Zoonotic Henipavirus යන කාණ්ඩයට අයත්වෙන මේ වෛරසයෙ මරණ අනුපාතය 40%-75% අතර අගයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලංකාදීප පුත්පතෙන් උපුටා ගත්තකි,
නැගෙනහිර චීනයේ ‘Langya' වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
‘Langya’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වයිරසයකි. මෙම වෛරසය සදහා කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බව පැවැසෙයි.
‘Langya’වෛරසය ව්‍යාප්තියක් පිළිබඳ චීනයෙන් මෙසේ වාර්තා වන්නේ ‘කොවිඩ් 19’ නව කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වී වසර 3 ක් ගත වෙද්දීය. ‘කොවිඩ් 19’ වෛරසය ආරම්භ වූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ‘Langya’ වෛරස ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලිනි.
තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද 'Langya’ වෛරසය සමත් වෙයි.
වැඩිදුර තොරතුරු
What we know about Langya, the new virus detected in China
Dozens in China Infected With New ‘Langya’ Virus Carried by Shrews
China races to identify transmission of Langya henipavirus after 35 cases identified in Shandong and Henan provinces