🌞🌌🌟 "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු විශ්වයේ අසිරිය - '3C58' සුපර්නෝවා අවශේෂය ඇතුළු තවත් දෑ 🌟🌌✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,122
    113

    YOflNts.jpg

    '3C58' සුපර්නෝවා අවශේෂය


    ඉතා ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයන්ගෙන් යුක්ත වූ, මිලි තත්පර හා තත්පර අතර කාල සීමාවන්හීදී විකිරණ ස්පන්දන නිකුත් කරන, භ්‍රමණය වන 'pulsar' ගණයට අයත් නියුට්‍රෝන තාරකාවකින් සැදුම්ලත්ව පවතින පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපිත සුපර්නෝවා අවශේෂය (supernova remnant) '3C58' නමින් හදුන්වනු ලබයි. තාරකාවක ආයුකාලය අවසන්වීමත් සමග සිදුවන සුපර්නෝවා පිපිරීමකට පසුව ඉතිරි වන දැවැන්ත අවශේෂයන් ව්‍යුහයක් මෙහිදී "සුපර්නෝවා අවශේෂය" (supernova remnant) ලෙස හැදින්වේ.

    "SN 1181" නමින් හදුන්වන සුපර්නෝවා පිපිරුමෙන් පසුව ඉතුරූ වූ දෑ මගින් නිර්මාණය වූ මෙම සුපර්නෝවා අවශේෂය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10 000 ක් පමණ ඈතින්, 'Cassiopeia' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. මෙම 'pulsar' එක මගින් නිකුත් කරන ප්‍රබල X-කිරණ ප්‍රවාහයන් කිලෝමීටර ට්‍රිලියන ගණනක් ඔබ්බට විහිදී ගොස් ඇත. "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් සකස් කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපිත '3C58' "සුපර්නෝවා අවශේෂය" තුළ දක්නට ලැබෙන සංකීර්ණ ලූපයන් සහ කැළඹිලි සහගත රටාවන් නිර්මාණය කිරීම සදහා ද මෙම X-කිරණ ප්‍රවාහයන් ප්‍රධාන වශයෙන් දායක වී ඇත.


    F3LvnUna0AAeD9M


    'N132D' සුපර්නෝවා අවශේෂය


    "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් ලබාගත් X-කිරණ දත්ත යොදාගනිමින් සකස් කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපිත "සුපර්නෝවා අවශේෂය" (supernova remnant) 'N132D' ලෙස හදුන්වනු ලබයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160 000 පමණ ඈතින් පිහිටා තිබෙන, ක්ෂීරපථය මන්දාකිණියට යාබදව පිහිටි පරිවාර වාමන මන්දාකිණියක් (satellite dwarf galaxy) වන "The Large Magellanic Cloud (LMC)" තුළ පිහිටා තිබෙන මෙම 'N132D' නම් සුපර්නෝවා අවශේෂයෙහි වයස අවුරුදු 3000 ක් පමණ වේ යැයි ගණන් බලා තිබේ.

    මෙම සුපර්නෝවා අවශේෂයෙන් නිකුත් වන X-කිරණ ප්‍රවාහයන් අතර වූ අඩුම ශක්තියක් පවතින X-කිරණ ප්‍රවාහයන් නිපදවන ප්‍රදේශයන් ඡායාරූපයෙහි රතු පැහැයෙන් නිරූපිත ප්‍රදේශයන් මගින් ද. මධ්‍ය ශක්තියක් පවතින X-කිරණ ප්‍රවාහයන් කොළපැහැයෙන් නිරූපිත ප්‍රදේශයන් මගින් සහ ඉහළම ශක්තියක් පවතින X-කිරණ ප්‍රවාහයන් නිකුත් කරනු ලබන ප්‍රදේශයන් නිල්පැහැයෙන් ද මෙහිදී දක්වා තිබේ.



    F2s6rpZb0AAXN25





    "Cat's Eye Nebula" ("බළල් ඇස" නිහාරිකාව


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000 ක් ඈතින්, 'Draco'නම් උතුරු තාරකා රාශියේ (northern constellation of Draco) පිහිටා තිබෙන මිය යමින් පවතින තාරාකාවක් විසින් දැවැන්ත කවචයන් ආකාරයෙන් දිදුළන වායූන් පිට කරමින් සිටී. මේ හේතුවෙන් නිර්මාණය වූ "planetary nebulae" ගණයට අයත් වන නිහාරිකාවක් වන "Cat's Eye Nebula" නැතහොත් "NGC 6543" හා "Caldwell 6" යන අනුවර්ථ නාමයන්ගෙන් ද හදුන්වනු ලබන නිහාරිකාවේ මෙම අපූරු ඡායාරූපය මගින් නිරූපණය කෙරේ.

    F3BV0PFaUAAUTk2


    "El Gordo" මන්දාකිණි පොකුර


    මෙතෙක් විශ්වයෙහි සොයාගෙන ඇති විශාලතම දුරස්තර මන්දාකිණි පොකුර (Galaxy cluster) ලෙස සැලකෙන "El Gordo" මන්දාකිණි පොකුර, "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂය (Chandra X-ray Observatory) මගින් හසුකරගත් අයුරු පහත දැක්වෙන X-කිරණ ඡායාරූපය මගින් නිරූපණය වේ. අපගේ සූර්යයාගේ සක්න්ධය මෙන්, එනම් සූර්යය ස්කන්ධ (Solar mass) ක්වඩ්‍රිලියන 2.1 ක (2.1 quadrillion solar masses) ස්කන්ධයක් පවතින මෙම මන්දාකිණි පොකුර මත මන්දාකිණි පොකුරෙහි පවතින දැවැන්ත ගුරුත්වය මගින් ඇති කරන ගුරුත්ව කාච ආචරණ (Gravitational Lensing) ක්‍රියාවලිය ද මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. මෙම ගුරුත්ව කාච ආචරණ ක්‍රියාවලිය මගින් අවකාශය විකෘති කිරීමකට ලක්කොට එම ආලෝකය අපසරණය කිරීමකට ලක්කිරීමක් නැතහොත් හරවා යැවීමක් සිදුක‍රන අතර මේ හේතුවෙන් මන්දාකිණි පොකුරට පිටුපසින් ඉතා දුරස්තරව පවතින වෙනත් මන්දාකිණි සහ තාරකාවන් ඇතුළු ආකාශ වස්තූන්ගේ සත්‍ය සවරූපයන්ට වඩා විශාලනය කොට දැක්වීම ද මෙමගින් සිදු කරයි.


    F2iBnYRWwAAgcPa




    "Abell 262' මන්දාකිණි පොකුර


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 240 ක් ඈතින්, 'Andromeda' තාරකා රාශියට අයත්ව පිහිටා තිබෙන "Abell 262' නම් කුඩා ප්‍රමාණයේ මන්දාකිණි පොකුර පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය කොට ඇත. "NGC 708" නම් වූ "Type-cD galaxy" ගණයට අයත් මන්දාකිණියක් මධ්‍ය කොට ගනිමින් සැදුම්ලත් මෙම මන්දාකිණි පොකුරට මන්දාකිණි 200 කට ආසන්න ප්‍රමාණයක් අයත්ව පවතී.


    F2dTc_1aoAAyYyU



    "DEM L71" සුපර්නෝවා අවශේෂය


    "DEM L71" නමින් හදුන්වන, පහත දැක්වෙන "Chandra' අභ්‍යවකාශ දුරේක්ෂීය ඡායාරූපය මගින් නිරූපිත "සුපර්නෝවා අවශේෂය" (supernova remnant) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160 000 ක් ඈතින්, "The Large Magellanic Cloud (LMC)" නම් පරිවාර වාමන මන්දාකිණිය තුළ, 'Dorado' නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ.

    මෙම "සුපර්නෝවා අවශේෂයෙහි වූ ගෝලාකාර හැඩයක් ගත් අභ්‍යන්තර වළාව, දිදුළන යකඩ (Iron) සහ සිලිකන් මගින් සැදුම්ලත්ව පවතින අතර එම යකඩ මගින් නිකුත් වන දීප්තිය පවතින ප්‍රදේශයන් කොළ පැහැයෙන් ද, සිලිකන් මගින් නිකුත් වන දීප්තිය පවතින ප්‍රදේශයන් නිල් පැහැය මගින් ද පෙන්නුම් කරන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය. අභ්‍යන්තර වළාව ආවරණය කරමින් පවතින සුපර්නෝවා අවශේෂයෙහි රතු පැහැති බාහිර කවචය, "සුපර්නෝවා අවශේෂය" නිර්මාණය කිරීමට හේතුවූ සුදු වාමන තාරකාවක හටගත් සුපර්නෝවා පිපිරුම මගින් ඇති කරන ලදදකි. මෙම බාහිර කවචය ආලෝක වර්ෂ 60 ක දුරක් දක්වා ව්‍යාප්ථව පවතී.


    F2JkKElaAAE2rIA




    ✍️✨🌌 ලිපිය සැකසුම: @Stimulus mind 🌌 ✨✍️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,122
    113
    @Axi හිනවෙන්න තියෙන දේ පෙන්නලා දීපන් බලන්න මට මේකේ...
    දේශපාලන වහල්ලු ගැන දාපු ත්‍රෙඩ් එකකට මං දාපු රිප්ලයි එකකින් පස්සෙ තමයි මේ මන්දමානසිකයට මං දාන ත්‍රෙඩ්ස් වලට, පොස්ට්වලට හිනා යන්න පටන් අරන් තියෙන්නෙ. මෙච්චර දේශපාලන ප්‍රශ්ණවලට අම්මා, අප්පා මතක් කරන් බැනගන්න අය කිරියෙ ඉන්දෙද්දි මාවම ටාගට් කරගෙන මේ වගේ දේවල් කරන්නෙ ඇයි කියන එකයි මට තේරුම් ගන්න අමාරු. මගේ කාලෙ, මහන්සිය වැය කරගෙන, මංම තොරතුරු හොයාගෙන මංම ලියලා වැදගත් කියලා මොනවාහරි දෙයක් කිරියෙ දාන්නෙ එක එක ෆේක් අටවන් එන අවජාතකයන්ගෙන් කිසිම හේතුවක් නැතුව අපහාසෙට 'හා හා' රියැක්ෂන් ගන්න නෙවේ. කොහොමත් කිරියෙ මං ඉන්නවට අකමැති, කිසිම හේතුවක් නැතුව අවුලෙන් ඉන්න වෙස්මූණු දාගත්ත කීපදෙනෙක් ම ඉන්න බව මං දන්නවා. ඔයාටත් මං කියලා තියෙනවනේ සහෝ ඒ පුද්ගලයො ගැන. වැදගත් යමක් කාටවත් කරදරක් නැතුව කරන් යන මනුස්සයන්ව ඒ වගේ බොරුකාර අවජාතකයන්ට කොහොමත් දිරවන්නෙ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දේශපාලන වහල්ලු ගැන දාපු ත්‍රෙඩ් එකකට මං දාපු රිප්ලයි එකකින් පස්සෙ තමයි මේ මන්දමානසිකයට මං දාන ත්‍රෙඩ්ස් වලට, පොස්ට්වලට හිනා යන්න පටන් අරන් තියෙන්නෙ. මෙච්චර දේශපාලන ප්‍රශ්ණවලට අම්මා, අප්පා මතක් කරන් බැනගන්න අය කිරියෙ ඉන්දෙද්දි මාවම ටාගට් කරගෙන මේ වගේ දේවල් කරන්නෙ ඇයි කියන එකයි මට තේරුම් ගන්න අමාරු. මගේ කාලෙ, මහන්සිය වැය කරගෙන, මංම තොරතුරු හොයාගෙන මංම ලියලා වැදගත් කියලා මොනවාහරි දෙයක් කිරියෙ දාන්නෙ එක එක ෆේක් අටවන් එන අවජාතකයන්ගෙන් කිසිම හේතුවක් නැතුව අපහාසෙට 'හා හා' රියැක්ෂන් ගන්න නෙවේ. කොහොමත් කිරියෙ මං ඉන්නවට අකමැති, කිසිම හේතුවක් නැතුව අවුලෙන් ඉන්න වෙස්මූණු දාගත්ත කීපදෙනෙක් ම ඉන්න බව මං දන්නවා. ඔයාටත් මං කියලා තියෙනවනේ සහෝ ඒ පුද්ගලයො ගැන. වැදගත් යමක් කාටවත් කරදරක් නැතුව කරන් යන මනුස්සයන්ව ඒ වගේ බොරුකාර අවජාතකයන්ට කොහොමත් දිරවන්නෙ නෑ.

    Easy
    Don't waste time on such losers
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    TFS. මෙච්චර ගණන් කරන්න බැරි තරම් මන්දාකිණි තියෙන විශ්වයේ මිනිස් ශිෂ්ටාචාරය හැර වෙන දියුණු ශිෂ්ඨාචාර නෑ කියලා හිතන එවුන්ගෙ මොලේ තියෙන්නෙ පුකේ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ටික දොහකින් අභ්‍යවකාශ නූලක්.. බොහාම ස්තූතියි සහෝ..!! :love2:

    මිනිස්සුන්ගෙ කයි කතන්දර ඔහෙට මක්කටැයි? ඔහේ කරගෙන යන හොඳ වැඩ ටික ඒ විදියටම කරගෙන යන්ට.. මන්දයන්ගෙ කතා නියපොත්තෙන් උඩට ගන්න නාකයි... (ටිකක් දකුණෙ භාෂාවෙන් කිවුවෙ වැඩිපුර හොඳට තේරුම් ගනී කියල බලාපොරොත්තුවෙන්)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,122
    113
    ටික දොහකින් අභ්‍යවකාශ නූලක්.. බොහාම ස්තූතියි සහෝ..!! :love2:

    මිනිස්සුන්ගෙ කයි කතන්දර ඔහෙට මක්කටැයි? ඔහේ කරගෙන යන හොඳ වැඩ ටික ඒ විදියටම කරගෙන යන්ට.. මන්දයන්ගෙ කතා නියපොත්තෙන් උඩට ගන්න නාකයි... (ටිකක් දකුණෙ භාෂාවෙන් කිවුවෙ වැඩිපුර හොඳට තේරුම් ගනී කියල බලාපොරොත්තුවෙන්)
    🥰😍(y)(y)(y)
     
    • Like
    Reactions: Walter White

    Similar threads