🌼🌸..මී පැණි පූජාවේ අනුසස්.🌸🌼

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🌺
    ..සසර පුරා දිළිඳු නොවීමට.
    🌺

    මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා. චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත් ව ගමන් කරන්නට ලැබේවා’ පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.
    මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේ ම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාව ද, මී පැණි පූජාව ද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව රජක සක්‍ර භවනේ ද, වාර අටසියයක් පොළොවට රජකම ද, වාර පන්සියයක් සක්විති රජකම ද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වය ද ලැබුවා. මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බව ද, ත්‍රිවිද්‍යාවෙන් අග තැන්පත් ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බව ද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක් ද යනුවෙන් සිතන්න. දඹදිව රාජ්‍ය කළ ධර්මාශෝක අධිරාජ්‍යතුමාට ද දඹදිව අග්‍ර රජ බවට පත් වෙන්නට හේතු වුණේ මී පැණි පූජාව යි.
    🌼
    ..පිරිසුදු සිත ඉතා වැදගත්..
    🌼

    පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.
    සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාව ම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි. ‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’
    යනුවෙන් පූජාකළ යුතු යි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.
    තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවා ද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුව ද කෙතරම් සැප විපාක වන්නට ඇති ද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුව ද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි. සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මේ ගැන කල්පනාවෙන් කවුරු වුණත් පිනක් මහත්ඵල මහානිසංස දායක වීමෙන් හේතු සාධක කල්පනා කර බැලිය යුතු යි.
    🌼
    ..පූජාවේ පින මහත්ඵල වීමට..
    🌼

    අලෝභ (තණ්හාව නැහැ) ද්වේෂ (තරහ, වෛර, ක්‍රෝධ නැති මෛත්‍රීය) අමෝහ චේතනා (මෝඩකම නොහොත් මෝහය නැති බව) පූජාවක දී හෝ වන්දනාවක දී පහළ වූවා නම්, පින බොහොම මහත්ඵල වෙයි. එහෙම නම්, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාව කළේ අලෝභ, අද්වේෂ අමෝහ චේතනාවන් මුල් කරගෙනයි. මේ චේතනා ඉතාම පිරිසුදුව තම සිතෙහි පහළ වුණොත්, ඒ අනුසාරයෙන් චෛතසික ධර්ම රාශියක් පහළ ව සිත ප්‍රබෝධමත් ව චෛතසිකයත් පිරිසුදුවෙ යි.
    පිනට නිග්‍රහ කරන්න එපා, අනුන් කරන පින්කම් හෙළා දකින්න එපා. පින්කම්වල සිත පහදවා ගෙන අතහිත යොමු කරන්න. සාධු නාද නඟන්න පුරුදු වන්න. තමන් ද ඒ පින්වල යෙදිය යුතු යි. ලොව්තුරා බුදුවරු ලොවේ සැමදා නැහැ. බුද්ධ ශාසනයත් අපට ලැබුණේ අපේ පිනට යි. ඒ තමාගේ ගුණ ධර්ම දියුණුවෙන් කරන පින්කම්වල විපාක අනේක ජාතික සංසාරයේ සත සහශ්‍රයන් හි ලැබෙනවා. කවදාකවත් දුකක්, පීඩාවක් නැහැ. ආයු වර්ණ, සැප, බල, ඥාන, භෝග සම්පත්, පරිවාර සම්පත්, සුගති සම්පත් ආදී සියලුම සම්පත් ගෙන දීමට සමත් වෙනවා. පූජාවෝ, වන්දනාවෝ සාර්ථක වන්නේ පූජාව නිසා නොවෙයි. සිතේ පැහැදීම නිස යි. එය අග්‍ර ගණ්‍ය පූජාවක්, වන්දනාවක් බවට පත් වෙනවා.
    🌸
    ..දුප්පත්කම දුරලීමට - සම්පත් උදා කර ගැනීමට..
    🌸

    මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන්, සීල, සමාධි ප්‍රඥාවෙන් අපේ පින මහත්ඵල මහත් ආනිසංස කර ගන්න. කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක් වන්නේ ම නැහැ. සිත දියුණු කළ විට කෙතරම් වටිනවා ද? ලොවේ කවර තැනක උපන්නත් එවැනි සැනසුමක් ලබන්නට බැහැ. ලංකාවේ උපන් අයට ඕන වේලාවක, ඕනෑ තරම් පින් දහම් කළ හැකි යි. ලොවේ අන් අය එලෙස නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමට, කරුණා, මෛත්‍රීය උපදවා ගැනීමට පුළුවන්. නමුත් පන්සිල් රැකීමක්, පොහොය අටසිල් රැකීමක්, බණ ඇසීමක්, භාවනාවක් නැහැ. ඒ අනුව අප කෙතරම් ම වාසනාවන්ත ද? දුගී දුප්පත්කම තුරන් කරන්නට, සියලු සැප සම්පත් උදාපත් කරගන්න, දුක් කරදර කම්කටොළු යට කරගන්න හේතු වන්නේ පින යි. ජීවිතය වාසනාවන්ත වන්න, ජීවිතය ආලෝකවත් වන්න , දුකෙන් නිදහස් වන්නේ පිනෙන් පමණයි. බුද්ධාදී උතුමෝ වර්ණනා කළේ දාන, සීල, භාවනා පින්කම් පමණ යි. එසේම ලොවේ යම්තාක් පින්කම් ඇතිනම්, ඒ සියල්ල දාන, සීල, භාවනා පින්කම්වලට අයත් වෙයි.
    🌸
    .පවිටු සිතිවිලි සංසිඳුවා ගන්න.
    🌸

    සිතේ තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පවිටු චේතනාවෝ වැඩි යි. ඒවා සංසිඳුවා ගන්නට බුදු දහමෙන් දන්දීම, සිල් රැකීම, භාවනාව, බුද්ධ වන්දනාව, මල් පහන් පූජාව ආදිය උගන්වනවා. එය පාපී සිතිවිලි නැතිකර ගැනීමට උපකාරී වනවා. ඒ නිසා කොයි කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන් සිත ගත නිවා සනසා ගත යුතු යි. කරදර, කම්කටොළු, බාධක යටපත් කරගත යුතු යි. එවිට කිසිවකින් කරදර, පීඩාවක් නැතිව තමන්ගේ සංසාර ගමන හොඳට යන්න පුළුවන්කම තියෙනවා. දුක් විඳින්න අවශ්‍ය නැහැ. යහපත් උපතක් ලබා, යහපත් සිතෙන් මරණයට පත් ව, නැවත හොඳින් උපත ලබා හොඳින් මරණයට පත් වීම පිනේ ස්වභාව ය යි. රහතන් වහන්සේලාගේ චරිත වලින් ඉහත ආත්ම භාව කල්ප ලක්ෂයක් අපායෙන් නිදහස් වී සිටීම කෙතරම් වටිනවා ද? එසේ නම් අපත් අපායෙන් නිදහස් ව සිටියොත් කෙතරම් අගේ ද? සුගතියක ම වාසයෙන් අපට මේ සංසාර ගමන දුක් සහිත වුව ද එහි කෙළවරක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෙහෙස මහන්සි නොබලා ගුණ ධර්ම දියුණු කළ යුතු යි. එය කුමන දෙයකින්වත් කරදර, කම්කටොළු, බාධක නොමැතිව මෙලොව පරලොවට මෙන්ම සංසාර ගමන යහපත් ව ගමන් කර, සසර දුකෙන් නිදහස්වීමට හේතු වෙනවා. බුදුන් වහන්සේ අනුදැන වදාළ දස පාරමිතා සැපිරිය යුතු යි. නිවැරැදිව කළොත් පාරමිතා දහයම සම්පූර්ණ වෙයි. මෙලෙස පාරමිතාවෝ හොඳින් දියුණු තියුණුවෙන් සිත ගතත් නිවා සනසා ගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන පාරමී ගුණ, සති, සමාධි, ඥාන දියුණුවෙන් තම මෙලොව ජීවිතය හොඳින් සකසාගෙන පරලොවත් සුගතිගාමී ව බුද්ධාදී උතුමන් නිවී සැනසුණු අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සියලු පින් හේතු වාසනා වේවා.
    🙏
    🙏
    🙏
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මී මැස්සන්ට කොච්චරයිද පින?

