දැන් රට යන තත්ත්වෙත් එක්ක බඩු වල ගණන් ආයේ අඩු වෙඉ කියලා හිතන්න බෑ. ඉතිං නිකමට හිතමු ගෙදර තියෙන ෆ්‍රිජ් එක, ටීවී එක, වොෂින් මැෂින් එක, රෛස් කුකර් එක, බ්ලෙන්ඩර් එක, උණු වතුර කේතලේ, ගෑස්/ඉන්ඩක්ෂන් කුකර් එක වගේ නිතර පාවිච්චි කරන බාන්ඩයක් අතේ සල්ලි නැති හෝ අතේ තියෙන සල්ලි වලින් වෙන වැඩක් කරන්න ඉන්න වෙලාවක කැඩුනොත් කොහොමද එක පාරට ගන්නේ? දැන් බැංකු වල ණය පොලී අනුපාත වැඩි කරලා. හදිසියකට ඉල්ලගන්නවත් කෙනෙක් නැති උනොත්?
හිතලා බලන්න නිකමට ඔයාගේ අතේ ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බොත් තමන්ට ඕනේ කරන බාන්ඩේ වාරික ක්‍රමේට ගෙවන්න ගන්න පුළුවන්. තමන්ගේ පඩිය වැටෙනකන් හදිස්සියට කඩේකින් බඩු ටිකක් හරි ගන්න පුළුවන්.
කථාව හරිම සුන්දරෛ වගේ නේද පෙන්නේ? මේ ක්‍රමේ හරියන්නේ ණයක් වගකීමක් ඇතුව හසුරවන්න පුළුවන් කෙනෙක්ට විතරෛ. වැඩේ හරියට කරන්න බැරිනං ක්‍රෙඩිට් කාඩ් අරං නිකන් කබලෙන් ලිපට වැටෙන්න එපා.
වැඩි විස්තර පහල තියෙන ත්‍රෙඩ් එකෙන් බලා ගන්න.
එළකිරි ක්‍රෙඩිට් කාඩ් මෙගා ත්‍රෙඩ්
Last edited:


