එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මින්හැම් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව් පිතිකරුවන් නියමිත පන්දු සියය අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුළු 5ක් දැවී ලකුණු 136ක් පමණයි.

