කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මුදලට අලෙවි කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් තවදුරටත් ගවේෂණයක නිරත වුණා. එහිදී හෙළි වූයේ එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ වන පුද්ගලයින්ගෙන් ඒ වෙනුවෙන් රුපියල් 2000 ක් වැනි මුදලක් අය කර ගැනීමට ජාවාරම්කරුවන් උත්සහ දරණ බවයි. ඒ අනුව එහි සත්‍යතාව සොයා බැලීමට නෙත් නිවුස් කණ්ඩායම ද එන්නත් මිලදී ගැනීමට යැයි පවසා අදාළ එන්නත් අලෙවි කිරීමට සූදානම් වන පුද්ගලයෙකු දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගත්තා.
නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණේ එන්නත ලබා ගැනීමට පෝලිමේ සිටීම වෙනුවෙන් ද ඇතැම් පුද්ගලයින් මුදල් ලබා ගෙන එන්නත ලබාගත යුතු පුද්ගලයාගේ අවස්ථාව පැමිණෙන තුරු පෝලිමට වී රැඳී සිටින බවයි.
එන්නත් මුදලට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද අදහස් පළ කළා. ඔහු පැවසුවේ එන්නතක් ලබා ගැනීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබාදීමක් සිදු නොකළ යුතු බවයි.
මෙරට ජනතාවට සයිනොෆාම් එන්නත ලබාදීම ඉකුත් අප්‍රේල් 02 වනදා ආරම්භ වූ අතර මේ දක්වා එය ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 05 කට ආසන්නයි. එහි දෙවන මාත්‍රාව ලබාදී ඇත්තේ මෙරට සිටින චීන ජාතිකයින් 2,435 දෙනෙකුට පමණයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි 29 වනදායි. මේ දක්වා පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25, 242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා.
එහි දෙවන මාත්‍රාව සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව ලක්ෂ 03 කට අධිකයි. සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සියලුදෙනාට එහි දෙවන මාත්‍රාව ලබාදීමට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක පමණ හිගයක් පවතින බවයි. එම එන්නත් තොගය ලබාගැනීම සඳහා මෙරට සෞඛ්‍ය බලධාරීන් දැවැන්ත උත්සහයක නිරත වෙමින් සිටිනවා. ඒ අනුව වෙනත් රටක් විසින් වැඩිපුර ලබාගෙන ඇති කොවිෂීල්ඩ් එන්නත් ඇත්නම් ඒවා ලබා ගැනීම ශ්‍රී ලංකාවේ සැලසුමයි. එහි එක් පියවරක් ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා එන්නත් මාත්‍රා ලබාගැනීමටයි සාකච්ඡා සිදුවෙමින් ඇත්තේ. කෙසේතෙත් ඒ සඳහා අමෙරිකානු සෙනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවිය යුතුයි.
Updated :
කිසිඳු කොරෝනා මර්දන එන්නතක් මුදලට විකිණීමට නොහැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ, කොරෝනා මර්දන එන්නත් මුදලට විකිණීමේ සුලමුල නෙත් නිවුස් මගින් ද රට හමුවේ අනාවරණ කිරීමත් සමගයි. ඔහු කියා සිටියේ සියලු එන්නත් ජනතාවට නොමිලේ ලබාදෙන බවයි.
කොරෝනා මර්දන එන්නත් මුදලට විකිණීමේ උත්සහයන් පිළිබඳ නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් රට හමුවේ කරුණු අනාවරණ කළේ හඬපට ද ගෙනහැර දක්වමින්. මෙම සිද්ධියට අදාළ විශේෂ වීඩියෝව පහතින් දැක්වේ.
nethnews.lk

Last edited:
_ B U M P _