(ඉන්දුනීසියානු ජන කථාවක් ඇසුරෙන් සිංගප්පූරු ජාතිකයෙක් විසින් ලංකාවේදී රචනා කරන ලද කථාවක කොටසක්)
කාලෙකට ඉස්සර
එක කැළේක හිටියා
වැඩට හරිම දක්ෂ, නීතියත් වගකීමත් හරියට තියාගෙන
කැළේ බලාගත්ත සිංහයෙක්
සිංහයා ඉන්න කාලෙම
වැඩ බැරි නරියෝ, උරගයෝ, ගැඩවිල්ලු,හිකනල්ලු වගේ ජරා සත්තු ටික වැඩ කරේ
කැළේ හොඳ කරගන්න නෙවෙයි, තඩි කුණු ඌරෙක්ට ඕන විදිහට
ඌගේ කකුල් මිරිකනවා,මඩේ ගැලී කන්න දෙනවා,ගෙදර අතුගාලා දෙනවා, ඌරගේ කඩේ වැඩ කරනවා,
“හරි සර්” කියලා ඔලුව අතගානවා
කුණු මූසල සත්තු ගල් යට, ගස් පස්සෙ හොරෙන් හිටයේ
සිංහයාට අහුවෙයි කියලා
දිගටම බයෙන් ජීවත් වුනේ
සිංහයා ඉද්දි
හොරකම් කරන්නත් බෑ, රඟන්නත් බෑ, වැඩ කරන්නත් ඔනේ,
ඒ නිසා
වැඩක් බැරි කට්ටිය “මේ කැළේ අමාරුයි” කියලා
එකින් එක පැනලා යනවා.
පස්සෙ කාලෙක
කැළේ තාමත් අර කුණු ඌරා මඩේ ගැලී ගැලී
ගඳ පතුරවගෙන ඉන්න නිසා
ඒ ගඳත්, ඒ ජරා වාතාවරණයත්
ඉවසන්න බැරිව සිංහයා
“මේ කැළේ දැන් මටත් අයත් නෑ” කියලා
වෙන කැළේකට යනවා
එතනින් පස්සේ තමයි නියම show එක
ඉස්සර හැංගිලා හිටපු
ඌරත් එක්ක හිටපු ජරා සත්තු
එකා එක්ක කරලියට එනවා.
සමහරු ඌරටම කතා කරලා
“අපි ආයෙත් එන්නද?” කියලා
ආශිර්වාදත් අරගෙන එනවා
ටික දවසක් යද්දි
කැළේ සම්පූර්ණ අවුල්
ඒ අතරම කැළේ යන්තම් හරි බේරගෙන හිටපු
හොඳ කොටියෝ, අලියෝ, මුවෝ
“මේක දැන් බේරගන්න බෑ” කියලා
කැළේ අතහැරලා යනවා
අන්තිමට
කැළේ විනාසයි. මුළු කැලෑවම ඌරු කොටුවක්,
කන්න දෙයක් නෑ හැමතැනම මඩ විතරයි.
බේරගන්න කවුරුත් නෑ. ඉන්න සත්තුන්ට යන්න තැනක් නෑ.
ඒත්
උරෝ, නරියෝ, උරගයෝ, ගැඩවිල්ලු,හිකනල්ලු
වෙන කැළෑවකට යන්නත් දන්නේ නෑ.ඒ කෑලෑවල් වලින් එලවනවා
ඇයිද? කැළෑවක ඉන්න දන්නේ නෑ.
පස්සේ ඌරත් උගේ වැඩේ කරගෙන පරණ හිටපු මඩ වලටම ගියා
පස්සේ ඌරත් උගේ වැඩේ කරගෙන පරණ හිටපු මඩ වලටම ගියා
ඌරගේ පස්සේ වැටීගෙන හිටපු මෝඩ සත්තු අනාථ වුනා.
මෙච්චර කල්
කැළෑව මඩ වලක් වෙන්න නොදී බේර ගත්තේ
සිංහයා කියලා දැන් තමයි තේරෙන්නේ
ඒත් දැන් පරක්කු වැඩියි…
