මීට පෙර පළ කළ ත්‍රෙඩ්ස්
Pier Angeli
ඉතාලි ජාතික රංගන ශිල්පිණියක් වූ මැය "Pier Angeli" යන නමින් වඩාත් ප්‍රකටව හැදින්වුවද මැයගේ සම්පූර්ණ නම වූයේ "Anna Maria Pierangeli" යන නමයි. 1932 වසරේ ජුනි මස 12 වන දින උපත ලැබූ "Pier Angeli" රංගනයෙන් දායක වූ ප්‍රථම සිනමාපටය වූයේ 1950 වසරේදී තිරගත කළ ඉතාලි ජාතික සිනමාපටයක් වූ "Tomorrow Is Too Late" යන සිනමාපටයයි. 1951 වසරේදී තිරගත කළ 'Teresa' නම් සිනමාපටය, ඇය රංගනයෙන් දායක වූ ප්‍රථම හොලිවුඩ් සිනමාපටය වූ අතර එහි සිදුකළ රංගනය වෙනුවෙන් 1952 වසරේ පැවැත්වූ 9 වන ගෝල්ඩන් ග්ලෝබ්ස් සිනමා සම්මාන උළලේදී වසරේ හොදම නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් වුණා. මීට අමතරව 1960 වසරේ තිරගත කළ "The Angry Silence" සිනමාපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් 1961 වසරේ පැවැත්වූ 14 වන බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළලේදී හොදම විදෙස් රංගන ශිල්පිණියට හිමි සම්මානය සදහා නිර්දේෂ හිමි කර ගැනීමට ද ඇය සමත් වුණා. ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පීන් දෙදෙනෙකු වූ "Kirk Douglas" සහ "James Dean" සමග ප්‍රේම සම්බන්ධතාවන් එකට හොලිවුඩය තුළ වඩාත් කතාබහට ලක්වුණු ප්‍රවෘත්තියක බවට ද පත්ව තිබුණා. දෙවරක් විවාහ වූ මෙම රංගණ ශිල්පිණියගේ ප්‍රථම විවාහය සිදුවූයේ ප්‍රකට ගායකයකු වූ "Vic Damone" සමගයි. කෙසේ වෙතත් 1971 වසරේ සැප්තැම්බර් මස 10 වන දින ඇයට අවාසනාවන්ත ආකාරයෙන් ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ "barbiturate' ඖෂධය අධි මාත්‍රාවක් ශරීර ගත වීම හේතුවෙනුයි. ඒවන විට ඇය 39 වියේහීයි පසුවුණේ.
රංගනයෙන් දායක වූ අනෙකුත් ප්‍රකට සිනමාපට - The Light Touch (1951), The Devil Makes Three (1952), The Story of Three Loves (1953), The Silver Chalice (1954), Somebody Up There Likes Me (1956)



