🔞 සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode #3]

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අදත් ඔන්න කම්මැලි නැතුව එක හුස්මට කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් ගෙනාවා.
    මේක නම් හැබැයි 18+ එකක්.

    ------------------------------

    මුළු චිත්‍රපටියේම තියෙන්නේ කුතුහලය පිරි සිදුවීම් ගොන්නක්.. සහ මෙහින් ප්‍රධාන නි‍ලිය චිත්‍රපටියට අවතීර්ණ වෙන්නෙත් ඉන්ටර්වල් එකට පස්සේ... ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නේ පායල් රාජ්පුත් කියන නිළිය..ඇය හොදට ඇගේ චරිතය ජීවමාන කරනවා..
    පුලුවන්නම් හොයාගෙන බලන්න. ඇත්තටම අපූරු චිත්‍රපටියක්..

    - Mmp Ranaweera

    ------------------------------

    Mangalavaaram (2023)

    412968373_733037042222612_2060142359479580158_n.jpg


    මහාලක්ෂ්මිපුරම් කියන ගම්මානයේ අත් බූත විදියට වන මිනී මැරුම් දාමයක් ගැනයි යන්නේ. මේ ගමේ අනියම් සම්බන්ධ තියෙන අයගෙ නම් (Names) ගමේ බිත්ති වල ලොකු අකුරින් ලියනවා. මේ ලියන්නෙ කවුද කියලා කියලා කිසිවෙක්ම දන්නෙ නෑ. මේක දෙවියන්ගෙ වැඩක් කියලයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒවගේම ඒ නම් ලියන අයව හැම අඟහරුවාදා දිනකදිම මිය යනවා. මිය යන විදි එක් එක් ආකාරයෙන් සිද්ධ වෙන්නේ, සමහරු වස බීලා, සමහරු එල්ලිලා, එහෙම තමයි මිය ගිහින් තියෙන්නේ.

    ඉතිං මේ ගමට අලුතෙන් එන පොළිස් නිලධාරිනියක් මේ ගැන පරීක්ෂණයක් කරන්න හදද්දි ඒකට ගමේ ජමින්දාර් ඇතුලු ගම්වාසීන් අවසර දෙන්නෙ නෑ. මොකද මේ ගමේ වෙනම ආකාරයක නීතියක් දුවන්නේ.

    ඉතිං එක් දිනක් මේ පොළිස් නිළධාරිණිය කියනවා මේක අනිවාරෙන්ම මිනීමැරුමක්, සිය දිවි නසා ගැනීමක් නෙවෙයි කියලා. මේ දේ නිසා ගම්මු එක්කත් මේ නිළධාරියට ඇවිලෙන්න වෙනවා. ඇත්තටම මේ මොකක්ද වෙන්නෙ කියලා තාම කිසිවෙක්ටම අදහසක් නෑ. මේක දේව පළිගැනීමක් විදියට තමයි සලකන්නේ.

    මේ මිණීමැරුම් දෙවියන් කරන දෙයක්ද? ඇයි අඟහරුවාදම මේ මිණීමැරුම් වෙන්නේ? මේ දේවල් වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.



    Previous Episodes
    සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥
    සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode 02]
    film eka beluwa machan , supiri film eka . tawa me wage ewa set unot kiriye apita recommend karanna macho ;) TFS !
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    අර ගමේ නායකයා වගේ බුවාගෙ ගෑනි තමා සුපිරිම ඈ 😍 මරු කද 😛