🎬💥 න්‍යෂ්ටික යුද්ධයක බිහිසුණු බව පිළිබදව කියාපාන විශිෂ්ට ටෙලි සිනමාපටය - Threads (1984) 🎥☢️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,064
    113
    Nx3Hpqv.jpg

    ඇමරිකා එක්සත් ජනපදයේ සහය ඇතුව උතුරු ඉරානයේ සෝවියට් හිතවාදී ආණ්ඩුව පෙරළාදැමීම නිසා ඉන් උරණ වුණු සෝවියට් දේශය උතුරු ඉරානය ආක්‍රමණය කිරීම සිදු කරනවා. මේත් සමගම සෝවියට් දේශයත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර දැවැන්ත යුද්ධයක් ආරම්භ වෙනවා. මේ යුද්ධය ත්‍රීව්‍ර වීමත් එක්ක සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදයත් විසින් උතුරු ඉරානය තුළදී දෙපාර්ශවයම වෙතට න්‍යෂ්ටික ප්‍රහාර කීපයක්ම එල්ල කර ගනු ලබනවා. මේ අතරවාරයේදී සෝවියට් දේශය විසින් ඇමරිකාවට අවශ්‍ය යුධ ආධාර ලබාදෙන්න ඉදිරිපත් වුණු නේටෝ (NATO) සංවිධානයට අයත් බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපානු රටවල්වල පිහිටලා තිබෙන නේටෝ හමුදා මූලස්ථානවලට සහ ඒ රටවල ප්‍රධාන ආර්ථික සහ කාර්මික මර්මස්ථාන වුණු ප්‍රධාන නගරවලට ද න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරනවා. මේ එල්ල කරන න්‍යෂ්ටික ප්‍රහාර වලින් කීපයක්ම එල්ල වෙන උතුරු එංගලන්තයේ පිහිටලා තිබෙන 'Sheffield' කියන නගරයේ ජීවත් වෙන වැසියන් කීපදෙනෙක් වටා තමයි 1984 වසරේදී බ්‍රිතාන්‍යයේ BBC නාළිකාව හරහා විකාශය වුණු 'Threads' කියන රූපවාහිනී ටෙලි චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැගෙන්නේ.

    threads1.JPG

    මේ අතරිනුත් 'Ruth' කියන ගැබිණි කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයනුත්, 'Jimmy' කියන ඇගේ පෙම්වතාගේ පවුලේ සාමාජිකයනුත් මේ න්‍යෂ්ටික ප්‍රහාරයන්ට මුහුණ දෙන ආකාරයත්, න්‍යෂ්ටික ප්‍රහාරවලට පසුව එලඹෙන කාලසීමාවේදී ඔවුන්ට සහ ප්‍රාහරවලින් දිවි බේරාගත්තු පුද්ගලයන්ට මුහුණ දෙන්න වෙන අභියෝගත්, අවසානයේ ඔවුන්ට අත්වෙන ඉරණම ගැනත් මේ චිත්‍රපටියේ කතාව ඔස්සේ මූලික වශයෙන් නිරූපණය කරනවා. න්‍යෂ්ටික යුද්ධයකට මුල පිරීම සිදුවෙන ආකාරයත්, න්‍යෂ්ටික යුද්ධයක වගේම න්‍යෂ්ටික යුද්ධයකට පසුව එළඹෙන කාලසීමාවේ තිබෙන බිහිසුණු බව ගැන යථාර්තවාදීම විදිහට නිරූපණය කරන මේ තාක් නිර්මාණය කරපු හොදම චිත්‍රපටිය විදිහට 'Threads' අවිවාදයෙන් යුතුව හදුන්වන්න පුළුවන්. නාට්‍යමය චිත්‍රපටයකට අමතරව, පසුබිම් කතනයකින් සමන්විත වුණු යුධමය තත්ත්වයක් සම්බන්ධ සත්‍ය රූපරාමු සහ වීඩියෝ පටත් යොදාගත්තු වාර්තා චිත්‍රපටයක ආකාරයෙන් මේ ටෙලි චිත්‍රපටය නිර්මාණය කර තිබීමත් මේ යථාර්තවාදී බව තවත් වැඩි කරන්න ප්‍රධාන වශයෙන් හේතුවෙලා තිබෙනවා. හොලිවුඩ් සිනමාපටවලට සාපේක්ෂව බලද්දි යූරෝ 400000 වගේ ඉතාම අඩු පිරිවැයක් දරලා නිර්මාණය කරපු මේ ටෙලි චිත්‍රපටයේ තිර රචනය "Barry Hines" විසිනුත්, අධ්‍යක්ෂණය "Mick Jackson" විසිනුත් තමයි සිදු කරනු ලැබුවේ.1985 වසරේ පැවැත්වුණු 38 වැනි "බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සහ රූපවාහිනී සම්මාන උළලෙදි" (BAFTA Awards) සම්මාන 7 කට නිර්දේෂ වුණු 'Threads'ටෙලි චිත්‍රපටය ඉන් සම්මාන 4 ක් (Best Single Drama, Best Design, Best Film Cameraman, Best Film Editor) දිනාගන්නත් සමත් වුණා.

    ✍️💥 සටහන: @Stimulus mind ☢️✍️

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama

    ගැඩියේටර් 2 බැලුවාද මචං? සුපිරි සිනමැටික් කියලා බලපු උන් කියන්නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,064
    113
    ගැඩියේටර් 2 බැලුවාද මචං? සුපිරි සිනමැටික් කියලා බලපු උන් කියන්නෙ
    ඒකනම් තාම බැලුවෙ නෑ. හැබැයි ෆිල්ම් එක බලපු හුගක් අය කියන්නෙ අලුත් එක පළවෙනි ෆිල්ම් එක එහෙම්පිටින්ම රීහෑෂ් කරලා හදපු එකක් කියලා. Russle Crowe ගෙ ලීඩ් පර්ෆෝර්මන්ස් එකත් එක්ක බලපුවම Paul Mescal ගෙ ෆර්ෆෝර්මන්ස් එක අහලකින්වත් තියන්න බෑ කියලා තමයි කියන්නෙ. ෆිල්ම් එකේ කැරැක්ටර්ස් බැලුවත් ලොකු ඉන්ටරෙස්ටින්ග් ගතියක් නැතිලු. Villian characters එහෙම ගත්තත් over the top, comedic ටයිප් එකේ ඒවලු. මට නම් මාස කීපෙකට කලින් ආපු ට්‍රේලර් එක බලද්දිම තේරුණා ෆිල්ම් එක අවුල් ඇති කියලා. කෝකටත් ඉතින් බලලම තමයි හොද නරක තීරණේ කරන්න වෙන්නෙ. ඒත් ෆිල්ම් එක ගැන තියෙන Expectation එක නම් පට්ටම low. :(
     
    Similar threads