💐 මංගල දිනය මේසන් බාස් කෙනෙක් විස්තර කල අපූරුව ...💐💐😃😃😃

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    💐
    මංගල දිනය මේසන් බාස් කෙනෙක් විස්තර කල අපූරුව ...
    💐
    💐
    😃
    😃
    😃

    434370174_1122539068772568_1697580362818182976_n.jpg



    කියවන්නකෝ.....
    👇
    👇
    👇
    👇
    👇

    අවුරුදු අටක් පෙම්කළ මගේ සමාධි
    හැඩ වෙන්නට කියා වෙන්නට මනාලි
    පාන්දර එකට යන විට පමා වී
    කිව්වලු මචං හැඩකරනා සුමාලි
    පුම්බල බොරු කොන්ඩෙ හුන්නස්ගිරිය වගේ
    උස්සන් ඉන්න බෑ කිව්වා ඔලුව ඇගේ
    මූනට දාන්නට කැටයම් ගන්න වෙලේ
    පාන්දර තුනයි මට එය කියන වෙලේ
    මේසන් බාස්ගේ වගේ හැදි ගත්තාලු
    මුලින් මුළු මූනේ පොටි ඈ ඇද්දාලු
    වැලි කඩදාසි වගේ එකකින් කැපුවාලු
    පැයෙන් මුළු මූනේ කුස්තුර මැකුවාලු
    හතර වෙද්දි තීන්ත ඈ ගත්තාලු
    සිතූවම වගේ මුළු මුලු මූණෙම ගෑවාලු
    දොරරෙදි වගේ බර රෙදි ඇඟලුවාලු
    ඇටවැල් ගොඩක් බෙල්ලෙ ඇගේ එල්ලුවලු
    ෆොටෝ ගන්න ඇය අසලට ගෙනෙන විට
    කවුරුද කියා කුතුහලයක් දැනුනි මට
    කිට්ටුවෙලා කොඳුරා ඇගෙ කණට කර
    සැක හැර දැන ගත්තා පෙම්කළ ඈද මට
    පාන්දර සිටම හෝරා ගත කෙරුණා
    කුඩ ගහගෙන හතර අතට ඒ නැමුවා
    උඩ බලනවා බිම බලනවා ඉන්දනවා
    දණ ගහ ගහ ඌ කැම් එක කරකනවා
    සමහර විට දී ඇගේ බඳ වූ අල්ලනවා
    ඌට ඕන විදියට ඈ හසුරනවා
    උගේ ගෑනි ද මගේ ගෑනි ද මට හිතුනා
    මංගල දිනේ මේකද බං මට හැඟුනා
    ඔක්කොම හරි මුළු දවසම නොකා නොබී
    චාරිත්‍ර අවසන් කර හමාර වී
    මධුසමයට පිටත් වුනේ රෑ බෝවී
    අහපං මචං ගෙවූ හැටි මදුසමය අපි
    පැය දෙක තුනක් කොණ්ඩයේ කටු අයින් කළා
    තව පැය දෙකක් කණකර සළු අයින් කළා
    අන්තිම පැය තුනේ බොරු මුව අයින් කළා
    සමාධි මතුවෙද්දී පහුවදා එළිත් වුණා
    .
    .
    ✍️
    .පියුමි.......
    උපුටා ගැනීමකී