👮🚔හොද_පොලිස්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    18119307_10211483124307111_2488953470655748319_n.jpg


    හයිවේ එකේ පැච් එකක් ගියා කියන්නෙ ආයෙ ඉතින් කොච්චර කට්ටක්ද කියලා විස්තර කරන්න ඕන නෑ නේ...
    ටයර් එක ඉරිලා ගිහින්, ජැක් එක ගහන්නවත් බැරි තරම් වාහනේ පහත් වෙලා. 1969 ආපදා සේවයට කෝල් කරා. "අපි ඇවිත් ගාර්ඩ් එක දෙන්නම්, රෝද මාරු කරන්න නම් උදව් කරන්න බෑ"
    "කමක් නෑ එන්න" මම කිව්වා.

    ඒ අතරේ පාරේ අනිත් පැත්තෙන් ආවා පොලිස් කාර් එකක්. "මොකද වුණේ"
    "පැච් එකක් ගියා, ජැක් එක ගහගන්න විදියක් නෑ"
    පාර මාරු වෙලා ආපු පොලීසියෙ මහත්තුරු දෙපාරක් නො හිතා ම වැඩේට බැස්සා. "අපි මෙහෙම කරමු - මෙතනින් උස්සන්න" පොලීසියෙ උපදෙස් එක්ක අපි වැඩේ පටන් ගත්තා. ගිනි රස්නෙයි දූවිල්ලයි එක්ක වැඩේ කරගෙන යන්න සෑහෙන්ඩ අමාරු වුණා. අන්තිමේ වැඩි වැඩ කොටසක් කරේ පොලීසියෙ මහත්තුරු දෙන්නා. ගල් ටයර් එක දාලා දීලා පරිස්සමින් යන්න කියලත් අපිට උපදෙස් දුන්නා.

    ඔවුන් දෙදෙනා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන හිත හොඳ සියලු දෙනාට අපි අනේකවාරයක් ස්තූතිවන්ත වුණා.
    (ප. ලි. ඔක්කොම ඉවර වෙලා පිටත් වෙන්න හදනකොට හයිවේ ආපදා සේවයෙනුත් ආවා)


    Sachith P Liyanage Facebook post
     
    • Like
    Reactions: sidathsaumya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න නියම පොලිස් මහත්තුරු ....


    සමහර රටවල බිලා බිලා ගෙදර යන්න වාහනේ පැදගන්න බැරි වෙනකොට පොලිසියට කිවුවහම ගෙදරට ගෙනල්ලත් දානවලු ....
     

    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    ඔන්න නියම පොලිස් මහත්තුරු ....


    සමහර රටවල බිලා බිලා ගෙදර යන්න වාහනේ පැදගන්න බැරි වෙනකොට පොලිසියට කිවුවහම ගෙදරට ගෙනල්ලත් දානවලු ....

    දැන්නම් කොහොමද දන්නෙ නෑ මම ජපන් ඉන්නකොට අපේ උන් ගොඩක් ඔය සීන් එක කලා. එක දවසක් මම බීල වාහනේට නගිනකොටම පොලිසියෙන් ආව. මම හිතුවෙ බඩුම තමා කියල.

    එත් එයාල කිව්වේ මහත්තය ඔය විදිහට වාහනේ එලවන්න එපා කියල එක්කෙනෙක් මගේ කාර් එක අරන් මාව ගෙදරටම ඩ්‍රොප් කලා පොලිස් වාහනේ පස්සෙන් ආව.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න නියම පොලිස් මහත්තුරු ....


    සමහර රටවල බිලා බිලා ගෙදර යන්න වාහනේ පැදගන්න බැරි වෙනකොට පොලිසියට කිවුවහම ගෙදරට ගෙනල්ලත් දානවලු ....

    England වල එහෙමයි බ්‍රෝ.. :rolleyes: