විද්‍යාව පැත්තෙන් බැලුවොත් මානසික ගැටලු වෙන්න පුලුවන් . නමුත් වෙනත් බලවේග ක්‍රියාත්මකවෙන ගෙවල් ,භූමි තියෙනවා. ඕවා සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවලට ඔප්පු කරන්න බෑ . මම දන්න ගෙයක් තිබුනා .ගෘහ මූලිකයා ගුරුවරයෙක් . ණය අරන් ගෙවා ගන්න බැරිව සියදිවි හානි කරගත්තා . ටික කාලයකින් දරුවෝ දෙන්නෙක් සියදිවි හානිකරගත්තා . අම්මා ඇක්සිඩන්ට් උනා . පස්සේ ඉතුරු අය ගේ අතහැරලා ගියා . දැන් ඒ අය හොදට ඉන්නවා . අර ගෙදර කීප දෙනෙක් පදිංචි උනා . වැඩිකාලයක් ඉන්න බැරුව ගියා .. පස්සේ බලනකොට අර මනුස්සයා මල පෙරේතයෙක් වෙලා . දැඩි වෛරයකින් මැරිලා තියෙන්නේ . පස්සේ පදිංචි උන කට්ටිටක් තොවිල් , ගුරුකම් කරලා දැන් පදිංචිවෙලා ඉන්නවා . අපිට නොපෙනෙන දේවල් 100%ක් නෑ කියන්න බෑ .
කොහම උනත් අනාගතයේ මානසික රෝගීන් වැඩි වෙනවා .. පාසල් අධ්‍යාපනයතුලට මානසික සෞඛ්‍ය පිලිබද වැඩසටහන් ඇතුලත් කරන්න ඕන . දරුවන්ට දුක,වේදනාව , පරාජය, අහිමිවීම දරාගන්න පුලුවන් පෞරෂයක් ඇති කරන්න ඕන . නැතිනම් කොච්චර හොදට ඉගෙන ගත්තත් දුර්වල මානසිකත්වයක් තියෙන පරපුරක් ඇතිවෙන්න පුලුවන් .