🔅ජපන් බයික් විකුනන්න දාපුවහම හම්බවෙන අපූරූ මිනිස්සු.

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    හොද නරක දෙකම ඇත.
    කියවා විනෝදවන්න මේවා අත්දැකීමෙන්ම කියන්නේ ඇ.😂

    01. ජෙනුවින් ඩයල් එකක්.

    * පෝන් නම්බර් එක දාන්න කෝල් කරලා එන්නම්

    02. ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන ෆේස්බුක් ඇවිත් නිකරුනේ කාලේ කන එකෙක්.

    * පොටෝ දාපන්
    * තව මදි තව එවපන්
    * වම් පැත්තේ පොටෝ එවපන්
    * දකුනු පැත්තේ පොටෝ එවපන්
    * පිටිපැස්සෙ පොටෝ එවපන්
    * මීටර් එකේ පෝටෝ එවපන්
    * පොතේ පොටෝ එවපන්
    * ස්ටාර්ට් කරලා වීඩියෝ එවපන්

    03. මේලෝ හසරක් නොදන්න උඩින් කඩාගෙන පාත් වුන අහිංසකයෙක්.

    * අයියේ බයික් එක කාටවත් දෙන්න එපා ඈ මන් ගන්නවා

    04. ඉයේ පෙරේදා 5000 කොලයක් අල්ලපු පොල් හරකෙක්.

    * 30 ට කරමු
    * 20 ට කරමු
    * 25 ක් දෙන්නම්
    * 15 ක් දෙන්නම්

    05. අනුන්ගේ බයික් පැද පැද ගමේ හංදියේ ඉන්න රස්තියාදුකාරයෙක්.

    * මේ පැත්තට ඕක ගෙනෙන්කෝ සෙට් නම් මොනවාහරි කරමු

    06. කැම්පස් එකේ ඉගෙනගන්න උගතෙක්.

    * අයියේ අතේ තියෙන්නේ මෙච්චරයී. මේක තියාගෙන බයික් එක දෙන්න බැරිද මාසෙට 1000 ගානේ වගේ ඉතිරි සල්ලි දෙන්නම්.
    එහෙම කරන්න එපා

    07. රජයේ ජොබ් එකක් කරන එකෙක්.

    * ටැංකිය අත ගා බැලීම
    * හීරිලා තියෙන තැන් ඇගිල්ලෙන් අතගෑම
    * පැයකට ආසන්න කාලයක් පොත බැලීම
    * හතරවටේටම කෝල් කරලා ඒ බයික් එක ගැන විස්තර ගැනීම

    08. අවුරුදු 32 පැනපු සාමකාමී මනුස්සයෙක්.

    * බයික් එක ඔයාගේ නමටද තියෙනෙ
    * id copy ට්‍රාන්ස්වර් පේපර් තියෙනවාද
    * ලයිසන් ඉන්සුවරන්ස් තියෙනවාද

    09. පොශ් එවුන්.

    * හෝස් පවර් කොහොමද
    * ටොප් ස්පීඩ් කොහොමද
    * ජියර් කීයද
    * ලොකේශන් එවන්න

    10. ඔස්තාර්ලා.

    *ඔරිජිනල් පේයින්ට් නෙවෙයි නේ
    *මීටර් ඔරිජිනල් නෙවෙයි
    *මන් ලගත් 2 ක් තියෙනවා
    *සිග්නල් ලයිට් ඔරිජිනල් නෙවෙයි නේ

    11. අතේ තියෙන විදිහට ශේප් වෙන එකෙක්.

    ඕවා ගන්න අපිට සල්ලි නැනේ බන් ඩෙමාර්ක් එකක් ඇරන් සුපිරියට KTM කියලා ගහමු බන්

    12. බයික් එකක් තියා පුස් සයිකලයක්වත් නැති ඔලුව ඉදිමුන හරකෙක්.

    * ඕවගේ තෙල් වැඩ නැ බන්
    * පෙනුම විතරයි බන්
    * කාර් එකක් ගන්නවා ඒ සල්ලි වලින්

    13. NS කහ පාට එකක් තියෙන එකෙක්.

    * ඕවා වැඩක් නැ යකෝ
    * නාකි ජපන්
    * එකෙක්ට ඇරියා යකෝ මන් ඒකල්ලා ඌ එනකල් විනාඩි දෙකක් බලාන් ඉදලා ගියේ යකෝ මන්
    කියමින් යහලුවන් අතරේ පොරක් වීම.

    14. පදින්න තියෙන හැම බයික් එකම පැදලා හොදට බයික් ගැන දන්න එකෙක් ..

    * වැඩි කතා නැ ඇවිත් බැලුවා සෙට් නැත්තම් සෙට් නැ කියලා කෙලින් කිව්වා ගියා.

    15. මල් පොන්සියෝ.

    * බයික් එක ඇවිත් බලලා ඒකේ අඩුපාඩු හැමතැනම කියව කියව සතුටු වීම

    16. එකම එක බයික් එකක ක්ලච් ප්ලේට් ටිකක් විතරක් දාලා ඌ මුලු එන්ජිම ගැනම දන්නවා කියලා හිතන් ඉන්න පොල් හරකෙක්.

    * සයිලන්සරය වහලා එන්ජිමේ සද්දය ඇසීම
    * සයිලන්සරයට අගිල්ල ඔබා සුවද බැලීම
    * එන්ජින් ඔයිල් වල සුවද බැලීම
    * එන්ජිමේ යට අත ගා බැලීම
    * ස්ටාර්ට් කරකා බයික් එක වටේ කැරකීම

    අන්තිමේදී, 20 ක් විතර යනවා මල්ලි එන්ජිම නම් අවුල්, 50 ට කරමු එන්ජිම හදන්නත් එපෑ

    17. ඉන්දියන් එකක් පදින ගමන් ජපන් එකක් ගන්න ආපු එකෙක්.

    * පැට්‍රල් කොච්චර වැඩද
    * සිග්නල් ලයිට් වැඩද
    * ටයර් කොහොමද
    * එන්ජින් ඔයිල් මාරු කරලාද

    18. ජීවිතේ අනිත්‍ය තේරුම් ඇරන් ජීවත් වෙන එකෙක්.

    * ආවා
    * බයික් එක පැද්දා
    * අන්තිම කීයද ඇහුවා
    * කැමතිනම් ගත්තා
    * සල්ලි දුන්නා
    * බයික් එක ගත්තා
    * ගියා

    19. අවුරුදු 23 පැනලත් ගෙදරින් කාලා බිලා ඉන්න කාලකන්නියෙක්.

    * පේජ් එකේ විකුනන්න දාලා තියෙන, ඌට සල්ලි දීලා ගන්න තියා හිතන්න්වත් බැරි බයික් වල පොටෝ වලට හ හා රිඇක්ශන් දැමීම

    20. අනුන්ගේ දේවල්ම හොය හොය දවස ගත කරන එකෙක්.

    * විකුනන්න දාලා තියෙන බයික් ඌට අදාල නැති වුනත්, පොස්ට් එක යටින් තිතක් තියලා කමේන්ට් කිරිම
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    2005 ස්කූටියක් දුන්නා.... මමම ලක්ශ 2ක් විතර පැද්දා. 40 කට වගේ තමයි හිතාගෙන හිටියේ AL school එකෙක්ට 30 ට දුන්නා.

    "අයියේ මම ගාව 30ක් තියෙනවා, දෙනවා නම් අදම ගන්නම්" . "හා" කිව්වා, දුන්නා. පස්සේ ඇවිත් අරන් ගියා.

    ඔය උඩ චරිත - >

    20 ට කරමු - "පුක දෙන්න නෙමේ යකෝ ඇඩ් එක දැම්මේ"

    හදන්න තියෙනවා ගොඩක් - "TVS එකේ නො එවන්නම්"

    ඇවිත් බලලා....
    ටයර් පරණ යි, බැටරි අව්ල්, බ්‍රේක් අඩුයි,....

    මම - බයික් එකේ අඩුපාඩු ලියන්න පොතක් දාලා තියෙනවා ඒකේ ඔයා ගේ කතාව ලියලා යන්න. මම බාසට පෙන්වලා හදලා කෝල් කරන්නම්. 🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    බයික් වලට විතරක් නෙමේ. ඕක හැම වාහනේටම අදාලයි..

    මගෙ පරණ වාහනේ ලෙඩ වගයක් තිබුණ. ඒකට හරියන්න ගාණක් අඩු කරල තමයි විකුණන්න දාල තිබුණෙ.
    වාහනේ බලන්න උඩ 16 වෙනියට කිවුව ජාතියෙ පඬියෙක් ඇවිල්ල සේරම බලල
    දොර වැහෙනව මදි තදට වහන්න ඕනෙ කිවුව. මිනිහට අච්චර ලෙඩ තිබ්බ වාහනේ දොරේ තදේ විතරයි අහුවුනේ. මම ඉතිං,
    "ඕවට හරියන්න තමයි අඩු ගාණක් දාල තියෙන්නෙ" කියල නිකං හිටිය

    මේ තියෙන්නෙ වාහන විකුණන අයගෙ මගඩි.
    https://elakiri.com/threads/විකුණන්න-තියෙන-වාහන-ගැන-දැනගමුද.1945525/