හොලිවුඩ් බොක්ස් ඔෆිස් ඉතිහාසයේ සිව්වැනියට වැඩිම ආදායමක් ඉපැයූ සති අන්තය (Box office weekend) බවට පත් වීමට 'Barbie' සහ 'Oppenheimer' සිනමාපටයන් තිරගත කිරීම ආරම්භ කළ පසුගිය ජූලි 21 ත් ජූලි 23 ත් අතර වූ දින තුනක සති අන්තය සමත් වුණා. මේ වසරේ තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදී ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ වැඩිම ආදායමක් ඉපයූ සිනමාපටය බවට බොක්ස් ඔෆිස් දර්ශකයේ පළමු ස්ථානය ලබාගත් 'Barbie' සිනමාපටය සමත්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 162 කට ($162 022 044) අධික ආදායමක් උපයාගැනීමට සමත් වෙමිනුයි. එමෙන්ම 'Barbie' සිනමාපටය, ඇමරිකාව හා කැන්ඩාවෙන් පිටත වූ විදේශ රටවල්හී'දී ගෙවුණු සති අන්තය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 194.3 ($194 300 000) උපයමින් ලොව වටා ඉපැයූ මුළු ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 356.3 ($356 322 044) ක ආදායමක් මේ වන විට උපයාගෙන තිබෙනවා.
"Barbie' Box Office Grosses
DOMESTIC (45.5%) - $162,022,044
INTERNATIONAL (54.5%) - $194,300,000
WORLDWIDE - $356,322,044
INTERNATIONAL (54.5%) - $194,300,000
WORLDWIDE - $356,322,044
බොක්ස් ඔෆිස් දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්වූ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ 'Oppenheimer' සිනමාපටය ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ පළමු සති අන්තයේ ආදායම ලෙස ඇමරිකානු ඩොලර් 82.5 ($82 455 420) ආදායමක් ඉපැයීමට සමත් වූයේ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ බැට්මෑන් සිනමාපට (The Dark Knight Rises, The Dark Knight) හැරුණු විට ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපට අතරින් පළමු සති අන්තය තුළ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටය බවට පත් වෙමිනුයි. එමෙන්ම 'Oppenheimer' සිනමාපටය, ඇමරිකාව හා කැන්ඩාවෙන් පිටත වූ රටවල්හී'දී ගෙවුණු සති අන්තය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 98 ($97 958 000) උපයමින් ලොව වටා ඉපැයූ මුළු ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 180.4 ($180,413,420) ක ආදායමක් මේ වන විට උපයාගෙන තිබෙනවා.
"Oppenheimer' Box Office Grosses
DOMESTIC (45.7%) - $82,455,420
INTERNATIONAL (54.3%) - $97,958,000
WORLDWIDE - $180,413,420
"Barbie' සහ 'Oppenheimer' සිනමාපටයන් පිහිට වූ නව බොක්ස් ඔෆිස් වාර්ථාවන්
‘Barbie’ & ‘Oppenheimer’: A Rundown Of All The Box Office Records Broken
‘Barbie’ Still Gorgeous With Best YTD $162M Opening; ‘Oppenheimer’ Detonates $82M+ In Incredible $300M+ U.S. Box Office Weekend – Monday AM Update
‘Barbie’ An Even Bigger Knockout With $356M+ Global Bow, ‘Oppenheimer’ Increases Genius To $180M+ WW Launch – International Box Office Actuals Update
Massive Box Office Weekend Sets Records For AMC Entertainment, Imax
INTERNATIONAL (54.3%) - $97,958,000
WORLDWIDE - $180,413,420
"Barbie' සහ 'Oppenheimer' සිනමාපටයන් පිහිට වූ නව බොක්ස් ඔෆිස් වාර්ථාවන්
‘Barbie’ & ‘Oppenheimer’: A Rundown Of All The Box Office Records Broken
‘Barbie’ Still Gorgeous With Best YTD $162M Opening; ‘Oppenheimer’ Detonates $82M+ In Incredible $300M+ U.S. Box Office Weekend – Monday AM Update
‘Barbie’ An Even Bigger Knockout With $356M+ Global Bow, ‘Oppenheimer’ Increases Genius To $180M+ WW Launch – International Box Office Actuals Update
Massive Box Office Weekend Sets Records For AMC Entertainment, Imax
මෙලෙස ඉහත සිනමාපට ද්විත්වය අති සාර්ථක බොක්ස් ආදායමක් උපයා ගැනීමට සමත් වුව ද ඉන් වඩාත්ම අයහපත් බලපෑමක් ඇති වූයේ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටයටයි. ඒ ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටය පසුගිය සති අන්තයේ ඉපැයූ ආදායමට වඩා 65% ක අඩු ආදායමක් උපයමින් සති අන්ත බොක්ස් ඔෆිස් දර්ශකයේ සිව්වන ස්ථානය දක්වා පසු බැසීමට සිදුවීමයි. තෙවැනි ස්ථානය ලබාගත්තේ මේ දිනවල බොක්ස් ඔෆිස් වශයෙන් අති සාර්ථක ගමනක නිරත වෙමින් සිටින "Sound of Freedom" සිනමාපටයි. මේ හේතු නිසා ඩොලර් මිලියන 290 කට අධික නිෂ්පාදන වියදමක් දැරීම (Without marketing budget) සිදුවූ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටයට බොක්ස් ඔෆිස් වශයෙන් ලාභයක් ඉපැයීමට නොහැකිව යාමේ අවදානමක් ද මතුව තිබෙනවා.
සති අන්ත බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic Box Office: July 21-23, 2023)
Rank | LW | Release | Gross | | Theaters | Change | Average | Total Gross | Weeks | Distributor |
1 | - | $162,022,044 | - | 4,243 | - | $38,185 | $162,022,044 | 1 | ||
2 | - | $82,455,420 | - | 3,610 | - | $22,840 | $82,455,420 | 1 | ||
3 | 2 | $19,825,575 | -27.3% | 3,285 | +20 | $6,035 | $124,433,512 | 3 | ||
4 | 1 | $19,354,511 | -64.6% | 4,321 | -6 | $4,479 | $118,607,980 | 2 | ||
5 | 4 | $6,678,501 | -45.6% | 2,885 | -980 | $2,314 | $158,997,363 | 4 |
Last edited:

MI 7 එකට ලාභ ලබන මට්ටම පහු කරන්නනම් $800M වත් පහුකරන්න වෙනවා. දැන් තියෙන තත්ත්වෙ අනුව $700M පහු කරයි ද කියලවත් ෂුවර් එකක් නෑ.
