක (663000) සෝවියට් රතු හමුදා සෙබළුන් පිරිසක් සිරකරුවන් ලෙස අල්ලා ගත්තා.
මේ වන විට හිට්ලර් ඇතුළු ඉහළ ඉහළ ජර්මන් නිලධාරීන්ට නැගෙනහිර පෙරමුණේ යුද්ධය දැනටම දින අවසන් වීමට ආසන්න බව ආරංචි වුණා.
එම මේ අවස්ථාව වන විට රතු හමුදාවන්ට තම අගනුවර වන මොස්කව් ආරක්ෂා කිරීමට ඉතිරිව පැවතියේ අනූදාහක් (90000) සෙබළ පිරිසක් හා යුද ටැංකි 190 පමණයි.
මොස්කව් බිඳවැටී යන අවසන් මොහොතේදී ස්ටාලින් විසින් General Georgy Zhukov මොස්කව් වෙත කැඳවා මොස්කව් ආරක්ෂා කිරීමේ වගකීම Zhukov වෙත පවරනු ලැබුවා.
ඔක්තෝම්බර් 13 වන විට ජර්මන් 04 වන සේනාංකය ආරක්ෂක පවුරු බිඳිමින් මොස්කව් දෙසට පැමිණුනා. මෙම දිනවලම 03 වන Panzer බලකායද තවත් හැතැප්ම 19කින් මොස්කව් වෙත ළඟා වුණා.
10 වන Panzer බලකායට හා SS motorized ඩිවිෂනයද smolensk නගරය අල්ලාගත් අතර ඔවුන්ට Mozhaik අල්ලා ගැනීමට තවත් තිබුණේ හැතැක්ම 60ක් පමණයි.
මේත් සමගම මොස්කව් තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කලා.
රජයේ දෙපාර්තමේන්තු හා තානාපති කාර්යාලයෙන් ගලවා ඒවා නැගෙනහිරට, තවදුරටත් රටතුළට ගෙන ගිය අතර සියලු රජයේ ඉහළ නිලධාරීන් හා හමුදා නිලධාරීන් මොස්කව් නගරය තුළම රැඳී සිටීමට තීරණය කළා.
නගරයේ ජනතාව තමන් ජර්මානුවන්ගේ ග්‍රහණයට ලක් වන බව දැන දැනම ඔවුන්ගෙන් කරුණාවක් බලාපොරොත්තුවෙන් බලා සිටියා.
නමුත් ජර්මන් හමුදාවට අණ ලැබී තිබුණේ කිසිවෙකුට යටත් වීමට ඉඩ නොදෙන ලෙසයි.
සියල්ලන්ම ඝාතනය කිරීමට ඔවුන් ට ඉහළින් උපදෙස් ලැබී තිබුණා.
Operations Typhoon ආරම්භයේ සිටම කාලගුණය යහපත් තත්ත්වයක තත්වයක පැවතුනේ නැහැ. වර්ෂාව හා හිම හිම පතනය ආරම්භවීමත් සමගම මංමාවත් මඩ වගුරු බවට පත් වුණා.
ටයර් සහිත වාහන වලට ගමන් කිරීමට නොහැකිව මඩේ එරී ගිය අතර පුළුල් යකඩ Tracks සහිත යුධ ටැංකි හා ට්‍රැක්ටර් වලට පමණක් මඩේ ගමන් කිරීමට හැකි වුණා.
ශීත කාලයට පෙර සෝවියට් දේශය යටත් කරගැනීමට හිට්ලර් සැලසුම් කර තිබුණත් රතු හමුදාවන්ගෙන් එල්ල වූ ප්‍රබල ප්‍රතිරෝධය නිසා ඔහුට ශීත කාලයට පෙර යුද්ධය අවසන් කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.
ජර්මානුවන්ට පැවති ප්‍රධාන සැපයුම් මාර්ග තුන ඔස්සේ අවි ආයුධ ඉන්ධන ආහාර හා අමතර භට පිරිස් ලැබීම අඩාල වුණා.
අධිකව පැවති හිමපතනය නිසා දින කිහිපයකින් ප්‍රධාන සැපයුම් මාර්ග තුන මුළුමනින්ම වැසී ගියා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජර්මන් භට පිරිස් අසනීප වලට ලක්වූ අතර තෙත් බව හා අධික ශීතල හේතුවෙන් වසංගත රෝග පැතිර යාම ඇරඹුනා.
moscow නුවර යටත් කරගැනීමේ ආක්‍රමණය දිනකට හැතැප්ම දෙකක් දක්වා අඩාල වුණා.
මේ වන වනවිට සෝවියට් බුද්ධි අංශවල ලැබුණු තොරතුරු වලට අනුව රතු හමුදාවන් හා ජපනුන් අතර පැවති යුද්ධය නිමාවට පත්ව ඇති බව ස්ටාලින්ට දැනගැනීමට ලැබුණා.
මෙම නිසා නැගෙනහිර ප්‍රදේශවල සටන් කළ සයිබීරියානු රතු හමුදා සේනාංක මොස්කව් ආරක්ෂා කිරීම සඳහා කැඳවීමට ජෝශප් ස්ටාලින් පියවර ගත්තා.
මාසයක් තුළ සයිබීරියානු බලකායන් පැමිනීමට තීන්දු වුන අතර ගුවන් විදුලිය මඟින් දිනපතා ඔවුන්ගේ පැමිනීම පිළිබඳ නිවේදනය කෙරුණා.මේ හේතුවෙන් මොස්කව් හි ජනතාවගේ සිත් තුළ නැවත බලාපොරොත්තු දැල්වුනා.
මෙම දිනවලම ආඥා පනතේ අංක 0428 යටතේ විශේෂ නියෝගයක් නිකුත් කිරීමට ස්ටාලින් කටයුතු කළා.
එමඟින් සතුරන් පැමිනෙන මාරගයේ ඇති සියලුම වගාවන් වනාන්තර හා ගොවිපොළවල් ගිනිතබා ගිනි තබා විනාශ කරන ලෙස ස්ටාලින් නගර වැසියන්ට උපදෙස් දුන්නා.
මේ වන විට moscow නගරයේ ජනතාවට අවශ්‍ය නැවුම් ජලය ලබා ගැනීමට ඉදිකර තිබූ Ivankovskoe ජලාශය සීතලට මිදී ජලය මතුපිට අයිස් තට්ටු සැදී තිබුණා.
ජර්මානුවන්ට මොස්කව් වලට පැමිණීමට මෙය කෙටි මාර්ගයක් වුණා. නමුත් ස්ටාලින්ගේ අණ පරිදි ජලාශය අඩක් හිස් කිරීමට රතු හමුදාව පියවර ගත් අතර ජලාශය හිස් කිරීමෙන් මතුපිට අයිස් තට්ටු බිඳී ගොස් ජර්මානුවන්ට තවත් වැඩිපුර කිලෝමීටර 70 ක පමණ දුරක් ගෙවීමට සිදු වුණා.
සියල්ල සිදු කරන ලද්දේ නව රතු හමුදා බලකායන් මොස්කව් ආරක්ෂාවට පැමිණෙන තෙක් ජර්මානුවන් පමා කරවීමටයි.
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් ඔක්තෝම්බර් මස 31 දින ජර්මානුවන් හට Operation Typhoon තාවකාලිකව නතර කිරීමට ඉහළ ජර්මන් නිලධාරීන්ගෙන් අණ ලැබුණා.
මෙය සෝවියට් අණදෙන නිලධාරියා වූ Zhukov හට ස්වර්ණමය අවස්ථාවක් වූයේ තවමත් මොස්කව්හි ආරක්ෂාවට පැවතියේ අනුදාහක (90000) පමණ භට පිරිසක් හා යුද ටැංකි 190 ක් පමණක් නිසායි.
1941 නොවැම්බර් මස ආරම්භ වුණා.
පලමු ආරක්ශක සේනාංකය ලෙස ඩිවිශණ 30කට අයත් මුළුමනින්ම සන්නද්ධ, ලක්ෂයකට අධික සයිබිරියන් රතු හමුදාව භට පිරිසක් මොස්කව් ආරක්ෂා කිරීමට මොස්කව් කරා පැමිණියා.
ඔවුන් සමග කත්‍යූශා රොකට්, කාලතුවක්කු බතරොයි ( Artillery Batteries ) , T-34 හා KV 1 යුද ටැංකි 1000කට අධික ප්‍රමාණයක් හා ගුවන් යානා 1200කට අධික ප්‍රමාණයක් මොස්කව් වෙත පැමිණුනා.
වාර්ෂිකව පවත්වනු ලබන විප්ලව දින සැමරුම සුපුරුදු පරිදි 1941 නොවැම්බර් 07 සිකුරාදා දින මොස්කව් නුවර දී පැවැත්වුණා.
පෙළපාලිවල පැමිණි සෙබළුන් කෙලින්ම යැවුණේ යුද පෙරමුණ වෙතයි. ඒ වනවිටත් ජර්මානුවන් රැඳී හිටියේ මොස්කව් වලින් හැතැක්ම 50වැනි දුරකින්.
මෙවැනි අවස්ථාවකදී පවා විප්ලව දින සැමරුම මොස්කව් වල දී පැවැත්වීමට ස්ටාලින්,Zhukov ඇතුළු බලධාරීන් ක්‍රියා කළේ ජනතාවගේ බලාපොරොත්තු යළිත් යළිත් ගොඩ නැංවීමටයි .
කාලගුණය යම්තාක් යහපත් වූ විට moscow අල්ලා ගැනීමේ අවසන් මෙහෙයුම නොවැම්බර් 15 දින යළි ආරම්භ කලා. ජර්මානු සැලැස්ම වූයේ 03 හා 04 Panzer බලකායන් වොල්ගා නදිය පසුකර moscow වැටෙතත් 02 Panzer බලකාය මුලින් Tula ආක්‍රමණය කර moscow වලදී 03 හා 04 Panzer බලකායන් සමග එක් වීමටත්, 04 Panzer බලකාය හා 04 යුද සේනාංකය කෙලින්ම moscow වලට පහරදී යටත් කර ගැනීමටත් ය.
සති දෙකකට පසු යුද්ධය නැවත moscow දෙසට ඇදී ගියා.
නොවැම්බර් 27 දින Kashira හිදි නව සයිබිරියන් බලකායන් තමන් සතුව ඇති T-34 , KV හා කත්‍යූශා රොකට් සමගින් ප්‍රබල ප්‍රහාරයක් දියත් කර Guderian ගේ 02 වන Panzer බලකාය සුනු විසුනු කිරීමට සමත්වුණා. කුඩා කුඩා කණ්ඩායම් වලට කැඩී ගිය 02 වන Panzer බලකාය උතුරු දෙසට ගමන් කර ඉතිරි තම සේනාංක සමග එක් වන්නට වුනා.
දින 10කට පසු 04 වන Panzer බලකාය වොල්ගා නදිය පසුකර තවත් හැතැක්ම 20ක් moscow දෙසට පැමිණියා.
දෙසැම්බර් 2 වන විට හෝ සෝවියට් දේශයේ හදවත kremlin සිට හැතැක්ම 15ක් දුරට 04 වන ජර්මන් සේනාංකය අසන්න වුණා.
දින කිහිපයකින් රතු චතුරශ්‍රය ඉහළින් ස්වස්ථික ධජය ලෙළදෙනු ඇතැයි හිට්ලර් ඇතුලු ජර්මන් නිළධාරීන් අපේක්ෂා කළත් ඒ සියල්ල රැඳී තිබුණේ අවසාන සේනාංකවල සටන මතයි.
දෙසැම්බර් ආරම්භ වන විට නැවතත් කාලගුණය අයහපත් වන්නට වුනා.
අධික හිමපතනය නිසා උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 42 (-42°C) දක්වා පහත වැටුණා. ජර්මානුවන් එවැනි අවස්ථාවකට සූදානම්ව නොසිටි අතර උණුසුම් ඇඳුම් පවා ඔවුන් සතුව තිබුණේ නැහැ.
ජර්මානුවන් සතු මැෂින් තුවක්කු අක්‍රිය වූ අතර අධික ශීතලට කාලතුවක්කු වල දුණු අක්‍රිය වීම නිසා නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. තුවක්කු වලට යොදන ග්‍රීස් පවා අධික සීතල හමුවේ ගල් වුනා.
යුධටැංකි ඇතුලු වාහනවල එන්ජින් පැය 24 ම ක්‍රියාත්මක කර තැබීමට සිදු වූ අතර ඉන්ධන විශාල වශයෙන් අවසන් වුණා. අවශ්‍ය යුධ උපකරණ හා තෙල් ලැබීම අධික අයහපත් කාලගුණය හමුවේ අකර්මණ්‍ය වුනා.
ජර්මන් ගුවන් හමුදාව වන Luftwaffe හි ගුවන් යානා ගුවන්ගත කිරීම නතර වූ අතර තුවාල වූ හා අසනීප වූ ජර්මානු භට පිරිස එක්ලක්ෂපනස්දාහ (150000) ක් දක්වා මුල් සති තුන තුළ ඉහළ ගියා.
නමුත් රතු හමුදාවන්හි මෙම තත්ත්වයන්ට මුල සිටම සුදානම්ව සිටි අතර අවශ්‍ය උණුසුම් ඇඳුම් ද ඔවුන් සතුව පැවැතියා. නැගෙනහිර පෙරමුණ සිට පැමිණි නව සේනාංකද ඉතා හොඳ මානසිකත්වයෙන් සටන් කරන්නට වුනා.
සයිබීරියාව යනු අධික ශීතල රටක් නිසා එහි සිට පැමිනි නව හමුදා සේනාංක වලට මෙම සීතල කාලගුණය සමග ගනුදෙනු කිරීම අපහසු වූයේ නැහැ.
පැමිණි නව සෝවියට් ගුවන් යානා ගුවන්ගත වූ අතර දිනයක් දිනයක් පාසා සතුරන්ට එරෙහිව නව මෙහෙයුම් ආරම්භ කලා.
දෙසැම්බර් 01 දින ජර්මන් හමුදා සිය සේනාංක සියල්ල යොදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට වුනා.
නමුත් මේ වනවිට නැගෙනහිර පෙරමුණෙන් පැමිණි මුල්ම සේනාංකය හැර නව සේනාංක හා යුද උපකරණ Zhukow වෙත ලබාදීම ස්ටාලින් නතර කර තිබුනා.
මුල් සේනාංකට පසුව පැමිණි නව සේනාංක හා ඔවුන් සමග පැමිණි අවි ආයුධ විශාල තොගයක් moscow වලට දුරින් රඳවා තැබීමට ඔහු පියවර ගෙන තිබුණා.
දෙසැම්බර් 5 වන විට මෙසේ නවතා ගත් සියලු සේනාංක හා ආයුධ Zhukov වෙත ලබාදීමට ස්ටාලින් කටයුතු කළ අතර ඒත් සමඟම moscow ආරක්ෂා කරන රතු හමුදා භට පිරිස මිලියන බාගයක් දක්වා ඉහළ ගියා.
දෙසැම්බර් 5 දින Zhukow තම සියලු බළ ඇණි යොදවා හැතැක්ම හයසියයක (600) යුධ පෙරමුණක් ඔස්සේ ජර්මානුවන්ට ප්‍රබල ප්‍රති ප්‍රහාරයක් එල්ල කළා.
මින් පුදුමයටත් කම්පනයටත් පත් ජර්මන් සේනාවන් මෙම ප්‍රභල ප්‍රහාරය හමුවේ කුඩා කුඩා කණ්ඩායම් බවට කැඩී ගිය අතර moscow යටත් කර ගැනීම පසෙකලා තම ජීවිත බේරා ගැනීමට සටන් කිරීමට ඔවුන්ට සිදු වුණා.
Zhukow විසින් 1942 ජනවාරි වල දී නැවතත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර moscow වෙතට පැමිණි ජර්මන් හමුදාවන් moscow වෙතින් පලවාහැරීමට සමත් වුණා.
moscow අල්ලා ගැනීමේ ජර්මන් සිහිනය බොඳ වූ අතර Operation Typhoon පරාජයට පත් වුණා.
ලක්ෂ දෙක හමාරකට(250000) අධික ජර්මන් භට පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර පත් වූ අතර ලක්ෂ පහකට(500000) අධික ප්‍රමාණයක් අතුරුදහන් වූ හා තුවාල ලැබූවන් අතරට අයත් වුණා.
තම මාතෘ භූමියේ නිදහස පිණිස සටන් කළ ප්‍රබල රතු හමුදා ප්‍රතිරෝධය හමුවේ ජර්මානුවන් නැවත හරවා යැවූ ස්ථානයේ එය සිහි කරමින් ස්මාරකයක් ඉදිකර තිබෙනවා.
යම් හෙයකින් ජර්මානුවන් මෙම Operation Typhoon සාර්තක වූයේ නම්, moscow දක්වා ඇති ඉතිරි
20km දුර ගෙවා යාමට ජර්මන් යුධ ටැංකිවලට ගතවනුව තිබුනෙ විනාඩි 20ක පමණ සුලු කාලයකි.
-උපුටා ගන්නා ලද්දකී-