ඒ අනුව ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව අද උදෑසන 8 වනවිට පැවතියේ සීමා සහිත ඉන්ධන තොගයක් පමණයි. ඒ අනුව කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා පර්යන්ත දෙකෙහි ඩීසල් මෙට්‍රික්ටොන් 9,222 ක් සහ සුපර් ඩීසල් මෙටි්රක් ටොන් 244 ක් පවතින බවයි වාර්තා වුණේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 871 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,992 ක තොගයක්ද අද පෙරවරුව වනවිට ගබඩා පර්යන්තය සතුව තිබෙනවා.
බලශක්ති අමාත්‍යංශ දත්තවලට අනුව මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3500 ත් 4000 අතර වනවා. දෛනික ඩීසල් පරිභෝජනය වන්නේ මෙට්‍රික් ටොන් 6600 ත් 8000 අතර ප්‍රමාණයක්.
ඉදිරි දින කිහිපය තුල ඉන්ධන බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙනවා.
---- Hiru
තව Breaking News එනවා! සුදානම් වන්න