💭 උඹලට මෙහෙම හිතිලා නැද්ද? 💭

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේකේ බලන බලන තැන යන කතාවල් බොහොමයක තියෙන තනි පොදු ගති ලක්ෂණය කවුරු හරි එකෙක් උගේ පුද්ගලික මතයක් තව එකෙක්ගේ උගුරෙන් පහලට තල්ලු කරන්න දඟලනවා, අනිකා ඒක ගිලිනන්නේ නැතුව ඉන්න උපරිම ගේමක් දෙන ගමන් උගේ එක අරුගේ උගුරෙන් පහලට ඔබන්න දඟලනවා කියල?

    දේශපාලන, ආගම් සම්බන්ද ත්‍රෙඩ් හැම එකක්ම අන්තිමට ඕක නේද වෙන්නෙ (ජෙනරලයිස් කරාම)?

    මේ සම්බන්දයෙන් ගත්තම ලෝකේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා මම හිතන විදියට. වැඩිපුර එලියට දාන අඩුවෙන් ඇතුලට ගන්න කොටස. මුන් අනෙත් එවුන් කියන ඒවා අහනවා හරිම අඩුයි. ලියපු දෙයක් කියවන්නත් හරි රිලක්ටන්ට්. ඇසීම කියවීම වගේ ඒවා වලින් දත්ත ඇතුලට අරන් ප්‍රොසෙස් කරනවා අඩුයි. ඇතුලේ තියෙන ආකල්ප සහ මත එලියට දාන්න ලොකුවට උත්සහ කරනවා හැම තැනම. මේ ජාතියේ එවුන් ගොඩක් වැඩියි. අන්තවාදී මත තියෙන මරාගෙන මැරෙන ටයිප් එකේ එවුන්ගෙත් තියෙන ප්‍රධාන ලක්ෂණය කියල මම හිතන්නෙ ඕක තමයි.

    අනිත් වර්ගේ එවුන් ඕකේ අනිත් පැත්ත කරන්නෙ. ගොඩක් ඇතුලට ගන්නවා, ටිකයි එලියට දාන්නෙ. ගොඩක් කියවනවා, අනිත් එවුන් කියන ඒවා අහනවා, ගැඹුරට ප්‍රොසෙස් කරනවා. එලියට දානවා අඩුයි. මෙහෙම එවුන් පරම සත්‍ය විදියට දේවල් දිහා දකින්න ගොඩක් රිලක්ටන්ට් ජාතියක්. මම ආශ්‍රය කරපු සමහර මේ ජාතියේ එවුන්ට යම්කිසි feedback එකක් බලාපොරොත්තුවෙන් මොකක්හරි දෙයක් කිව්වමත් ඒක අහල ටිකක් කල්පනා කරලා සද්ද නැතුව ඉඳපු වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට උන්ට කියන්න ඕන උගේ අදහස කියන්න කියල. මම දැකපු මෙහෙම එවුන් ගොඩක් වෙලාවට මීටර් පොරවල්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම දැක්කම මේකේ ඔබන්න.

    water-well-screen.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    mature වෙද්දී ඉගෙන ගන්නව එහෙම කරල ජීවත් වෙන්න බෑ එක එකාගෙ තියෙන්නෙ එක එක මත කියල.
    ඒව වෙනස් කරන්න බොරුවට කාලෙ නාස්ති කරන එකෙන් පාඩුව වෙන්නෙ අපිටමයි කියල.
    එහෙම බොරුවට අපහාස කරගන්නෙ මතේ ඉවසන්න බැරි උන් තමයි. තමන්ගෙ මතේ කියල හිටපුවම හරි.
    ඉස්සර අපිත් එහෙම නෙ බන්. ට්‍රිගර් වෙලා රෙදි උස්සන් යන්නෙ. දැන් එහෙම නෑ නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    හොඳ ටොපික් එකක් මචන්. මට හිතෙනවා දෙගොල්ලොම දත්ත ඇතුලට ගන්නවා. හැබැයි පළමු කොටස ගන්නෙ ඒ අය කැමතිම අයගෙන් විතරයි.

    මෙහෙම මිනිස්සු එදිනෙදා ජීවිතවලදිත් අපිට හම්බවෙනවා.

    සමහර දරුවො ඉන්නවා දෙමව්පියො කිව්වම අහන්නෙ නෑ. පිට ගෙදරක කෙනෙක්. එහෙම නැත්නම් ගෙදරම ආච්චි සීයා වගේ කෙනෙක් කිව්වම කියන දේ පිලිගන්නවා/ඇහුන්කම් දෙනවා.

    ආයතනයක ඉහල පුරුකක් අනිත් අයගෙ අදහස් වලට ඇහුන්කම් දීම ගැන ගත්තොත්,

    සමහරු පිලිගන්නෙ ඒ අය කැමති සේවකයොන්ගෙ අදහස් යෝජනා විතරයි. එකම ලෙවල් එකේ හෝ ඊට වඩා සුදුසුකම් තියෙන වෙන කෙනෙක් හේතු සාධක ඇතුව කොච්චර හොඳට දෙයක් පැහැදිලි කරත් ඒක පිලිගන්න හිත දෙන්නෙ නෑ.

    ඒ වගේම සමහර අය ඉන්නවා ඉහල නිළදාරින්ගෙ අදහස් යෝජනාවලට වඩා ඊට ගොඩක් පහලින් ඉන්න සුළු සේවකයෙකුගෙන් උනත් එන යෝජනාව හොඳයි නම් ප්‍රායෝගිකයි නම් ගැලපෙනව නම් ඒක තෝරගන්න පැකිලෙන්නෙ නෑ.

    මිනිස්සු තමන් ආස කරන කෙනෙක්ව ෆලෝව් කරන්න කැමතියි. බ්ලයින්ඩ්ලි ෆලෝව් කරන්න කැමතියි. හරි උනත් වැරදි උනත්. තමන්ට පාඩුවක් උනත් තමන් ආස කරන අයට මුල් තැන දෙනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තව බොහෝ කොටසක් ඉන්නවා මුලින් පිළිගන්න අකමැති වෙලා සෝෂල් ප්‍රෙෂර් එකට පස්සෙ පිලිඅරගන මුලින් පිලිගන්න අකැමති වෙච්ච බවවත් පස්සෙ පිලිගන්නේ නෑ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    Agreed.
    Thawa set ekak innawa hamoma kiyana ewa ahanawa wage pennala mukuth athulata nogena anthimata thaman mula indan hithan indapu dema karana. Mama a jaathiye :D

    Apita psychology ugannaddi kiwwe hariyata listen karana ekath talent ekak kiyala. Godak un anik ayage katha walata ahunkam denne ekata feedback ekak nodunnoth thaman charter wei kiyala hithala misak aththatama a de gena therum aran nemei.
    Most people listen not because they care, but because they think if they don't reply others will think less of them.
    Lankawe thiyena USD 1bn+ company ekaka chairman ekka katha karanna set wuna dawasak. He listens in such a manner that after all is said and done he will ask only around 2 or 3 questions but those questions make you think in a way you never did.
     
    Last edited:

    තව කොටසක් ඉන්නවා කොච්චර හොඳට අහගන හිටියත් එයාලා තේරුම් ගන්නෙ එයාලට ඕන විදිහට (සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් තේරුම් ගන්නෙ). එයාලට මුල ඉඳන්ම ඇහෙන්නෙ තමන්ට අහන්න ඕන දේ - වංචාසහගතව කරන දෙයක් නෙමේ. ඒ අයගේ හැටි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    තව කොටසක් ඉන්නවා කොච්චර හොඳට අහගන හිටියත් එයාලා තේරුම් ගන්නෙ එයාලට ඕන විදිහට (සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් තේරුම් ගන්නෙ). එයාලට මුල ඉඳන්ම ඇහෙන්නෙ තමන්ට අහන්න ඕන දේ - වංචාසහගතව කරන දෙයක් නෙමේ. ඒ අයගේ හැටි.
    Godak kello me wage. Keepa denek thamai counter arguments genalla valid points ekka argue karanne. Piriminge okata hethuwa mama nam dakinne ego eka.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,363
    8,727
    113
    මේකේ බලන බලන තැන යන කතාවල් බොහොමයක තියෙන තනි පොදු ගති ලක්ෂණය කවුරු හරි එකෙක් උගේ පුද්ගලික මතයක් තව එකෙක්ගේ උගුරෙන් පහලට තල්ලු කරන්න දඟලනවා, අනිකා ඒක ගිලිනන්නේ නැතුව ඉන්න උපරිම ගේමක් දෙන ගමන් උගේ එක අරුගේ උගුරෙන් පහලට ඔබන්න දඟලනවා කියල?

    දේශපාලන, ආගම් සම්බන්ද ත්‍රෙඩ් හැම එකක්ම අන්තිමට ඕක නේද වෙන්නෙ (ජෙනරලයිස් කරාම)?

    මේ සම්බන්දයෙන් ගත්තම ලෝකේ මිනිස්සු කොටස් දෙකකට බෙදෙනවා මම හිතන විදියට. වැඩිපුර එලියට දාන අඩුවෙන් ඇතුලට ගන්න කොටස. මුන් අනෙත් එවුන් කියන ඒවා අහනවා හරිම අඩුයි. ලියපු දෙයක් කියවන්නත් හරි රිලක්ටන්ට්. ඇසීම කියවීම වගේ ඒවා වලින් දත්ත ඇතුලට අරන් ප්‍රොසෙස් කරනවා අඩුයි. ඇතුලේ තියෙන ආකල්ප සහ මත එලියට දාන්න ලොකුවට උත්සහ කරනවා හැම තැනම. මේ ජාතියේ එවුන් ගොඩක් වැඩියි. අන්තවාදී මත තියෙන මරාගෙන මැරෙන ටයිප් එකේ එවුන්ගෙත් තියෙන ප්‍රධාන ලක්ෂණය කියල මම හිතන්නෙ ඕක තමයි.

    අනිත් වර්ගේ එවුන් ඕකේ අනිත් පැත්ත කරන්නෙ. ගොඩක් ඇතුලට ගන්නවා, ටිකයි එලියට දාන්නෙ. ගොඩක් කියවනවා, අනිත් එවුන් කියන ඒවා අහනවා, ගැඹුරට ප්‍රොසෙස් කරනවා. එලියට දානවා අඩුයි. මෙහෙම එවුන් පරම සත්‍ය විදියට දේවල් දිහා දකින්න ගොඩක් රිලක්ටන්ට් ජාතියක්. මම ආශ්‍රය කරපු සමහර මේ ජාතියේ එවුන්ට යම්කිසි feedback එකක් බලාපොරොත්තුවෙන් මොකක්හරි දෙයක් කිව්වමත් ඒක අහල ටිකක් කල්පනා කරලා සද්ද නැතුව ඉඳපු වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට උන්ට කියන්න ඕන උගේ අදහස කියන්න කියල. මම දැකපු මෙහෙම එවුන් ගොඩක් වෙලාවට මීටර් පොරවල්.
    exactly.

    mature වෙද්දී ඉගෙන ගන්නව එහෙම කරල ජීවත් වෙන්න බෑ එක එකාගෙ තියෙන්නෙ එක එක මත කියල.
    ඒව වෙනස් කරන්න බොරුවට කාලෙ නාස්ති කරන එකෙන් පාඩුව වෙන්නෙ අපිටමයි කියල.
    එහෙම බොරුවට අපහාස කරගන්නෙ මතේ ඉවසන්න බැරි උන් තමයි. තමන්ගෙ මතේ කියල හිටපුවම හරි.
    ඉස්සර අපිත් එහෙම නෙ බන්. ට්‍රිගර් වෙලා රෙදි උස්සන් යන්නෙ. දැන් එහෙම නෑ නෙ.
    exactly.
    ------ Post added on Dec 31, 2021 at 10:58 AM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කවුරු හරි එකෙක් උගේ පුද්ගලික මතයක් තව එකෙක්ගේ උගුරෙන් පහලට තල්ලු කරන්න දඟලනවා, අනිකා ඒක ගිලිනන්නේ නැතුව ඉන්න උපරිම ගේමක් දෙන ගමන් උගේ එක අරුගේ උගුරෙන් පහලට ඔබන්න දඟලනවා කියල?

