🔴බ්‍රෙකින්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    නිදහස් පක්ෂය හා පක්ශ 11 සන්විධානය හා ස්වාධීන වු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට සහය පල නොකිරිමට තිරනය කෙරේ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය

    රනිල්ට ශ්‍රීලනිප හා පක්ෂ 10 පිල සහය නැතිව යයි - සජබ කවුරුත් නෑලු රාජිතත් බෑ කිව්වලු​


    ranil-majority-in-trouble


    අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන රජයක , කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්⁣ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
    නව ආණ්ඩුවට සහාය නොදීමටත්, ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව සාකච්ජා පවත්වා මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

    මේ අතර පක්ෂ 10 කන්ඩායම ස්වාධීන ලෙස පාර්ලිමේන්තුවේ සිටීමට තීරණය කළ බව දන්වා ඇත.

    පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
    ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. නමුත් තමා එක් නොවූ බවද පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කර ඇත්තේ තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ අරමුණ ඇතිව බවට සමගි ජන බලවේගය මේ අතර අද චෝදනා කර තිබුනි.

    මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කලේ.තම පක්ෂයේ කිසිවෙකුත් නව රජයට එක් නොවන බවයි ඔහු අභියෝග කලේය.
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox