🔰 Fiber Optic Technology ගැන 🔰

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,230
    5,923
    113
    United States
    ඔන්න අදත් කතා කරන්න ගත්තා අපිට හුරුපුරුදු ඇහිලා තියෙන තාක්ෂණයක් එහෙමත් නැත්නම් කේබල් වර්ගයක් Fiber Optic Cable ගැන. මේ වචන කලින් ඇහිලා ඇති නේද? ඔව් හැබැයි මේක ටිකක් විතර advance technology එකක්. කතා කරමු ඒ ගැන.

    lZh6J3URmUWqgsKAO-wlUi0m_JmZk0FHltIGU6D0VaTdF1nXKWzkCMyDbUIGGtikc8U3SRBA9Ual5zCV6SgulL5SbAYOzJN9pr1C1gupAMQHsN2Hpq47rl1rEBP0HIRC-vOZqz5eh3qY1r1N40WL7coOvu7uVyOgbEoGBHM

    මොකද්ද මේ Fiber Optic තාක්ෂණය කියන්නේ. සරල විදියට දෙන්න පුළුවන් උත්තරේ තමයි රටවල් අතර , එහෙමත් නැත්නම් රටවල් පුරා අන්තර්ජාලය බෙදා හැරීම උදෙසා පාවිච්චි කරන තාක්ෂණයක්. එ කියන්නේ කලින් අපි කතා කරපු කේබල් වගේ අඩි ගණන් මීටර් ගණන් වගේ කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන්න නෙමේ.කෙලින්ම කිලෝමීටර් දස දහස් ගණන පුරා දත්ත බෙදා හැරීමට යොදා ගන්නා විදියක් තමයි මේ. සාගර හරහා අන්තර්ජාල සේවා සැපයීම උදෙසා එලා ඇති කේබල්ද මේ ගණයට අයත් වෙනවා.

    ලංකාවේ ඕගොල්ලෝ දැකලා ඇති ඔය පොලොව හාරලා මග දෙපස ෆයිබර් කේබල් ඇදලා තියෙනවා එහෙම මෙන්න මේ විදියට

    stock-photo-road-excavation-for-the-laying-of-optical-fiber-for-very-high-speed-internet-302650592.jpg


    හරි දැන් අපි තාක්ෂණික පැත්ත ගැන කතා කරන්න පටන් ගනිමු. මේ කේබල් වල දත්ත සම්ප්‍රේෂණ වේගය එහෙමත් නැත්නම් data transfer speed එක මනින්නේ GB වලින්.හොදට මතක තියාගන්න GB කියලා කියන්නේ ගිගා බයිට් (Giga Byte) නෙමේ ගිගා බිට් හොදද(Giga Bit). තත්පරේට ගිගා බිට් ස්පීඩ් එකෙන් තමයි වේගය මනින්නේ.කොහොමට ඇත්ද නේද වේගේ? (Gbps) මේකේ ස්පීඩ් එක.

    • කේබල් එකේ ප්‍රමාණය
    • වර්ගය
    • තන්තුවේ ප්‍රමාණය කියන සාධක මත වෙනස් වීමට ඉඩ තියෙනවා.

    අපි මේ කියන Optical Fiber නැත්නම් Fiber Optic ගැන ගැඹුරට කතා කරගෙන යමු. හරි මේ කියන Optical Fiber එකක් හරියටම මිනිස් හිසකෙස් ගසක විෂ්කම්භයට සමාන කිලොමීටර් ගානක් දිග අති පිරිසිදු වීදුරු මාදිලියකින් තනන ලද කඹයක් වගේ එකක්.

