ස්නායු පද්ධතිය මුල්කොට ගනිමින් හටගන්නා මෙම "Essential tremor" යන රෝගී තත්ත්වය මගින් අත් සහ බාහුවල අනිච්ඡානුගව (involuntary) සහ රිද්මයානුකූල (rhythmic) වෙව්ලීම් ස්වභාවයක් ඇතිකිරීම මූලික වශයෙන් නිරීක්ෂණය කිරීමට ලැබේ. ඇතැම් විට මෙම රෝගී ලක්ෂණ ශරීරයේ වෙනස් කොටස් (හිස, මුහුණ, පාද මෙන්ම ඇතැම් අවස්ථාවලදී කටහඩට පවා මෙමගින් බලපෑම් ඇති කරයි) දක්වාම පැතිර යන අවස්ථා ද හමුවේ. මෙම රෝගී තත්ත්වය භයානක නොවූවත් ඇතැම් අවස්ථාවලදී කාලයත් සමග මෙමගින් ඇතිකරන වෙව්ලීමේ ස්වභාවය ක්‍රමයෙන් උඝ්‍ර අතට පරිවර්තනය වීම් සිදුවීම නිසා එවැනි තත්ත්වයකට පත්වන රෝගීන් හට ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු පවා කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්වන ආකාරය බොහෝවිට දැකගත හැකිය. "Essential tremor" තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකු තුළ හටගත් හැකි වුවත් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් තුළ සුලබව දැක ගැනීමට ලැබේ. ඇතැම් අවස්ථාවලදී "Essential tremor" මගින් ඇති කරන රෝග ලක්ෂණ, දරුණු ගනයේ ස්නායු රෝගී තත්ත්වයක් වන පාර්කින්සන් රෝගය හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණ යැයි වරදවා වටහා ගන්නා අවස්ථාවන් ද දැක ගැනීමට ලැබේ.
සටහන: @Stimulus mind 
පාර්කින්සන් රෝගී තත්ත්වය මගින් ඇති කරවන රෝග ලක්ෂණ