    ඒ වගේම උන් අමාරුවෙන් එකතු කරපු මී පැණි ටික හොරෙන් අරන් පිං කරන්න යොදාගන්න එකේ ආනිසංසත් පැහැදිලි කරනවානම් හොදයි.
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93

    Another idiot who believes in astrological stuff
    mcn prathpaththi pooja is far way more better than aamisa pooja🙏
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ වගේම උන් අමාරුවෙන් එකතු කරපු මී පැණි ටික හොරෙන් අරන් පිං කරන්න යොදාගන්න එකේ ආනිසංසත් පැහැදිලි කරනවානම් හොදයි.
    මගේ පොඩි එකාගේ නමත් උඹේ account එකේ නම. :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    මී පැණි පූජාවෙ පින තියෙන්නෙ මී මැස්සොන්ට විතරයි. :yes:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඒ වගේම උන් අමාරුවෙන් එකතු කරපු මී පැණි ටික හොරෙන් අරන් පිං කරන්න යොදාගන්න එකේ ආනිසංසත් පැහැදිලි කරනවානම් හොදයි.
    නෑනෙ ඉතින් උන් පෙර කල අකුසලයක් හින්දයි උන්ට පැණිටික නැති වෙන්නෙ කියල හිත හදාගන්නව ඇති අපේ රටේ උන් කරුමෙ කරුමෙ කියල කියනව වගේ
     
    • Haha
    Reactions: Boole and isuru5

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    හමදේම වෙන්න කර්මය නිස නෙමේ, නියම දර්ම පහක් තියෙනවා.

    බුදු රජාණන් වහන්සේ ලෝකය දෙ ආකාරයකින් දක්වා ඇත. ඒ සූර්යයන් ප්‍රමුඛකොටගත් ග්‍රහලෝකවලින් සැදි සහශ්‍රී ලෝක ධාතුවයි. (අං.නි.404) අනෙක පඤ්චස්කන්ධයෙන් සැදුම් ලද නාමරූපයන්ගෙන් ප්‍රභාවිත සත්ත්ව ලෝකයයි.

    මේ ලෝක දෙක ම පාලනය වන විශ්ව නියාමයක් පවතී. ඒ පඤ්ච නියාම ධර්මයි.

    ‘උතුබීජ නියාමෝ ච - කම්ම ධම්ම නියාමතා
    චිත්තස්ස ච නියාමෝති - ඤෙය්‍යො පඤ්ච නියාමතා’

    එනම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම,ධම්ම නියාම හා චිත්ත නියාමයි.

    බුදුන් දවස වඩාත් ප්‍රචලිත ව තිබූ ඉස්සර නිම්මාන වාදය,පුබ්බේකත හේතුවාදය, අහේතු අපච්චයවාදය හා නූතන දේවවාදී ආගම් සියල්ල මේ මඟින් ප්‍රතික්ෂේප වෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ පැවැත්ම පටිච්ච සමුප්පාදය හේතුකොට පවතින්නක් බවයි. පඤ්ච නියාම ධර්ම පවතින්නේ පටිච්ච සමුප්පාදය පාදක කොට ගෙන ය.මේ දෙක අෙන්‍යා්න්‍ය වශයෙන් එකට බැඳී පවතී.

    උතු නියාම නම් ලෝකයේ ඍතු භේදයයි. එනම් දේශගුණය හා කාලගුණයයි. විශ්වයේ සියලු වස්තු නිරන්තරයෙන් චලනය වෙයි. අප වෙසෙන පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙයි. පෘථිවිය ද පරිභ්‍රමණය වෙයි. පෘථිවියේ පරිභ්‍රමණය හේතුකොට රෑ දවල් සිදුවේ. එසේ නොවී එක දිගට සූර්යයා පැවතුනහොත් ජලය සිඳී ගොස් සියලු ගහ කොළ විනාශ වී සත්ත්වයාගේ පැවැත්ම අහෝසි වෙයි. එවිට පෘථිවිය යනු සතුන් ගහකොළවලින් තොර වස්තුවක් වෙයි. පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නේ ඉලිප්සයාකාර ගමන් මඟක ය. මේ ගමන ආරම්භ වූයේ කවදා ද අවසන් වන්නේ කවදා දැයි කාටවත් කිව නොහැකි ය. එහෙත් එය විවිධාකාර වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතී. ඒ උතු නියාමයේ ස්වභාවයයි. එහි මුල සෙවීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.

    බීජ නියාමය නම් සත්ත්ව හා ශාක සන්තතියේ පැවැත්මයි. ඒ පැවැත්ම තහවුරු වන්නේ ඍතු භේදය අනුව ය. ඒ අනුව උතු නියාමය බීජ නියාමයට හේතු වෙයි. පටිච්ච සමුප්පාද වෙයි.

    සත්ත්වයන් අතරත් ශාක අතරත් වර්ග ප්‍රචාරණය නොකඩවා සිදු වේ. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙවර්ගයක් වෙයි. ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේ එක්වීමෙන් සුදුසු කාලවකවානුවක දී සත්ත්වයන්ගේ ප්‍රභවය සිදුවෙයි. සතා සීපාවා තම වර්ගයා බෝකරන්නේ ඍතුවට සමානුපාතිකව ය. කුරුල්ලන් බිත්තර දමන්නේ අධික වර්ෂාවෙන් තොර පලවැලවලින් සශ්‍රීක කාලයක ය. තමා වසන ප්‍රදේශයේ එවැනි හිතකර පරිසරයක් නොවේ නම් සැතපුම් සිය ගණනක් ඈතට වුව පියාඹා යයි. මැසින්න (මාළුවා යන්නෙහි ස්ත්‍රී ලිංගය) බිත්තර දමන්නේ ගංවතුරක් ආසන්න කොට ය. බල්ලන්, බළලුන්, ගවයන් ආදී සතුන්ට ද ඒ සඳහා නියමිත කාල වකවානුවක් ඇත. එවැන්නක් නැත්තේ මිනිසාට පමණි. මිනිසා එම කාර්යය සිදු කරන්නේ තම වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාව මත නොව මානසික ප්‍රවේගය නිසා ය. බුදුරජාණන් වහන්සේ කාමයන්හි ආදීනව දේශනා කළේ එහෙයිනි. සතුන්ට මෙන් මිනිසාට ද එවැනි නියාමනයක් වී නම් එසේ දේශනා කරන්නට වුවමනාවක් නැත.

    සත්ත්ව සන්තතියේ පැවැත්ම ද එකිනෙකට වෙනස් ය. සමහර සතුන් ආහාරයට ගන්නේ මස් ය. මස් කන සිංහයා කොතරම් බඩගිනි වුවත් තණකොළ කන්නේ නැත. සමහර සතුන් ආහාරයට ගන්නේ ශාකයන් ය. අලියාට කොතරම් හැකියාව තිබුණත් සතකු මරා මස් කන්නේ නැත. ඇතැම් සතුන් ජීවත්වන්නේ ගොඩබිම ය. ඇතැම් සතුන් ජලයේ ය. ඇතැම් සතුන් අහසේ ය. එහෙයින් විශ්ව පරිසරය ඔවුන් අතර සමසේ බෙදීයයි. මේ නියාමනය වෙනස් කිරීමට කරන උත්සාහය ගැටලු සහගත ය. සත්ත්ව ලෝකයට නැති ගැටලු රාශියක් මිනිස් ලෝකයට ඇත්තේ එහෙයිනි. සත්ත්වයා තුළ මෙබඳු පැවැත්මක් ඇති නමුත් එහි මූලාරම්භය කිසිවෙකුටත් කිව නොහැකි ය.

    සත්ත්වයා පිළිබඳ ඉහත නියාමය භෞතික වාදයට ප්‍රමාණවත් වුවත් මේ භවයෙන් පමණක් අවසන් නොවන සත්ත්ව ප්‍රජාවට ප්‍රමාණවත් නො‍වේ. බීජ නියාමය පෘථිවියට පමණක් සීමා නොවේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මෙන්ම නිරය දක්වා ද පැතිරෙයි. චිත්ත නියාමයට පාදක ‘යම් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය හටගන්නේ ද ඒ අනුව නම් ලබයි. ඇස ද රූපය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ චක්ඛු විඤ්ඤාණයයි. කන ද ශබ්දය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ සෝත විඤ්ඤාණයයි. නාසය ද ගන්ධය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ ඝාන විඤ්ඤාණයයි. දිව ද රසය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ ජිව්හා විඤ්ඤාණයයි. කය ද ස්පර්ශය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ කාය විඤ්ඤාණයයි. මනස ද ධර්ම ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ මනෝ විඤ්ඤාණයයි. විඤ්ඤාණය රූප, වේදනා, සඤ්ඤා,සංඛාර යන ප්‍රත්‍යයන් නිසා ඇති වන බව ද එයින් තොර ව නොපවත්නා බව ද බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ දී පැහැදිලි ලෙස ම වදාළහ. යමෙක් මෙම ප්‍රත්‍යයන්ගෙන් බැහැර විඤ්ඤාණයේ පැමිණීමක්, යාමක්, නැතිවීමක්, හට ගැනීමක්, වැඩීමක් දක්වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැක්කි. ‘(මහා තන්හා සංඛය සූත්‍රය, ම.නි.1606)

    මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා (ධර්මයන්ට මනස පෙරටුව සිටී. මනස ශ්‍රේෂඨ ය. ධර්මයෝ මනසින් උපදිති.) මෙහි ධර්ම යන්නෙන් අදහස් කරන්නේ කුසලාකුසල කර්මයන් ය. චිත්ත නියාමයෙන් සංස්කාරස්කන්ධය අදහස් කරයි. සංස්කාරස්කන්ධය පවතින්නේ අවිජ්ජාව නිසාය. කුසල් හෝ අකුසල් වූ ‍සචේතනික ක්‍රියා සියල්ල සංස්කාර ගණයට ඇතුළත් වේ. (බුදුන් වදාළ ධර්මය, වල්පොල රාහුල හිමි, 32 පිට)

    මනුෂ්‍යයා විසින් අධික ලෝභයෙන් සියලු සම්පත් එකවර පරිභෝජනය කරන්නට යාමෙන් දේශගුණය වෙනස් වෙයි. කාලගුණය වෙනස් වෙයි. ඕසෝන් ස්තරය සිදුරු වී ඇත. තමන්ට ඕනෑ හැටියට සත්ත්ව සන්තතිය පාලනය කොට තමා පමණක් ජීවත් විය යුතුය යන සංකල්පය හේතු කොට බීජ නියාමය අවුල් සහගත වී ඇත. මිනිස් සිතුවිලි මේ සියලු නියාමයන් වෙනස් කරන්නට බලපායි. දුෂ්ට සිතකින් බෝම්බයක් සක්‍රිය කළහොත් එකවර ලෝකය ම විනාශ කළ හැකි වෙයි. බෝම්බය සක්‍රිය කළ යුතු ද නැද්ද යන්න තීරණය කරන්නේ මනුෂ්‍ය චිත්තයයි. ඒ අනුව විශ්ව පැවැත්ම සඳහා චිත්ත නියාමය ඍජුවම බලපාන්නක් බව පෙනේ.

    ධම්ම යන්න පාලියෙහි බොහෝ අර්ථයන්හි යෙදී ඇතත් මෙහි දී අදහස් කරන්නේ ස්වභාවයයි. ස්වභාව ධර්මය පවතින්නේ උතු නියාමයත් බීජ නියාමයත් නිසා ය. සූර්ය රශ්මිය නිසා ජලය වාෂ්ප වෙයි. වාෂ්ප වෙන ජලය වලාකුළු බවට පත් වී වැස්ස ලැබෙයි. මේ අඛණ්ඩ නියාමය ලෝකයේ පැවැත්මට හේතු වෙයි.

    මහපොළොව විෂමාකාරය. සමහර තැන් උස් ය. සමහර තැන් පහත් ය. සමස්ත පෘථිවිය ම එකම මට්ටමේ වී නම් ජලයේ රඳා පැවැත්මක් නැත. ඉර හඳ සිය කාර්යය අඛණ්ඩ ව සිදු කරයි. එය දෙවියකු විසින් කරන්නක් නොව ධම්ම නියාමය අනුව සිදුවන්නකි. උපන් සියලු දෙනා මරණයට පත්වෙයි. මරණයට පත්වෙන ප්‍රමාණයට සාපේක්ෂව උපත් සිදුවෙයි. මරණය සිදු නොවන්නේ නම් ලෝකයේ ඉඩ නැතු ව යයි. උපත සිදු නොවූවහොත් සත්ත්ව සංහතිය අවසන් වෙයි. කම්ම නියාම නම් සත්ත්වයා ක්‍රියා කරන ආකාරයයි. බුදු දහම අනුව මේ ආත්මභවයේ දී කරන ක්‍රියාවක් පමණක් නොව අතීත ආත්මභවවල කළ ක්‍රියාකාරකම් ද මෙම නියාමයට අයත් වෙයි. පෙර ආත්මභවයේ දී අයහපත් දේ සිදු කළහොත් මේ ආත්මභවයේ දී එයට දුක් විපාක ලැබෙයි. යහපත් ක්‍රියා සිදු කළහොත් සැප විපාක ලැබෙයි. සත්ත්වයා අතර උස් පහත්කම් ඇති වන්නේ ඒ නියාමය පදනම් කොටගෙන ය.

    මෙලොවදී ද සත්ත්වයෝ නොයෙක් ක්‍රියාකාරකම්වල(කර්ම) යෙදෙති. ජීවිතය පවතින්නේ ඒ ක්‍රියාකාරකම් අනුව ය. කුඹුරු වැපුරුවොත් අස්වැන්න ලැබේ. පාඩම් කළොත් විභාගය සමත් වේ. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියෙන් හෝ කරුණා මෛත්‍රී ආදියෙන් යුක්ත ව ජීවත් වන පුද්ගලයාට එයට සාපේක්ෂ වන ආකාරයට මෙලොවදී ද සැප දුක් අත්විඳින්නට සිදු වෙයි. ධම්ම නියාමයයි. ද්වේෂය ඇති වී දඬු මුගුරු ගැනීම චිත්ත නියාමයයි. මේ අනුව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පඤ්ච නියාම පිළිබඳ ව පැහැදිලිව කියවෙයි.

    මේ නිසාම ධර්ම එකක් අනිකක් හා බැඳී පවතින අතර එකක් හේතුකොට අනෙකක් පවතී. පඤ්ච නියාම ධර්ම නියතිවාදී ද නොවේ. ඒ හැම එකක් ම වෙනස් වෙයි. වෙනස් කළ හැකි ය.

    උතු නියාමය විවිධ හේතූන් මත වෙනස් වේ. මිනිස් ක්‍රියාකාරකම් ඉන් ප්‍රධාන ය. එහෙත් තමාට ඕනෑ පරිදි දේශගුණය හා කාලගුණය පාලනය කර ගැනීමට මෙතෙක් කිසිවෙකුට පුළුවන් වී ඇත. අතිශය බුද්ධිමත් දෙමව්පියන්ට මන්ද බුද්ධික දරුවන් උපදී. ඒ සමහර විටෙක මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් විය හැකි ය. නැත්නම් කම්ම නියාමයේ බලපෑමයි. එහෙත් තිරිසනකුගෙන් මෙතෙක් මිනිසකු බිහි වී නැත. කම්ම නියාමයේ වෙනස්වීම් සිදු වී දැයි දැන ගැනීමට කර්ම ශක්තිය පිළිබඳ අපට අවබෝධයක් නැත. එහෙත් නිවන් දැකීමෙන් කර්මය ක්ෂය කළ හැකි ය. මරණය නතර කිරීමට කිසිවකුටත් නොහැකි ය. නිවන් ලැබීමෙන් සිදු වන්නේ මරණය නතර කිරීමක් නො ව නැවත උපතක් සිදු නොවීම ය.
    නෑනෙ ඉතින් උන් පෙර කල අකුසලයක් හින්දයි උන්ට පැණිටික නැති වෙන්නෙ කියල හිත හදාගන්නව ඇති අපේ රටේ උන් කරුමෙ කරුමෙ කියල කියනව වගේ
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    Another idiot who believes in astrological stuff
    mcn prathpaththi pooja is far way more better than aamisa pooja🙏
    ඌ මහා මෙව්නාවේ එහෙයි උපාසක කෙනක්.. උන් හිස් මුදු නින් පිලි ගන්නේ ආමිස පූජාව විතරයි

    මොන්ගල් වැඩ නොකර ඉදාන් යකෝ. මේ ලගදී දැක්කා කිරිබත්ද කොහෙද 1000 ගානක් වෙහෙර වටේ තියන් ඉන්නවා
    මහමෙව්නාව ගැන නම් කතා කරලා වැඩක් නෑ
    ------ Post added on Sep 12, 2022 at 8:59 AM