    FiberOptic.jpg


    මතක තියාගන්න මෙහිදී ගමන් කරන්නේ ආලෝක ධාරාවක්. එකියන්නේ දත්ත ගමන් කරන්නේ ආලෝක සංඥාවක් විදියට. ඒ සංඥාව වීදුරු නාලය දිගේ එහි බිත්ති මත වර්තනය වෙමින් එක දිගට ගමන් කිරීමක් සිදුවෙනවා. මෙන්න මේ වගේ

    fiber-optic-transmission.gif


    ඔන්න ඔය විදියට වීදුරු නාලය දිගේ වර්තනය වෙමින් එක දිගට ගමන් කරනවා.තවත් දෙයක් තමයි කොච්චර බාහිරින් වංගු වගේ තිබ්බත් මේ රූපේ විදියට නාලයට ඇස් මට්ටම තියලා බලන්න හැකියාවක් තියේනම් අනිත් කෙලවර පැහැදිලිව දැක ගැනීමේ හැකියාව තියෙනවා. පුදුමයි නේද. හැබැයි මේ Optical Fiber ශරීරයටනම් බෙහෙවින් අහිතකරයි කියලා තමයි පැවසෙන්නේ.මොකද ලේසර් බීම් එකක් තමයි ගමන් කරන්නේ.එක නිසා අපි ඒකට නිරාවරණය උනොත් බෙහෙවින් දරුණු පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩ සහිතයි.ඒ හේතුව නිසාම තමයි ගුවන්මගින් කණු මත පිහිටවන්නේ නැතුව සෑමවිටම භුගත ක්‍රමේට මේ කේබල් එලන්නේ.

    දැන් බලමු කොහොමද මේ Optical Fiber හැදිලා තියෙන්නේ කියලා

    Cable-Structure-Still.jpg


    මෙන්න තියෙනවා Optical Fiber එකක හරස්කඩක්. බලන්න මේක දිහා.
    මේකේ core කියලා හදුන්වලා තියෙන වීදුරු නාල මගින් තමා ආලෝක සංඥා හරහා දත්ත සම්ප්‍රේෂණය වන්නේ. ඒක තමයි දත්ත ගමන් කරන මාධ්‍යය මේ කේබල් එකේ.

    සැයු- Optical Cable එකක් කියලා කියන්නේ ලමයිනේ හැම තිස්සෙම තනි (එක්) ප්‍රකාශ තන්තුවක් වෙන අතර Fiber Optical කේබල් එකක් කියලා හදුන්වන්නේ මේවගේ ප්‍රකාශ තන්තු සිය ගාණකින් සමන්විත කේබල් එකක් කියලා හිතට ගන්න.


    Cladding - - මේක තමයි core නමින් හැදින්වෙන වීදුරුනාලය වටේ දිවෙන ආරක්ෂක පටලය තමයි මේ. මේකේ ක්‍රියාවලිය තමයි core නමින් හඳුන්වනු ලබන වීදුරු නාල දීගේ ගමන් කරන ආලෝක ධාරා මේ cladding කියන ආරක්ෂක පටලයේ වැදිලා නැවතත් core එක තුළටම පරාවර්ථනය වෙනවා. ඔන්න ඕකයි සිස්ටම් එක. නැවත නැවතත් cladding එකේ වැදිලා වැදිලා පරාවර්ථනය වීම නිසා ආලෝක ධාරා අඩු වීමක් (lose) සිදු වෙන්නේ නෑ.දිගටම මේ ක්‍රියාවලිය ස්ථායීව සිදුවීම නිසා බොහෝ දුරක් දත්ත ක්ෂය වීමකින් තොරව ගමන් කරවන්න පුළුවන්.

    Strength Member - මේක Optical කේබල් එකේ ආරක්ෂාවට යොදන ආවරණයක් කිව්වෝත් වඩාත් නිවැරදියි. ඒ කියන්නේ තෙතමනයෙන් හා ජල කාන්දුවලින් ආරක්ෂා වීමට තමයි මේ ආවරණය තියෙන්නේ.

    Outer Jacket - Optical කේබල් සිය දහස් ගණනක් එකතු වෙලා තමයි Fiber Optical කේබල් එක හැදිලා තියෙන්නේ.ඒ වගේ සැදුම් ලත් කේබල් එකක ආරක්ෂාවට තමයි මේ Outer Jacket එක නිපදවලා තියෙන්නේ.

    මේ විදියට සදහන් කරපු Optical ‍Fiber කේබල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

    1. Single Mode Fiber
    2. Multi Mode Fiber
    download.png


    මෙන්න තියෙනවා මේ කියන මාදිලි දෙක පිළිබද සවිස්තර සටහනක්. මේක කියවලා බලන්න පුළුවන් නේද. ආයේ මම මේකම ටයිප් කරන්න ඕනේ නෑනේ.

    optical-fiber-cables-an-introduction-26-638.jpg


    මේ විදියට කතා කරපු Fiber Optical  කේබල් වලින් මොනවද අපි ගන්න වැඩ කියලා බලමුද?

