ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව "Pirates of the Caribbean" සිනමාපටයේදී කැප්ටන් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Johnny Depp" නැවතත් කැදවා ගැනීමේ අදහසින් සිටින බවට "Pirates of the Caribbean" සිනමාපට මාලාවේ නිෂ්පාදකවරයා වූ හොලිවුඩයේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන "Jerry Bruckheimer" විසින්, "Entertainment weekly" සඟරාව වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. නව "Pirates of the Caribbean" සිනමාපට 2 ක් සදහා මේ විට තිර පිටපත රචනා කරමින් පවතින බවත් එහි එක් සිනමාපටයක් 'Reboot' එකක් ලෙසත්, අනෙක් සිනමාපටය රංගන ශිල්පිනියක් (රංගන ශිල්පිණී "Margot Robbie" මේ සදහා තෝරාගැනීමේ සූදානමකින් මේ වන විට පසුවේ) ප්‍රධාන චරිතයට පණ පොවන කාන්තා චරිත මුල් කරගනිමින් ගලායන කතාවක් ඔස්සේ නිර්මාණය කිරීමටයි සැලසුම් කර තිබෙන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවේ.
"Johnny Depp" ගේ බිරිදව සිටි "Amber heard" විසින් ඔහු වෙත එල්ල කරන ලද "ගෘහස්ථ හිංසන චෝදනා" හේතුවෙන් "Pirates of the Caribbean" සිනමාපට මාලාව නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු කළ "Walt Disney" සමාගමත්, "Johnny Depp" අතරත් පැවති සමීප සබදතාවය බිද වැටුණු අතර "Johnny Depp" පසුව කියා සිටියේ "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීම සදහා "Walt Disney" සමාගම විසින් ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 300 යක වේතනයක් ලබා දීමට සැරසුන ද නැවත එම චරිතය පණ පෙවීම ඔහු ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ නව සිනමාපටය පිළිබදව "Walt Disney" සමාගම පාර්ශවයෙන් හෝ "Johnny Depp" ගේ පාර්ශවයෙන් මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නම් ලබා දී නෑ. කෙසේ වෙතත් "Johnny Depp" නැවතත් "Jack Sparrow" ගේ චරිතයට පණ පෙවීමට එකග වුවහොත් එක සිනමා ඉතිහාසයේ චරිතයක් පණ පෙවීම සදහා රංගන ශිල්පියෙකුට ගෙවන ලද ඉහළම වේතනයේ වාර්තාව පහසුවෙන් බිද හෙළීමට බොහෝ විට සමත් වේවි.
වැඩිදුර තොරතුරු
Last edited:
Wokeism will be dead and burried after TRUMP inaugurated ... දැනටමත් ඒ පිස්සුව ඉවර වෙමින් යන්නෙ 