හයිවේ එකේ පැච් එකක් ගියා කියන්නෙ ආයෙ ඉතින් කොච්චර කට්ටක්ද කියලා විස්තර කරන්න ඕන නෑ නේ...
ටයර් එක ඉරිලා ගිහින්, ජැක් එක ගහන්නවත් බැරි තරම් වාහනේ පහත් වෙලා. 1969 ආපදා සේවයට කෝල් කරා. "අපි ඇවිත් ගාර්ඩ් එක දෙන්නම්, රෝද මාරු කරන්න නම් උදව් කරන්න බෑ"
"කමක් නෑ එන්න" මම කිව්වා.
ඒ අතරේ පාරේ අනිත් පැත්තෙන් ආවා පොලිස් කාර් එකක්. "මොකද වුණේ"
"පැච් එකක් ගියා, ජැක් එක ගහගන්න විදියක් නෑ"
පාර මාරු වෙලා ආපු පොලීසියෙ මහත්තුරු දෙපාරක් නො හිතා ම වැඩේට බැස්සා. "අපි මෙහෙම කරමු - මෙතනින් උස්සන්න" පොලීසියෙ උපදෙස් එක්ක අපි වැඩේ පටන් ගත්තා. ගිනි රස්නෙයි දූවිල්ලයි එක්ක වැඩේ කරගෙන යන්න සෑහෙන්ඩ අමාරු වුණා. අන්තිමේ වැඩි වැඩ කොටසක් කරේ පොලීසියෙ මහත්තුරු දෙන්නා. ගල් ටයර් එක දාලා දීලා පරිස්සමින් යන්න කියලත් අපිට උපදෙස් දුන්නා.
ඔවුන් දෙදෙනා ඇතුළු ශ්රී ලංකා පොලිසියේ සේවය කරන හිත හොඳ සියලු දෙනාට අපි අනේකවාරයක් ස්තූතිවන්ත වුණා.
(ප. ලි. ඔක්කොම ඉවර වෙලා පිටත් වෙන්න හදනකොට හයිවේ ආපදා සේවයෙනුත් ආවා)
Sachith P Liyanage Facebook post


