💸🎬👧 නව බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිට වූ 'Barbenheimer' සති අන්තය 💥🎬💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    K2ncCOM.jpg



    ✍️🎬 ලිපිය සැකසුම: @Stimulus mind 🎬✍️

    හොලිවුඩ් බොක්ස් ඔෆිස් ඉතිහාසයේ සිව්වැනියට වැඩිම ආදායමක් ඉපැයූ සති අන්තය (Box office weekend) බවට පත් වීමට 'Barbie' සහ 'Oppenheimer' සිනමාපටයන් තිරගත කිරීම ආරම්භ කළ පසුගිය ජූලි 21 ත් ජූලි 23 ත් අතර වූ දින තුනක සති අන්තය සමත් වුණා. මේ වසරේ තිරගත කිරීම ආරම්භ කළ පළමු සති අන්තයේදී ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ වැඩිම ආදායමක් ඉපයූ සිනමාපටය බවට බොක්ස් ඔෆිස් දර්ශකයේ පළමු ස්ථානය ලබාගත් 'Barbie' සිනමාපටය සමත්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 162 කට ($162 022 044) අධික ආදායමක් උපයාගැනීමට සමත් වෙමිනුයි. එමෙන්ම 'Barbie' සිනමාපටය, ඇමරිකාව හා කැන්ඩාවෙන් පිටත වූ විදේශ රටවල්හී'දී ගෙවුණු සති අන්තය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 194.3 ($194 300 000) උපයමින් ලොව වටා ඉපැයූ මුළු ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 356.3 ($356 322 044) ක ආදායමක් මේ වන විට උපයාගෙන තිබෙනවා.

    BAR-00238.jpg


    "Barbie' Box Office Grosses

    DOMESTIC (45.5%) - $162,022,044
    INTERNATIONAL (54.5%) - $194,300,000

    WORLDWIDE - $356,322,044

    බොක්ස් ඔෆිස් දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්වූ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ 'Oppenheimer' සිනමාපටය ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ පළමු සති අන්තයේ ආදායම ලෙස ඇමරිකානු ඩොලර් 82.5 ($82 455 420) ආදායමක් ඉපැයීමට සමත් වූයේ ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ බැට්මෑන් සිනමාපට (The Dark Knight Rises, The Dark Knight) හැරුණු විට ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපට අතරින් පළමු සති අන්තය තුළ වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටය බවට පත් වෙමිනුයි. එමෙන්ම 'Oppenheimer' සිනමාපටය, ඇමරිකාව හා කැන්ඩාවෙන් පිටත වූ රටවල්හී'දී ගෙවුණු සති අන්තය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 98 ($97 958 000) උපයමින් ලොව වටා ඉපැයූ මුළු ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 180.4 ($180,413,420) ක ආදායමක් මේ වන විට උපයාගෙන තිබෙනවා.


    oppenheimer-cillian-murphy-florence-pugh-indulge-in-sx-right-after-reading-bhagavad-gita-get-blurred-read-on-01.jpg

    "Oppenheimer' Box Office Grosses


    මෙලෙස ඉහත සිනමාපට ද්විත්වය අති සාර්ථක බොක්ස් ආදායමක් උපයා ගැනීමට සමත් වුව ද ඉන් වඩාත්ම අයහපත් බලපෑමක් ඇති වූයේ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටයටයි. ඒ ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටය පසුගිය සති අන්තයේ ඉපැයූ ආදායමට වඩා 65% ක අඩු ආදායමක් උපයමින් සති අන්ත බොක්ස් ඔෆිස් දර්ශකයේ සිව්වන ස්ථානය දක්වා පසු බැසීමට සිදුවීමයි. තෙවැනි ස්ථානය ලබාගත්තේ මේ දිනවල බොක්ස් ඔෆිස් වශයෙන් අති සාර්ථක ගමනක නිරත වෙමින් සිටින "Sound of Freedom" සිනමාපටයි. මේ හේතු නිසා ඩොලර් මිලියන 290 කට අධික නිෂ්පාදන වියදමක් දැරීම (Without marketing budget) සිදුවූ "Mission: Impossible - Dead Reckoning Part One" සිනමාපටයට බොක්ස් ඔෆිස් වශයෙන් ලාභයක් ඉපැයීමට නොහැකිව යාමේ අවදානමක් ද මතුව තිබෙනවා.

    Mission-Impossible-7-Dead-Reckoning-Part-1-Full-Plot-.jpg



    සති අන්ත බොක්ස් ඔෆිස් දර්ශකය (Domestic Box Office: July 21-23, 2023)

    Rank
    LW
    Release
    Gross
    Theaters
    Change
    Average
    Total Gross
    Weeks
    Distributor
    1
    -
    $162,022,044
    -
    4,243
    -
    $38,185
    $162,022,044
    1
    2
    -
    $82,455,420
    -
    3,610
    -
    $22,840
    $82,455,420
    1
    3
    2
    $19,825,575
    -27.3%
    3,285
    +20
    $6,035
    $124,433,512
    3
    4
    1
    $19,354,511
    -64.6%
    4,321
    -6
    $4,479
    $118,607,980
    2
    5
    4
    $6,678,501
    -45.6%
    2,885
    -980
    $2,314
    $158,997,363
    4

     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    එහෙම පාටක් තියෙන්නෙ. :(
    second week loku drop ekak thiyenawa neh, anika nolanta 2 months thiyenawa man hitanne IMAX

    Kadawatha inna kenekta Lagama mona hall ekada,, Girl kenek ekka balanna.
    Barbie & Oppenheimer :love2:
    savoy sucks. don't go there. Scope ela
    ------ Post added on Jul 25, 2023 at 12:15 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    second week loku drop ekak thiyenawa neh, anika nolanta 2 months thiyenawa man hitanne IMAX
    2 months නෙවේ, 3 weeks.:yes: MI 7 එකට ලාභ ලබන මට්ටම පහු කරන්නනම් $800M වත් පහුකරන්න වෙනවා. දැන් තියෙන තත්ත්වෙ අනුව $700M පහු කරයි ද කියලවත් ෂුවර් එකක් නෑ.:dull:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බාබි බලන අයත් ඉන්නවද...
    ඔව් බන් උඹ හිතුවට ගොඩක් උන් ඔය වගේ ෆිල්ම් බලන්න තමයි ආස. ඒ වගේම බාබි කියන්නේ ගොඩක් ප්‍රසිද්ද බෝනික්කෙන්නේ, ඒ ආදරයටත් යනවා මිනිස්සු ඕක බලන්න අනිවාර්යෙන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ඇයි මිස් ගියේ නැද්ද බාබි ව බලන්න?:shocked: Walter White මාත්තයා ඔයාව එක්කන් යනවා කිව්වනෙ ෆිල්ම් එක බලන්න? :confused2:
    ඔව්, අපි දෙන්නා යන්න ඉන්නේ. කොල්ලෝ දෙන්නෙක්
     

    Similar threads