🏞 පැට්නා (බුරුස් ගල)
දෙනියාය කියන්නේ සංචාරක පාරාදීසයක්. දෙනියාය ප්රදේශයේ පුරාවටම බලන්න දකින්න සංචාරය කරන්න තැන් ගොඩක් තියෙනවා. දෙනියාය පැට්නා කියන ස්ථානයේ තියෙන සුන්දර ගල්තලාවක වතුර ගලාගෙන යන තැනට තමයි බුරුස් ගල කියන්නේ. දෙනියාය ඉඳලා මෙතැනට යන්න නම් ආඩාරදෙනියේ බස් එකේ නගින්න ඕන(විහාරහේන හරහා යන බස් එකේ) ඒ බස් එක නවත්තන්නෙ මේ කියන ස්ථානයට මීටර් හාරසීයක් වගේ පමණ දුරකින් එතනින් එහාට මේ බස් එක යන්නේ නෑ, එතන ඉඳලා කැමතිනම් පයින් යන්න පුළුවන් අවට සුන්දරත්වය විඳගෙන, නැත්නම් ත්රීවිල් එකේ යනවා නම් රුපියල් තුන්සීයක් වගේ ගන්නව පැට්නා වලට යන්න ඕන කිව්වම මෙතනින් බස්සනවා. ඔයාලට එතන ඉඳන් වතු යායක් මැදින් තමයි මේ කියන බුරුස් ගලට යන්න පුළුවන් වෙන්නේ.සිංහරාජ වනාන්තරය ඈතින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවෙනවා මේ තැනට යද්දී, එතන බොහොම ලිස්සන සුළුයි ඒ නිසා බොහෝ පරිස්සමින් අඩිය තියලා යන්න ඕන.