🎬😏 චරිත කීපයකට පණ පොවමින් "The Sympathizer" ටෙලි කතා මාලාව ඔස්සේ ඔබ හමුවට එන "Robert Downey Jr." 😉🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,094
    113
    the-sympathasizer.jpg

    ✍️ සටහන: @Stimulus mind ✍️



    Oldboy, The Handmaiden, වගේ සම්මානනීය කොරියානු සිනමාපට අධ්‍යක්ෂණය කරපු "Park Chan-wook" කියන අධ්‍යක්ෂකවරයා විසින්, වියට්නාම- ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙක් හා ග්‍රන්ථ රචකයකු වෙන "Viet Thanh Nguyen" විසින් රචිත "The Sympathizer" කියන නව කතාව ඇසුරෙන් ඒ නමින්ම නිර්මාණය කරන "Mini - TV series" එක මේ අවුරුද්දෙ අප්‍රේල් 24 වනදා සිට 'HBO' නාළිකාව හරහා විකාශය වීමට නියමිතව තිබෙනවා. කොහොම වුනත් මේ "ටෙලි කතා මාලාව" පිළිබදව කරපු පූර්ව ප්‍රචාරක කටයුතුවලදි හැමෝගෙම අවධානය යොමු වුණේ මේ ටෙලි කතා මාලාවේදී චරිත කීපයක්ම වෙනුවෙන් පණ පොවන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පියෙක් වෙන "Robert Downey Jr" ගේ නවතම ස්වරූපයනුයි. ගිය වසරෙදි තිරගත කරපු "Oppenheimer' සිනමාපටයේ කරපු රංගනය වෙනුවෙන් එළඹෙන ඔස්කාර් සම්මාන උළලෙදි "හොදම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය" දිනාගන්න ඉදිරියෙන්ම ඉන්න "Robert Downey Jr" මේ ටෙලි කතා මාලාවේදී සිදුකරන රංගනයත් ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් පැහැර ගන්න ආකාරයේ එකක් වනු ඇති බව නොඅනුමානයි. පුළුල් රංගන පරාසයකින් යුක්ත වුණු දක්ෂ රංගන ශිල්පියෙක් වුණු "Robert Downey Jr" මාවල් සිනමාපටයන් එක්ක එක රාමුවකට කොටු වෙලා කරපු රංගන කාර්යයන්ගෙන් සමු අරන් මේ වගේ විවිධත්වයකින් යුක්ත වුණු සංකීර්ණ චරිත තුළින් ඉදිරියේදී සිනමා ප්‍රේක්ෂකයන් අභිමුවට පැමිණීම විශාල සතුටක් දනවන කරුණක් බව සදහන් කළ යුතුමයි.










    tropic-thunder-playing.gif




    GGY0huGWYAAzgVN


    GGY0huTXsAAj-mo


    GGY0huIWMAADfOW


    GGY0huSXAAA2mSk


    Hoa-Xuande-Robert-Downey-Jr-The-Sympathizer-021524-63418fa7c72f4ab39c3b5e2db34ad1a3.jpg


    1681372473_robert-downey-jr.jpg


    robert-downey-jr-filming-the-sympathiser-1673533703.jpg


    robert-downey-jr-filming-sympathizer-03.jpg


    robert-downey-jr-the-sympathizer-set-011223-3-2000-4f6b34b176ac497ca096d3047162b7b4.jpg
     
    Last edited: