Here's a piece written sometime back regarding this university.
"දේශගුණික විපර්යාස පිලිබඳ අන්තර්ජාතික විශ්ව විද්‍යාලය?"
පහුගිය දවස් කිහිපයේ මම දැකපු ප්‍රවෘත්තියක් තමයි දේශගුණික විපර්යාස ගැන ඕනිම රටක කෙනෙක්ට අධ්‍යාපනය ලබන්න පුලුවන් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයක් ලංකාවේ ආරම්භ කරන්න ලංකාවේ "ජනාධිපති" ආසියානු සංවර්ධන බැංකුවට (ADB) කරපු යෝජනාව.
ප්‍රවෘත්තිය ලංකාවේ මාධ්‍ය කිහිපයක් වාර්තා කරලා තිබුනත් ADB එක පැත්තෙන් එහෙම යෝජනාවක් ගැන කියවිච්ච කිසිම දෙයක් මම දැක්කෙ නෑ (එහෙම තිබුනොත් දැනුවත් කරන්න). කොහොම නමුත් මේ ප්‍රවෘත්තියේ තියෙන ආකර්ෂණීය ගතිය හින්දම වෙන්න ඇති මේක ගොඩක් දෙනෙක් ප්‍රසංසා කරලා වර්ණනා කරලා එහෙම තිබ්බා.
මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මගේ හිතට ආපු ප්‍රශ්න කිහිපයක් නිසාත් දේශගුණික විපර්යාස (climate change) සම්බන්ධයෙන් ලංකාවේ අවශ්‍යතාව විශ්ව විද්‍යාලයක්ද කියන කියවීම මට හිතට ආපු නිසාත්, මට හිතුනා ඒ ගැන මගේ කියවීම ලියලා තියන්න. මම ඒක ප්‍රශ්නෝත්තර කිහිපයකින් මෙහෙම ලියලා තියන්නම්.
--මොකක්ද මේ දේශගුණය?
මේකට උත්තරේ හොයන්න අපි මුලින්ම දේශගුණය සහ කාලගුණය වෙන් කරගන්නම වෙනවා. කාලගුණය කියන්නෙ සුලු වෙලාවකදි අපේ අහසෙ වෙන වෙනස්කම්. හරියට අද හවස වහිනවා හෙට පායනවා වගේ දේවල්. හැබැයි දේශගුණය කියන්නෙ හැමදාම මේ කාලගුණයෙ වෙන වෙනස්කම් අවුරුදු තිහක වගේ කාලයකට නිරීක්ෂණය කරලා ඒ සම්බන්ධයෙන් අපි කරන දල අර්ථ දැක්වීමක්. උදාහරණයක් විදියට ගත්තොත් අපි දන්නවා ලංකාවේ සමහර පැති වලට හොඳ වැස්සක් ලබෙනවා සමහර පැති වලට එහෙම නෑ කියලා. ඒ තමයි ඒ ඒ පැතිවල දේශගුණය. අපි කතාවට කියන්නෙ "ඒ පැත්තෙ climate එක හොඳයි" කියලා අන්න ඒ නිසා.
--එතකොට මොකක්ද මේ දේශගුණික විපර්යාස කියලා කියන්නෙ?
ඇත්ටම ගත්තම දේශගුණය කියන්නෙ අපේ අහසෙ එහෙමත් නැත්තම් වායු ගෝලයේ දීර්ගකාලීන ස්වභාවය. හැබැයි අපි මානව වර්ගයා විදියට අපේ වායු ගෝලයට අපේ කර්මාන්ත වලින් එලියට එන කබන් ඩයොක්සයිඩ් වගේ වායුන් එකතු කරලා තියෙනවා. ඒ නිසා වෙච්ච රසායනික වෙනස්කම් වලින් අපේ පෘථිවි වායුගෝලය එන්න එන්න උණුසුම් වෙලා සහ වෙමින් තියෙනවා. වායුගෝලයේ උණුසුම තමයි කාලගුණය සහ දීර්ග කාලීන දේශගුණය තීරණය කරන්නෙ. මෙන්න මේ උනුසුම වැඩි වීමෙන් අපේ ලෝකයේ දේශගුණය එන්න එන්න වෙනස් වෙනවා. මේ දේශගුණයේ වෙන වෙනස්කම් වලට අපි කියනවා දේශගුණික විපර්යාස කියලා. මේ දේශගුණික විපර්යාස වල ප්රතිඵලයන් තමයි අධික උශ්ණත්ව තත්වයන්, වර්ෂාපතනයේ වෙනස්වීම්, මුහුදු මට්ටම ඉහල යාම වගේ දේවල්.
--කවුද මේ දේශගුණික විපර්යාස ගැන හොයන්නෙ?
එතකොට මේ දේශගුණික විපර්යාස වෙන්නෙ මොන විදියටද කියලා හොයන්න ලෝකේ භාවිතා කරන ප්‍රධාන මෙවලම තමයි දේශගුණික මොඩල හෙවත් climate models. Climate models වලින් කෙරෙන්නෙ වායුගෝලයේ විවිධ අංගයන් එකට එකතු කරලා ඉදිරි අනාගතේදී දේශගුණික විපර්යාස වෙන්නෙ කොහොමද කියලා ගණිතමය ක්‍රම වලින් පුරෝකතනය කරන එක. මේ දේ කරන්න ලෝකේ තියෙන ප්‍රභලතම සුපිරි පරිගනක (super computers) තමයි විද්‍යාඥයන් භාවිතා කරන්නෙ. පහලින් තියෙන සිතියම පෙන්නන්නෙ එහෙම පුරෝකතනයන් කරන්න දායක වෙන ආයතන තියෙන රටවල්. මේ කරන පුරෝකතන වල දත්ත ලෝකේ ඕනිම කෙනෙක්ට අන්තර්ජාලය හරහා ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ දත්ත භාවිතා කරලා අපිට පුලුවන් අපේ වගේ රටක අනාගත දේශගුණය කොහොම වෙනස් වෙයිද කියලා බලන්න.
උදාහරණයක් විදියට ලංකාවේ වෙරලබඩ ධීවර ගම්මානයකට මුහුදු මට්ටම ඉහල යාම බලපාන්නෙ කොහොමද කියලා බලන්නෙ මෙන්න මේ දත්ත වලින්. ඊට පස්සෙ ඒ බලපෑම අනුව අපිට පුලුවන් අපේ දේශගුණික විපර්යාස පිලිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න.
මේ පුරෝකතන දත්ත කොච්චර වැදගත්ද කියන්න හොඳම උදාහරණයක් තමයි 2021 අවුරුද්දෙ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවුන විද්‍යාඥයන් තුන්දෙනාගෙන් දෙන්නෙක්ම මේ පුරෝකතන මොඩල (prediction models) හදන්න දායක වෙච්ච පුරෝගාමීන්.
--දේශගුණික විපර්යාස නිසා ලංකාවට තියෙන බලපෑම මොකක්ද?
ලෝකෙ හැම රටකටම වගේම දේශගුණික විපර්යාස වල බලපෑම ලංකාවටත් තියෙනවා. අර මම කලින් කිව්ව දත්ත පදනම් කරගෙන විවිධ පර්යේශණ අපේ රටෙත් යම් තාක් දුරකට කරනවා. ඒ සම්බන්ධයෙන් ජාතික වාර්තා සහ ප්‍රතිපත්ති සම්පාදනය වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ රටේ කෘෂිකර්මාන්තයට දේශගුණික විපර්යාස වල බලපෑම සම්බන්ධයෙන් පර්යේශණ සිද්ද වෙනවා. ඒ වගේම තව ගොඩක්පැතිකඩවල් වලින් මේ බලපෑම අපේ රටට තියෙනවා.
ලංකාවට විශේෂ වෙච්ච ගැටලු තමයි: උෂ්ණත්වය ඉහල යාම, මුහුදු මට්ටම ඉහල යාම, රෝග සම්ප්‍රේෂණය, සහ කෘෂි භෝග විනාශ වීම් වගේ දේවල්.
--දේශගුණික විපර්යාස නිසා ලංකාවට වෙන බලපෑම ගැන අපිට රටක් විදියට මොනවද කරන්න පුලුවන්?
මේ බලපෑම එන්න එන්න තියුණු වෙන නිසා මේ පර්යේශණ මත අපේ ප්‍රතිපත්ති ඉක්මනින් සම්පාදනය වෙන්න සහ වෙනස් වෙන්න ඕනි. නැතිනම් වෙන්නෙ දේශගුණික විපර්යාස නිසා අවදානමකට ලක්වෙන්න පුලුවන් මිනිස් ප්‍රජාවන් වගෙම පරිසර පද්ධති පවා විශාල හානිකර තත්වයන් වලට මුහුණදෙන එක. ඒ නිසා දැන් අපේ රටට අවශ්‍ය දේශගුණික විපර්යාස එක එක ප්‍රජාවන්ට, කලාප වලට, කර්මාන්ත වලට බලපාන්නෙ කොහොමද කියලා පර්යේශණ කරන එක සහ ඒ පර්යේශණ ප්‍රතිපල ප්‍රතිපත්ති සම්පාදනයට යොදා ගන්න එක. ඒකට අවශ්‍ය මානව සහ භෞතික සම්පත අපේ විශ්ව විද්‍යාල සහ ජාතික පර්යේශණායතන පද්ධතිය ඇතුලෙ ඉන්නවා සහ තියෙනවා. ඒ ඒ අංශ සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් තමයි ඒ අයට අවශ්‍ය.
--එතකොට විශ්ව විද්‍යාලයක් කියන්නෙ මොකක්ද?
විශ්ව විද්‍යාලයක් කියන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ උපාධියක් සඳහා වැඩිදුර අධ්‍යාපනයක් ලබාදෙන සහ පර්යේශණ කටයුතු කරන ආයතනයක්. ඒ කටයුතු වෙනුවෙන් විශ්ව විද්‍යාලයක විවිධ පීඨ, පර්යේශණ මද්‍යසථාන, උප ආයතන වගේ දේවල් හදලා තියෙනවා. ඒ ඒ අංශ විවිධ විශය ධාරාවන් වලින් අධ්‍යායන සහ පර්යේශණ කටයුතු කරගෙන යනවා. සරලවම විශ්ව විද්‍යාලයක් කියන්නෙ විවිධාකාර විශය පථයන් ගොඩක් ගැන වැඩිදුර උගන්නන සහ පර්යේශණ කරන තැනක්.
--එතකොට දේශගුණික විපර්යාස වෙනුවෙන් කටයුතු කරන්න ලංකාවට අවශ්‍ය විශ්ව විද්‍යාලයක්ද?
සරලම උත්තරය නැහැ කියන එක. මොකද පලවෙනි කාරණේ තමයි දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනම විශ්ව විද්‍යාලයක් හදලා ඒකෙන් උපාධි ප්‍රධානය කරන්න පුලුවන් මට්ටමකට ගේනන ලංකාවට අවශ්‍ය මානව සම්පත නෑ. ඒ වගේම දේශගුණික විපර්යාස වගේ තනි විශය පඨයක් වෙනුවෙන් වෙන් වෙච්ච විශ්ව විද්‍යාල ලෝකෙ නෑ. ඒකට හේතුව තමයි ඒ සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමක් තියෙන විශේෂඥයන් ඉන්නෙ හරිම අඩුවෙන්. ඒක නිසා ඒ අය ලෝකේ විසිරිලා ඉඳන් ගෝලීයව එකතු වෙලා වැඩ කරනවා සහ දැනුම බෙදාගන්නවා. මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය අපේ පර්යේශණ වල තත්වය වැඩි දියුණු කරලා ඒ ප්‍රතිපල පුලුවන් ඉක්මනින් ප්‍රතිපත්ති සම්පාදනයට යොදාගන්න එක. ඒකට අවශ්‍ය පුහුණුවීම්, ප්‍රතිපාදන සහ ගෝලීය ඒකාබද්ධතා තමයි අපිට අවශ්‍යම. කිසිම විදියකින් අලුත් විශ්ව විද්‍යාලයක් නෙවේ.
--සාරාංශය--
එතකොට දැන් කෙනෙක්ට හොඳටම තේරෙන්නෙ ඕනි රටේ "රාජ්‍ය නායකයා" ආසියානු සංවර්ධන බැංකුවට ගිහින් කරපු ඉල්ලීම තනිකරම පල රහිත ඉල්ලීමක් කියලා. Climate change, international, university වගේ වචන හරිම ලස්සනයි. දැකපු ගමන් කෙනෙක්ට හිතෙන්නෙ මේක මාරම දෙයක් කියලා. හැබැයි මේක නෙවේ රටේ පවතින අවශ්‍යතාව කියන එක එක පාරට කෙනෙක්ට තේරුම් යන්නෙ නෑ. ඉතිහාසෙ ගොඩක් තැන් වලදි අපි රටක් විදියට ලස්සන වචන ඇතුල් වෙච්ච හිස් යෝජනා වලට රැවටිලා තියෙනවා. ඒක දේශගුණික විපර්යාස සම්බන්ධයෙනුත් වෙන හැටි බලන් ඉන්න අමාරු නිසා මේ ටික ලියලා තිබ්බා.
View attachment 218292