🎬⚔️ ග්ලැඩියේටර භූමියට යළි සපැමිණෙන "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය - "Gladiator II" | ප්‍රථම නිල ඡායාරූප 🛡️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    gladiator-2.jpg


    ✍️⚔️ ලිපිය සැකසුම: @Stimulus mind 🎥✍️


    තම පවුලේ සාමාජිකයන් ඝාතනය කොට තමා වහල්භාවයට යැවූ දූෂිත අධිරාජ්‍යයාට එරෙහිව පළිගැනීමට සැරසෙන හිටපු රෝමානු ජෙනරාල්වරයෙකුගේ කතා තේමාවක්, ප්‍රවීණ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් වන "Ridley Scott" විසින් නිර්මාණය කළ, 2000 වසරේදී ලොව පුරා තිරගත කළ 'Gladiator' නම් සිනමාපටයෙහි අන්තර්ගත වනවා. ඉතිහාස කතා ඇසුරෙන් නිර්මාණය කළ සිනමාපට අතරින් ලොව පුරා සිටින සිනමා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආකර්ෂණයට පාත්‍ර වෙමින් හොලිවුඩ් සිනමා වංශ කතාවෙහි සුවිශේෂී සලකුණක් තැබූ 'Gladiator' සිනමාපටය, 2001 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත් වූ 73 වැනි ඔස්කාර් සම්මාන උළලේදී, එම වසරේ සිනමාපටයක් හිමි කරගත් වැඩිම නිර්දේෂිත නාම ප්‍රමාණයට ද හිමිකම් කීමට සමත් වුණා. එහිදී වසරේ හොදම සිනමාපටය (Best Picture), වසරේ හොදම නළුවා ලෙස "Russell Crowe" ද, හොදම දෘෂ්‍ය ප්‍රයෝග (Best Visual Effects), හොදම ශබ්ද සංකලනය / සංස්කරණය (Best Sound) සහ, හොඳම ඇඳුම් නිර්මාණයට (Best Costume Design) හිමි ඔස්කාර් සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට ද 'Gladiator' සිනමාපටය සමත් වුණා.


    gettyimages-156473199-2000-1fc95e6a98354b85a6aaf9d3f2dae06c.jpg


    MV5BYTk4YzFmMTktYjhhMi00ZTQ0LWE4YzEtY2FjYzI2YjUzNzZiXkEyXkFqcGdeQXVyMjk3NTUyOTc@._V1_.jpg


    gladiator-connie-nielsen-joaquin-phoenix-social.jpg


    Gladiator-how-Commodus-died-in-real-life.jpg


    d0003492edcb026a2ff78ca4eb3adca5


    image.jpg



    23c.gif









    "Russel Crowe", "Gladiator' සිනමාපටයේ රංගනය වෙනුවෙන් හිමි කරගත් "වසරේ හොදම නළුවාට" හිමි ඔස්කාර් සම්මානය අතැතිව

    f0484359457029ffbaebacfc50568359.jpg
    PMA8XT.jpg



    මෙවැනි ඉහළ විචාරක සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකර ගත් 'Gladiator' සිනමාපටයේ දෙවැනි කොටස (Sequel) වන "Gladiator II" සිනමාපටය මේ වසරේ නොවැම්බර් මස 15 වනදා සිට ලොව පුරා තිරගත කිරීමට මේ වනවිට සැලසුම කොට තිබෙනවා. පළමු සිනමාපටය අධ්‍යක්ෂණය කළ "Ridley Scott" මෙම සිනමාපටයට ද අධ්‍යක්ෂණ කාර්යයෙන් දායක වී ඇති අතර සිනමාපටය නිර්මාණය කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න අති දැවැන්ත නිෂ්පාදන වියදමක් ද වැය කොට තිබෙනවා. පළමු සිනමාපටයේ ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වූ "Russell Crowe" සහ "Joaquin Phoenix" මෙම සිනමාපටය සදහා රංගනයෙන් දායක නොවන අතර මෙහි ප්‍රධාන චරිතයන් සදහා Paul Mescal, Denzel Washington, Pedro Pascal, Joseph Quinn, Fred Hechinger, Connie Nielsen ("Connie Nielsen" පළමු "Gladiater" සිනමාපටය සදහා ද රංගනයෙන් දායක විය) , සහ Derek Jacobi යන රංගන ශිල්පීන් සහ ශිලිපිනියන් රංගනයෙන් දායක වනවා. සිනමාපටයේ ධාවන කාලය (Run time) ලෙස සටහන් වන්නේ පැය 2 කුත් මිනිත්තු 36 ක කාලයකුයි.

    පළමු සිනමාපටයේ ඇතුළත් වූ කතාංගයෙන් වසර 25 ත් 30 අතර කාල පරිච්ඡේදයකට අනතුරුව සිදුවන සිද්ධි මාලාවක්, "Gladiator II" සිනමාපටයෙන් නිරූපණය කරනු ලබන අතර සිනමාපටයේ තිර පිටපත රචනා කරනු ලැබුවේ "David Scarpa" විසිනුයි. කෙසේ වෙතත් මෙම "Gladiator II" සිනමාපටය නිර්මාණය කිරීමට වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න වූ අති දැවැන්ත පිරිවැය සහ මෙම සිනමාපටය, පළමු සිනමාපටයෙන් වසර 24 කට පසුව නිර්මාණය වූවක් වීම හේතුවෙන් සිනමා ශාලා වෙත ගොස් තවත් 'Gladiator' සිනමාපටයක් නැරඹීමට තරම් ආකර්ෂණයක් සිනමා ප්‍රේක්ෂකයන් තුළ තවමත් පවතිනවා ද යන කරුණු හේතුවෙන් මෙම සිනමාපටයට මූල්‍යමය වශයෙන් සාර්ථක බවක් අත් කර ගැනීමට හැකියාව පවතී ද යන්න පිළිබදව හොලිවුඩය තුළ මේ වන විට විවාදයට තුඩු දී තිබෙනවා.



    Paramount_logo.jpg


    මෙම කරුණෙහි වැදගත්කම තවත් තීව්‍ර කිරීමට මෙම සිනමාපටය නිෂ්පාදනය කොට බෙදා හැරීම සිදු කරන "Paramount Pictures" ස්ටූඩියෝව මේ වන විට මුහුණ දෙමින් සිටින මූල්‍ය අර්බුධය සහ උඝ්‍ර අය වැය පරතරය ද මූලික වශයෙන් හේතු වී තිබෙනවා. 2000 වසරේ තිරගත වූ පළමු 'Gladiator' සිනමාපටය ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 465.4 ක් උපයා ගත් අතර සිනමාපටයේ නිෂ්පාදන වියදම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 103 ක් වැයව තිබුණා. පළමු 'Gladiator' සිනමාපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ප්‍රවීණ සංගීතඥ
    "Hans Zimmer", "Gladiator II" සිනමාපටය සදහා මෙවර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක නොවන අතර "Ridley Scott" ගේ Prometheus, The Martian Alien: Covenant සහ House of Gucci යන සිනමාපට සදහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ බ්‍රිතාන්‍ය ජාතික වන "Harry Gregson-Williams" තම දායකත්වය සපයනු ලබනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයනු ලබන්නේ පළමු 'Gladiator' සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ද ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික කැමරා අධ්‍යක්ෂවරයෙක් වන "
    John Mathieson" විසිනුයි.


    "Hans Zimmer" විසින් නිර්මාණය කළ "Gladiator' සිනමාපටයේ සුපක්‍රට තේමා සංගීතය




    ⚔️ "Gladiator II" සිනමාපටයේ ප්‍රථම නිල ඡායාරූප 🛡️


    සිනමාපටයේ ප්‍රධාන චරිතය වන "Lucius Verus" ට පණ පොවන "Paul Mescal"

    GLADIATOR-II-First-Looks-06.jpg


    GLADIATOR-II-First-Looks-13.jpg


    GLADIATOR-II-First-Looks-Site-Story-Image.jpg


    GLADIATOR-II-First-Looks-12.jpg


    GLADIATOR-II-First-Looks-11.jpg


    GLADIATOR-II-First-Looks-10.jpg



    වහල්භාවයෙන් මිදී ධනවත් වෙළෙන්දෙකු බවට පත් වූ 'Macrinus' නම් චරිතයට පණ පොවන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Denzel Washington"

    GLADIATOR-II-First-Looks-04.jpg




    පළමු 'Gladiator' සිනමාපටයේදී "Marcus Aurelius" නම් රෝමානු අධිරාජ්‍යයයාගේ දෙවැනි දියණියගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පිනී "Connie Nielsen", "Gladiator II" සිනමාපටයේදී නැවතත් එම චරිතය ප්‍රති නිර්මාණය කරමින්

    GLADIATOR-II-First-Looks-09.jpg




    රෝමානු හමුදා ජෙනරාල්වරයෙකුව සිට අධිරාජ්‍යාගේ අණට පිටු පෑම හේතුවෙන ග්ලැඩියේටරවරයෙකු බවට පත් වීමට සිදු වූ "Marcus Acacius" ගේ චරිතයට පණ පොවන "Pedro Pascal"


    GLADIATOR-II-First-Looks-02.jpg




    GLADIATOR-II-First-Looks-07.jpg


    GLADIATOR-II-First-Looks-08.jpg




    ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Ridley Scott", සිනමාපටයේ අධ්‍යක්ෂණ කටයුතු අතරතුර

    GLADIATOR-II-First-Looks-03.jpg


    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🛡️✍️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    Ela Ela ....

    ග්ලැඩියේටර කෙනෙක් විදිහට රසල් ක්‍රෝ දකිනවා වගේ ප්‍රබල ගතියක් ඉහත රුපරමුවේ නෑ වගේ නේද ?​

    පින්තූරෙකින් විතරක්ම ඒක කියන්න බෑ සහෝ මට හිතෙන විදිහට නම්. ෆිල්ම් එක බලලම තමයි ඒක තීරණේ කරන්න වෙන්නෙ. කොහොමත් පළවෙනි ෆිල්ම් එකේ මට්ටම මේ ෆිල්ම් එක ළං කරයි කියලා නම් හිතන්න බෑ ඉතින්. මොනවා උනත් හොද production quality එකක් තියෙන ෆිල්ම් එකක් වෙයි රිඩ්ලි ස්කොට්ම මේකත් ඩිරෙක්ට් කරන නිසා. ඔය නළුවා නම් හොද ටැලන්ටඩ් නළුවෙක් කියලා තමයි අහලා තියෙන්නෙ. :yes:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,557
    113
    හඳට කිට්ටුව
    Ela Ela ....

    ග්ලැඩියේටර කෙනෙක් විදිහට රසල් ක්‍රෝ දකිනවා වගේ ප්‍රබල ගතියක් ඉහත රුපරමුවේ නෑ වගේ නේද ?​

    :yes:

    TFS+
    ------ Post added on Jul 2, 2024 at 2:46 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පින්තූරෙකින් විතරක්ම ඒක කියන්න බෑ සහෝ මට හිතෙන විදිහට නම්. ෆිල්ම් එක බලලම තමයි ඒක තීරණේ කරන්න වෙන්නෙ. කොහොමත් පළවෙනි ෆිල්ම් එකේ මට්ටම මේ ෆිල්ම් එක ළං කරයි කියලා නම් හිතන්න බෑ ඉතින්. මොනවා උනත් හොද production quality එකක් තියෙන ෆිල්ම් එකක් වෙයි රිඩ්ලි ස්කොට්ම මේකත් ඩිරෙක්ට් කරන නිසා. ඔය නළුවා නම් හොද ටැලන්ටඩ් නළුවෙක් කියලා තමයි අහලා තියෙන්නෙ. :yes:
    අනිවා ,, මග බලාගන ඉනේ බලන්න. 2000 මුල් එක බලලා ෆිල්ම් එක ඇතුලේ සතියක් විතර ජිවත් වුනා ... ඒකාලේ young කොල්ලෝ නේ ...දැන්නම් නාකි වේගන එන්නේ .. :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    අඩෙ එල... :love:
    අපේ අයියා කෙනෙක් මට UK වල ඉඳලා Gladiator VHS Cassett එකක් ගෙනැල්ලා දුන්නා බන් ඒ කාලේ.
    අද තියෙන blu ray quality යටම තිබුනා Video quality එක. පට්ට.
    කීපාරක් Film එක බැලුවද කියලා මතක නෑ ඒ තරමට බැලුවා සෑහෙන්න වතාවක්.

    s-l400.jpg



    Ela Ela ....

    ග්ලැඩියේටර කෙනෙක් විදිහට රසල් ක්‍රෝ දකිනවා වගේ ප්‍රබල ගතියක් ඉහත රුපරමුවේ නෑ වගේ නේද ?​

    Photos වලින් නම් එහෙම සීන් එකක් පේනවා. මොකද Gladiator කිව්වාම අපේ හිත් වල පේන්නේ Russell Crowe ව නේ.
    දැන් Russell Crowe ඉන්න විදියත් එක්ක කොහොමටවත් පොරව ඒ චරිතෙට දැන් Match වෙන්නේ නෑ :lol:

    1594778337502


    අනික අපිට Film එක බලන්න කලින් දැන් ඉන්න නළුවගේ විස්තර කියන්න බෑ.
    ඒ නිසා Film එක ආවට පස්සේ අපි බලමු කොහොමද කියලා.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
     

    Similar threads