🔴පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය🔴

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    🔴පළමු මනාපය සහ දෙවැනි මනාපය- සරළ විග්‍රහය🔴

    පළමු මනාපය යනු ඔබ කැමතිම අපේක්ශයාට දෙන එකකි.

    දෙවන මනාපය යනු ඔබ අකැමතිම අපේක්ශයා බලයට ඒම වැළැක්වීම වෙනුවෙන් දෙන්නකි.

    දෙවැනි මනාපයක් යෙදීමෙන් කිසි ලෙසකින් ඔබගේ අංක එකේ තේරීමට හානියක් හෝ අගතියක් සිදු නොවේ.

    එය මෙසේ පෙන්විය හැකිය.

    ඔබ A කියන පුද්ගලයාට මනාප කෙනෙකි. B ට ටිකක් කැමතිය. හැබැයි යම් හෙයකින් A නාවොත් කරන්නට දෙයක් නැති නම් විතරය. හැබැයි C කියන්නෙ ඔබට එපාම කරපු එකාය. නමුත් ඔහු ජය ගැනීමට පොඩි සිට ලොකු දක්වා කවර ආකාරයක වුවද ඉඩක් ඇත. D සහ E යනු ජනප්‍රිය වුනත් ජයග්‍රහණයක් ගැන සමීකරණයක් ගැන හිතන්නට බැරි උන්ය.

    ඔබ ඔබගේ පළමු මනාපය A ද දෙවැනි මනාපය Bටද දුන්නා යැයි සිතමු.

    අවසානයේ පළමු වටය අවසානයේ ගණනය කිරීම් වලදි මෙසේ වුනේ යැයි සිතමු.

    A 15
    B 35
    C 40
    D 05
    E 05
    Total= 100

    පළමු වටයෙන් දෙවැනි වටයට යන්නෙ පළමු වටයේ ඉහළම මනාප ගණනක් ලබාගෙන ඇති දෙදෙනා පමණි.

    ඒ අනුව දෙවැනි වටයට සුදුසුකම් ලබන්නෙ B සහ C ය. අනිත් අයගෙ ජනාධිපති හීනය ඉවරය. B සහ C ට කතිරය විතරක් හෝ පළමු මනාපය පළ කෙරූ සියලු ඡන්ද පත්‍රිකා පැත්තකින් තියනවා ඇත. ඒ කියන්නෙ ඡන්ද පත්‍රිකා 100න් 75ක් ( B-35 සහ C-40 එකතූව 75ක්) පැත්තකින් තබනු ඇත.

    ඉතුරු ඡන්ද පත්‍රීකා 25 යනු A/D/E යන අයට කතිරය විතරක් හෝ පළමු මනාපය ගැසූ අයගේ ඡන්ද පත්‍රිකාය. එයින් කතිරය විතරක් සළකුණු කෙරූ පත්‍රිකාද ඉවත් කෙරේ.

    එසේ බලන කළ දෙවැනි මනාපය පල කෙරූ ඡන්ද පත්‍රිකා 15ක් තිබ්බා යැයි සිතමු.

    A - 10
    D- 03
    E- 02

    මෙම 15න් ද අදාළ වන්නෙ B ට හෝ C ට දෙවැනි මනාපය පළ කෙරූ ඡන්ද පත්‍රිකා පමණකි. ඒ අනුව මේ 15න් 12ක B ට හෝ Cට දෙවැනි මනාපය පළ කර තිබුණා යැයි සිතමු. දැන් ඡන්ද සංඛ්‍යාව හැදෙන්නෙ B සහ C ගෙ ඡන්ද සංඛ්‍යාවට මේ 12 එකතු වෙලාය.

    ඒ කියන්නෙ දැන් 50% බලන්නෙ මෙහෙමයි.දැන් අනිවාර්යයෙන්ම දිනන කෙනාට 50% අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත.

    B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35
    C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40
    B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12

    එකතුව 87

    එයින්,
    B ට හෝ Cට දෙවැනි මනාපය ගැසූ 12න්,

    B ට දෙවැනි මනාප 9කි. Cට දෙවැනි මනාප 3කි.

    දැන් අපි එකතු කර බලමු.

    B ට පළමු මනාපය හෝ කතිරය ගැසු 35
    B ට දෙවැනි මනාපය ගැසූ 9
    B ගේ එකතුව 44

    C ට පළමු මනාපය හෝ කතිරය ගැසූ 40
    C ට දෙවැනි මනාපය ගැසූ 3
    C ගේ එකතුව 43

    B ගෙ ප්‍රතිශතය 44/87 = 50.57%
    C ගෙ ප්‍රතිශතය 43/87 = 49.43%

    පළමු මනාපයෙන් C 40%ක් අරගෙන ඉහළින් හිටියත්, පළමු වටය අවසානයේ 35%ක් අරගෙන දෙවැනියට හිටපු B දෙවැනි වටය අවසානයේ 50% ක බහුතරයක් අරගෙන ජනාධිපති වෙනවා මේ උදාහරණයට අනුව.

    මෙතනදි ඔයාලට තේරෙන්න ඕන තමන්ගෙ දෙවැනි මනාපය සැලකිල්ලට භාජනය වෙනවා කියන්නෙම තමන්ගෙ පළවෙනි මනාපය ජනාධිපතිවරයා තෝරන සටනෙන් මුල් ස්ථාන දෙකෙන් එළියට විසි වෙලා තියෙන්නම ඕන. ඉතින් දෙවැනි මනාපය කියන්නෙ කිසිම විදියකින් තමන් සහය දෙන අපේක්ශකයට හානියක් හෝ අවාසියක් කරන දෙයක් නෙමෙයි. හැබැයි තමන් අකැමැතිම අපේක්ශයෙක් ජනාධිපති වෙන්න යම් අවස්ථාවක් තියෙනවා නම්, අන්න ඒක ඔබට හැකි ආකාරයෙන් වළක්වන්න දෙවැනි මනාපය යොදා ගන්න පුලුවන්.

    උදාහරණයේ විදියට A ට පළමු මනාපය දුන්නු කෙනාට එයාගෙ කැමතිම කෙනා දිනවන්න බැරි වුනාට දෙවැනි මනාපය නිසා එයා අකැමතිම C කියන අපේක්ශකයා ජනාධිපති වීම අවහිර කරගන්න පුලුවන් වුනා. බලන්න ඔබට හිමි පරමාධිපත්‍ය බලයට මෙච්චර කල් පාවිච්චි නොකරපු options කොච්චර තියෙනවද කියලා.

    මේ පාර try කරල බලන්න.. ආස හිතෙයි. 😄


    From FB

     
    • Like
    • Love
    Reactions: haunte and DHE

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අනුර හෝ සජිත් නම් කතිරේ ගහන්.

    අනික් ඒවුන් නම් මනාප ගහන්.

    Dewani manapayenuth 50% ganna puluwan candidate kenek hitiye nathnam moko karanne?

    50%ක් ඔන් නෑ දෙක ගනිනවන්ම. බැරි වෙලා හරි සමානයි නම් තෙවැනි මනාපය ගනිනවා.

    ඒත් බැරි නම් ටොස් එක.
    ------ Post added on Sep 9, 2024 at 4:25 PM
     
    • Like
    Reactions: OpenSpace

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    1,2,3 kiyala 3 denekwa mark karanna puluwan neda

    ඔව්
    Ekathu karalath 50% panne nathnam mokada wenne
    ------ Post added on Sep 9, 2024 at 4:31 PM
    එහෙම ඕනි නෑ දෙක ගයිනව නන්.

    රුචිරගේ පැහැදිලි කිරීම බලන්න. ඒක හොඳට කියල දෙනවා එක.
     
    • Like
    Reactions: Real Slim Shady

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල්ට දෙන හැමෝම මේ පාර දෙවනි මනාපෙ අනුරට තමයි

    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:


    Happy Lets Go GIF by Major League Soccer
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    1-4% වගේ තමයි දෙවෙනි මනාපෙ ගහන්නේ. ඊට වඩා පිරිසක් වැරදි ලකුණු වලට කතිරෙ ගහනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ උන් දෙවැනි මනාපේ ගහන්න ගිහිල්ල කොහොමහරි චන්දෙ අවලගු කරගන්නවා. එක නිසා මේක කියල දෙන්න යන්න නරකයි/
     
    • Like
    Reactions: haunte

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,489
    113
    අපේ උන් දෙවැනි මනාපේ ගහන්න ගිහිල්ල කොහොමහරි චන්දෙ අවලගු කරගන්නවා. එක නිසා මේක කියල දෙන්න යන්න නරකයි/
    Thaman kamati ekata eka gahala ita passe uta kohethma enna bari unot enwt kamati ekata deka gahanna kiwwann hri
     
    • Like
    • Love
    Reactions: Kalegana and haunte