    • පරිගණක ජාල ගත කිරීම් සිදුකිරීම සදහා
    • කේබල් ටීවී පහසුකම් ව්‍යාප්ත කිරීම
    • විදුලි සංදේශ කටයුතු ව්‍යාප්ත කිරීම සදහා
    • සාගර මාර්ග ඔස්සේ අන්තර්ජාල රැහැන් පද්ධති සකස් කිරීම සදහා
    • cctv කැමරා පද්ධති සදහා
    තව මේ වගේ එකී මෙකී නොකී දහසකුත් දේවල් සදහා මේ කියන Fiber Optical කේබල් භාවිතා කරනවා.

    ©️
    SL MULTIMEDIA TUTORIAL

    1626011327606-png.134824

    හැමෝටම සුභ දවසක්...😍🤗...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    20,319
    1
    31,604
    113
    තාම ලන්කාවේ
    Good

    හැබැයි මේ Optical Fiber ශරීරයටනම් බෙහෙවින් අහිතකරයි කියලා තමයි පැවසෙන්නේ.මොකද ලේසර් බීම් එකක් තමයි ගමන් කරන්නේ.එක නිසා අපි ඒකට නිරාවරණය උනොත් බෙහෙවින් දරුණු පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩ සහිතයි.

    ලන්කාවේ ෆයිබර් ඈදලා තියෙන්නේ කණු දිගේ තමා.. මේ ලේසර් බීම් එකෙන් පිලිකා ඈති වෙන කතාව බොරුද?
     
    • Like
    Reactions: Stimulus mind

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,230
    5,923
    113
    United States
    Good

    හැබැයි මේ Optical Fiber ශරීරයටනම් බෙහෙවින් අහිතකරයි කියලා තමයි පැවසෙන්නේ.මොකද ලේසර් බීම් එකක් තමයි ගමන් කරන්නේ.එක නිසා අපි ඒකට නිරාවරණය උනොත් බෙහෙවින් දරුණු පිළිකා තත්වයන් පවා ඇති වීමේ ඉඩකඩ සහිතයි.

    ලන්කාවේ ෆයිබර් ඈදලා තියෙන්නේ කණු දිගේ තමා.. මේ ලේසර් බීම් එකෙන් පිලිකා ඈති වෙන කතාව බොරුද?
    එ උනාට අපේ ගෙවල් පැත්තෙනම් Fiber කෙබල් ඇදලා තියෙන්නෙ පොලොව යටින් bm... :D:D
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,139
    9,478
    113
    ලංකාවේ.. ලංකාවේ
    1629704015323.png


    update එකක් හෝ පොඩි විතරයක් දාපන් ඔය පොස්ට් එකටම අපි හැමෝම ඉස්සරලාම fiber ඔප්තික් දැක්කේ මේ වගේ නිවෙස් වැල තියන මේ ජාතිය විසිතුරු ලාම්පුවෙන්.

    නියමයි.... keep it up :love: :love: :love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,356
    113
    කුරුණෑගල
    DP එකේ ඉඳල ගෙදර අර සුදු පෙට්ටියට එන වයර් එක තියෙන්නෙ පොඩි කහ පාට තීරුවක් තියෙන එක. හයිකරද්දි දිග වැඩි හින්ද ඕකෙ මීටරේක කෙලවරින් කෑල්ලක් කපල දාල ගියපු හින්ද මන් බැලුව මොනාද තියෙන්නෙ කෝ ෆයිබර් එක කියල, ඒකෙ තිබ්බෙ ස්ටීල් කම්බි දෙකක් විතරනෙ යකඩමද කියල බලන්න මල්ටිමීටරේටත් ගහල බැලුව,, අර කේබල් එකේ තියෙන කනු අතර අදින කම්බිය ගැන නෙමේ කියන්නෙ ආ. 0.3mm කම්බි දෙකක්.