මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 51ක මුදල අත්හිටුවා තිබෙනවා. මේ නිසා ව්‍යාපෘතියේ සේවය කළ ලාංකිකයන් 2000කගේ පමණ රැකියා අර්බුදයට ගොස් තිබෙන බව ව්‍යාපෘතිය වෙතින් ලැබෙන ආරංචි මාර්ග පවසනවා. මේ මුදල් ලබාදීම අත්හිටවීම හේතුවෙන් කිලෝමීටර් 37 ක දුර ප්‍රමාණයෙන් යුත් කඩවත - මීරිගම කොටසේ සේවය කළ චීන ජාතිකයින් පන්සියයක් පමණ දෙනා ශ්‍රී ලංකාව අත්හැර යමින් සිටින බවයි කියන්නේ.
චීන එක්සිම් බැංකුව මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය නොගෙවන බවට සිදුකරන ලද ප්‍රකාශය බව වාර්තා වෙනවා. ණය අත්හිටු වීමත් සමඟ ව්‍යාපෘති කාලය දීර්ඝ වන අතර එම නිසා මෙම ව්‍යාපෘතිය සිදු කරන චීන ඉදිකිරීම් සමාගමට වන්දියක් ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇති බවයි කියන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2024 වසර අවසානයේ දී. දැනට ව්‍යාපෘතියේ 32%ක් වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 33,000 ක් වැයකර තිබෙනවා.
ගතවූ මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතියේ කටයුතු සිදුව ඇත්තේ මන්දගාමීව යි. එයට හේතු වී ඇත්තේ ඩීසල් හිඟය සහ කළුගල් පිපිරවීම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය හිඟයයි. ව්‍යාපෘති සඳහා අවම වශයෙන් දිනකට ඩීසල් පමණක් ලීටර් 40,000ක් අවශ්‍ය කර තිබුණා.