    දැන් උබ කරන්නෙත් ඒකමනේ බං. :sorry:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    බොහෝ දුරට එහෙම තමා. මිනිස්සු කේවල සත්‍යක් හදාගෙන ඒ සත්‍ය "දෙයක්" බවට පත්කරගෙන ඒකෙ වහල්ලු වෙනවා. සත්‍ය කියන දේ ප්‍රායෝගිකයි. අත්දැකීමෙන් පරිබාහිරව "දෙයක් වූ සත්‍යක්" තියනවාද නැද්ද කියලා කතාකරන එක වට වලල්ලේ යාමක්. ලෝකයේ දේවල් හටගන්නා නිසා තියනවා කියන්නත් පුලුවන්, හටගන්න සියල්ලම නිරුද්ධ වෙන නිසා නැහැ කියන්නත් පුලුවන්.

    ඔන්න ඔතනදි තමා අපි ප්‍රායෝගිකත්වය සලකන්න ඕනෙ. ලෝකය සාපේක්ෂයි නමුත් ප්‍රායෝගිකත්වයට ඉඩ දිය යුතුයි. එහෙම නොවුනත් ඒකත් හරි මේකත් හරි, ඒකත් වැරදියි, මේකත් වැරදියි, වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යානා දී විදිහට "ආඳා න්‍යාය" භාවිතා කර කර ඉන්න පුලුවන්. නමුත් ආඳා න්‍යායෙන් බඩගින්න නිවෙන්නෑ, ඇඳුම් හදන්න බෑ, අදහසක් වත් හුවමාරු කරගන්න බැහැ.

    ඔන්න ඔතනදි තමා මුලින් කිව්ව ප්‍රශ්නය නැවත නැවත හටගන්නෙ. ඒකියන්නෙ ඕපීගෙ ත්‍රෙඩ් එකට උඩ ටික අදාල වෙන්නෙ කොහොමද කියන එක සැලකුවොත්;

    තම තමන් ප්‍රායෝගිකව අත්දැකපු දේවල් තමන්ට ප්‍රිය දේවල්; සදාකාලික, අත්දැකීමෙන් පරිබාහිර කේවල පාරිශුද්ධ "සත්‍ය" ලෙස සම්මත කරගන්නවා. ඒ තමන්ගෙ ප්‍රිය දේවල් වලට විරුද්ධ හෝ එකඟ නොවෙන මත අහන්න, ඒවා ගැන සිතා බලන්න, ඒවාත් හරි විය හැකියි කියලා මොහොතකටවත් සලකා බලන්න ප්‍රියතාවයක් නැතිවෙනවා. අන්තිමට ඒ ඒ මතවල වහලුන් බවට පත්වෙනවා. තව කොටසක් ආඳාන්‍යාය තුල හිරවෙනවා. එතකොට තමා ඕපී කියන එක කට්ටිය බිහි වෙන්නෙ කියලා මම හිතන්නෙ. ඕපී කතාකරලා තියෙන්නෙ රෝග ලක්ෂණ ගැන. රෝගය මම හඳුනාගෙන තියෙන විදිහ තමා ඔය මුල් පරිච්ඡේද දෙකෙන් කියල තියෙන්නෙ.

    Edited-

    ඕය ගැටලුවට ස්ථිරසාර, සාර්වසම්පූර්ණ සහ සාමූහිකව එකඟවිය හැකි පිලිතුරක් දෙන්න පුළුවන් කියලා ඔයාලා විශ්වාස කරනවද?
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy and NRTG